slc
logo
Home   |    News
සැප්තැම්බර් 26, 2019
දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට බැඳෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා ඇති ඉදිරි පෙළ පිතිකරු කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අධිකාරිලත් නිලධරියකු ලෙස යුද හමුදාවේ සේවයට එක්වී තිබේ. යුද හමුදාවේ සේවයට එක්වීමත් සමඟ මෙතෙක් කලක් එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරන ලද චන්දිමාල් මේ වසරේ සිට යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම යටතේ පළමු පෙළ තරගාවලිය නියෝජනය කරනු ඇත.

මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහි කර තිබෙන යුද හමුදා කණ්ඩායමට චන්දිමාල්ගේ එක්වීමත් සමඟ තවදුරටත් ශක්තිමත් වනු ඇති බව එම කළමනාකාරීත්වයේ විශ්වාස වී තිබේ. පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම ස්ථානයක පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන චන්දිමාල් 2014 වසරේදී ශ්‍රී ලංකා පිල විස්සයි-20 ලෝක ශූරතාව දිනා ගත් කණ්ඩායමේ නිල නායකයා ලෙසින් කටයුතු කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 53 කට දායකත්වය ලබා දී සිටින චන්දිමාල් ශතක 11 ක් සමඟ ලකුණු 3768 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. එක්දින තරග 146 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මෙම දකුණත් පිතිකරුවා ශතක 5 ක්ද සමඟ ලකුණු 3599 ක් රැස් කරගෙන තිබේ. ඔහු රැස් කර ඇති ශතක 5 න් එක් ශතකයක් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ලබා ගැනීමට සමත්ව තිබේ. කලක් ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායකයා ලෙසින්ද කටයුතු කළ චන්දිමාල් තරග 54 කදී ශ්‍රී ලංකාව නියෝජනය කොට මුලු ලකුණු 800 ක් ලබාගැනීමට සමත්ව තිබේ.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

USD United States (US) dollar