slc
logo
Home   |    News
සැප්තැම්බර් 3, 2019
ශ්‍රී ලංකා කණ්ඩායමටම දඩ

Sri Lanka Cricket

නවසීලන්තයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයේදී නියමිත කාල වේලාවේදී පන්දුවාර සංඛ්‍යාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම මත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඇතුළු කණ්ඩායමේ සාමාජිකයින් 11 දෙනා හටම සිය තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

කඩුලු 5 ක පරාජයක් ශ්‍රී ලංකාවට අත්විඳීමට සිදුවූ මෙම තරගයේදී විසි වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව දක්වා තරගය ඇදී ගියත් ඒ වෙනුවෙන් වෙන්කර තිබෙන කාලය ඇතුළත පන්දුවාර සංඛ්‍යාව යැවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අසමත් වූහ. අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ගත කරන ලද කාලය සැලකීමේදී නියමිත කාල සීමාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දුවාර 2 ක් පසුපසින් සිට තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩකයින් සහ සහායක පිරිස් වෙනුවෙන් පනවා තිබෙන චර්යා ධර්ම පද්ධතියේ 2.22 වගන්තියට අනුව නියමිත කාලයට වඩා කාලය ගත කරන එක් පන්දුවාරයක් පාසා එම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 20% ක මුදලක් දඩ වශයෙන් අය කර ගනු ලබයි. එම තත්ත්වය අනුව පන්දුවාර 2 ක්ම ප්‍රමාද වී යැවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය තරග ගාස්තුවෙන් 40% ක ප්‍රමාණයක් අහිමිවී තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee