slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2019
ක්‍රිකට් තනතුරු රැසකට පණ පෙවූ මයිකල්ට කළු පටි පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ගෞරව දක්වයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විධායක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරන ලද මයිකල් ද සොයිසා මහතාගේ හදිසි අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණගාටුව පළ කර සිටියි. මිය යන විටත් මයිකල් ද සොයිසා මහතා 73 වැනි වියේ පසු වූවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙසින්ද කීහිප වතාවක්ම කටයුතු කර ඇති ඒ මහතා කාලාන්තරයක් තිස්සේ මෙරට ක්‍රිකට් පරිපාලනයේ තවත් ගෞරවනීය තනතුරු කීපයක්ම දරා ඇත. දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවයට ගෞරව දැක්වීමක් වශයෙන් පාකිස්තානය සමඟ අද පස්වරුවේ ආරම්භ වීමට නියමිත දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කළු පටි පැළඳ ක්‍රීඩා කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, සොයිසා මහතාගේ අභාවය පිළිබඳව ඔහුගේ පවුලේ උදවියට දැඩි ශෝකය ප්‍රකාශ කර සිටියි. “මයිකල් යනු චරිතවත්, ක්‍රියාශීලී මානසිකත්වයක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔහුගේ නික්ම යෑම ක්‍රිකට් ක්‍රීඩාවට තදින්ම දැනේවි”යි ඈෂ්ලී ද සිල්වා මහතා වැඩිදුරටත් පවසයි.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

USD United States (US) dollar