slc
Home   |    News
සැප්තැම්බර් 30, 2019
පාකිස්තානය පන්දුවට පහර දෙයි – කණ්ඩායමට දිරිදෙන්න ක්‍රීඩා ඇමැතිත් කරච්චි එයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර අද (30 දා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනූ සත්කාරක පාකිස්තානු නායක ශෆ්‍රාස් අහමඩ් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. දෙරට අතර පැවැති පළමු තරගයට වර්ෂාව හරස්වීම නිසා අත්හැර දැමුණු නමුත් අද දිනයේදී තරගය නියමිත වේලාවට ආරම්භ කෙරෙනු ඇත.

පෙර තරග මෙන් නොව අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය මුළුමනින්ම වෙනස්ව තිබෙන නමුත් තිරිමාන්නගේ නායකත්වය යටතේ දැඩි තරගයක් දීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පිල පසුවේ. මෙම තරගයට පෙර පිවිසුම් ලිපියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය සඳහන් කළ 11 දෙනාම අද තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටීම විශේෂත්වයක් වේ.

පාකිස්තානයට අද දිනය දිනය රාජකාරී දිනයක් බැවින් තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණය වෙත එතරම් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණ තිබෙනු දක්නට නොහැක. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දිරි දීමක් වශයෙන් අද  තරගය නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද කරච්චි වෙත පැමිණ සිටින අතර ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා සහ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැමිණ සිටිති.  

ශ්‍රී ලංකා කණ්ඩායම – ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න (නායක) ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, ඉසුරු උදාන, වනිඳු හසරංග, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර.

පාකිස්තානු කණ්ඩායම – ෆකර් සමාන්, ඉමාම් උල් හක්, බාබර් අසාම්, හැරිස් සොහෙල්, ඉෆ්තිකාර් අහමඩ්, ශෆ්‍රාස් අහමඩ්, ඉමාඩ් වසීම්, වහාබ් රියාස්, ශාදාබ් ඛාන්, මොහොමඩ් ආමර්, උස්මාන් ඛාන් ශින්වාරි.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest