slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2019
කුසල් – ෂෙහාන් හෙට තරගයට නෑ

Sri Lanka Cricket

සංචාරක නවසීළන්ත කණ්ඩායම සමඟ හෙට (06 දා) මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි විස්සයි-20 තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරියට අහිමිව තිබේ. ශ්‍රී ලංකාවට කඩුලු 4 ක පරාජයක් අත්වූ දෙරට අතර ඉකුත් 03 වැනිදා පැවැති තරගයේදී උඩ පන්දුවක් රැක ගැන්මට යෑමේදී දෙදෙනාම එකිනෙකා ගැටුණු අතර දෙදෙනාම ආබාධයකට ලක්වීම ඊට හේතු වී තිබේ.

මෙම තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී මොවුන් දෙදෙනා එකිනෙකා ගැටිණ. මිචෙල් සැන්ට්නර් විසින් එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙස ලෝන් ඕන් සහ මිඩ් විකට් කළාපය අතරට ඇදී ගිය අතර ඒ සඳහා දිව ගිය ෂෙහාන් උඩ පන්දුව රැක ගැනීමට සමත්වූවේය. එහෙත් උඩ පන්දුව පිළිබඳවම අවධානය තබා පැමිණි කුසල්, ෂෙහාන්ගේ ඇඟේ වැදීම මත දෙදෙනාම දෙපසට විසි වී ගියහ.

උඩ පන්දුව රැක ගනු ලැබුවද සමබර තාවය ගිලිහී යෑම නිසා ෂෙහාන්ව හතරේ සීමාව මතට වැටුණු බැවින් දැවී යෑමක් වෙනුවට එය නවසීලන්තයට හිමි ලකුණු 6 ක් බවට පත්විය. එම ගැටීමේදී මෙන්ඩිස් දණහිසේ ආබාධයකටද මුහුණ දුන් බැවින් එම්. ආර්. අයි. ස්කෑන් පරීක්ෂණයකටද මුහුණ දීමට නියමිත විය.

කෙසේ වෙතත් හෙට තරගය අවසන් විස්සයි-20 තරගය බැවින් මොවුන් දෙදෙනා වෙනුවට තවත් ක්‍රීඩකයින් දෙපළක් කණ්ඩායමට ආදේශ නොකිරීමට ක්‍රිකට් තේරීම් වලදී තීරණය වී තිබේ. තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලියේ පළමු තරග 2 ම ජය ගෙන සිටින නවසීලන්ත කණ්ඩායම හෙට තරගයට පෙර 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සමත්ව තිබේ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee