slc
Home   |    News
සැප්තැම්බර් 8, 2019
මාලිංගගේ දක්ෂතාව නිසා විස්සයි-20 ශ්‍රේණිගත කිරීමත් හෙළවෙයි

Sri Lanka Cricket

නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි වෙනසක් සිදු කරමින් ඉදිරියට පැමිණීමට ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සමත්ව සිටියි.

විස්සයි-20 ක්‍රිකට් තරගවල මෙතෙක් බිහි වුණු විශිෂ්ඨතම පන්දු යවන්නා ලෙසින් සැලකෙන ලසිත් මාලිංග, නවසීලන්තයට එරෙහිව පැවැති අවසන් විස්සයි-20 තරගයේදී පිට පිට පන්දු 4 ක් ඇතුළත දවා ගන්නා කඩුලු 4 ද ඇතුව ලබා ගත් කඩුලු 5 හේතුවෙන් 21 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මාලිංගට අවස්ථාව උදා වී තිබේ.

මෙම තරගාවලිය ආරම්භයට පෙර 41 වැනි ස්ථානයේ රැඳී සිටි මාලිංග මෙම තරගාවලියේදී කඩුලු 7 ක් දවා ගැනීමට සමත්විය. මාලිංගට අමතරව පළමු තරග 2 දී පිතිකරුවකු ලෙස දක්ෂතා දැක්වීමට සමත් වූ කුසල් මේඩිස් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ස්ථාන 33 ක් ඉදිරියට පැමිණෙමින් 40 වැනි ස්ථානයේද නිරෝෂන් දික්වැල්ල ස්ථානය 28 ක් ඉදිරියට පැමිණෙමින් 54 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටින අතර පන්දු යවන්නන් අතර ඉසුරු උදාන 50 වැනි ස්ථානයටද ලක්ෂාන් සඳකැන් 70 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ වෙති.

කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම යාවත්කාලීනයට අනුව ශ්‍රී ලංකාව තවමත් 8 වැනි ස්ථානයේ රැදී සිටියි. පාකිස්තානය එම සටහනේ පෙරමුණේ පසුවද්දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූ නවසීලන්තය 6 වැනි ස්ථානයේද රැඳී සිටියි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest