slc
Home   |    News
සැප්තැම්බර් 19, 2019
පාකිස්තානු සංචාරය ස්ථීර වෙයි

Sri Lanka Cricket

පාකිස්තානයේ රැදී සිටින මුළු කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂක විධි විධාන ලබා දෙන බවට පාකිස්තානු රජය ලබා දී තිබෙන සහතිකය අනුව සැලසුම් කළ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානු තරග සංචාරයට සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය තුළ රැඳී සිටික කාල සීමාවේදී කිසිදු ත්‍රස්තවාදී තර්ජනයක් තිබෙන බවට කිසිදු බුද්ධි අංශයකින් තොරතුරු අනාවරණය වී නොමැති බවට ආරක්ෂක ලේකම්වරයා වෙනුවට කටයුතු කරන ජාතික බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ජේ. ආර්. කුලතුංග මහතා විසින් නිල වශයෙන් දැනුම් දීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු ඉහත තීරණය ගෙන තිබේ.

අදාළ තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට වූ කිසිදු තොරතුරක් එරට මහකොමසාරිස් කාර්යාලයට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද එම ලිපියෙන් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

මේ අතර අදාළ තරග සංචාරයට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධව කරුණු දක්වමින් පාකිස්තානු රජය විසින්ද විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් පහත සඳහන් ආරක්ෂාවක් ලබා දෙන බවට සහතික කර තිබේ.

  1. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාකිස්තානු රජය විසින් ඉතාඉහළ සැලකිල්ලක් දක්වන බව.
  2. ආරක්ෂාව සම්බන්ධ සියළු සම්බන්ධීකරණ කටයුතු පාකිස්තානු හමුදාව විසින් සිදු කරන බව.
  3. රාජ්‍ය නායකයකුට ලබා දෙන ආරක්ෂාව හා සමාන ආරක්ෂාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා පාකිස්තානු රය විසින් ලබා දීම.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය යොදා ගත් පරිදිම ලබන අගෝස්තු 27 වැනිදා ආරම්භ වනු ඇත. උක්ත සංචාරය සඳහා වන අනුමැතිය ඉකුත් අගෝස්තු 22 වැනිදා සහ සැප්තැම්බර් 16 වැනි දිනයන්හි රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී ලබා දී තිබේ.

සති 2 කට ආසන්න කාලයක් පුරා විහිදෙන මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිල කරච්චි නුවරදී එක්දින තරග 3 කටද ලාහෝර්හිදී විස්සයි-20 තරග 3 කටද සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන 24 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest