slc
logo
Home   |    News
ජූනි 30, 2026
මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ නායක මල්ෂ තරුපති සහ කොළඹ ක්‍රිකට් සමාජයේ තිසරු වන්නිනායක සමත්වූහ.

ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී මල්ෂ පන්දු 56කින් වේගවත් ශතකයක් වාර්තා කළ අතර, එම ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 8ක් ඇතුළත් විය. ඔහුගේ ශතකයත් සමඟ මුවර්ස් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 315ක් රැස් කරමින් පළමු ඉනිමේ ජය හිමිකර ගත්තේය.

පන්දු යැවීමේදී කොළඹ ක්‍රිකට් සමාජයේ පා දඟ පන්දු යවන තිසරු වන්නිනායක ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේදී ලකුණු 62කට කඩුලු 11ක් දවා ගැනීමට සමත්වූවේය. ඔහු දෙවැනි ඉනිමේදී පමණක් ලකුණු 37කට කඩුලු 8ක් බිඳ හෙළමින් සිය කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 56ක විශිෂ්ට ජයක් හිමිකර දුන්නේය.

සති අන්තයේ පිතිකරණයෙන් කැපී පෙනුණු අනෙකුත් ක්‍රීඩකයන් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජයේ අමීෂ රසාංජන (59) සහ දිනෙත් පැහැසර (75), මුවර්ස් ක්‍රීඩා සමාජයේ විශාර ප්‍රනාන්දු (87) සහ රුවීන් ෆොන්සේකා (57), චිලව් මේරියන්ස් ක්‍රිකට් සමාජයේ දිනිත ද සිල්වා (57), නාවික හමුදා ක්‍රීඩා සමාජයේ යුනෙත් සෙනෙවිරත්න (57) සහ පානදුර ක්‍රීඩා සමාජයේ සුවහස් ප්‍රනාන්දු (50) අර්ධ ශතක වාර්තා කළහ.

පන්දු යැවීමේදී ලියෝ ක්‍රීඩා සමාජයේ විශ්ව පීරිස්, චිලව් මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 85කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතාව දැක්වීය.

  • බදුරලිය ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය
  • පළමු ඉනිමේ ජය බ්ලූම්ෆීල්ඩ්ට

බදුරලිය ක්‍රිකට් සමාජය  පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 183 යි (නිකිල් ජයවීර 39, රුසඳු සිල්වා 36, හංසමාන ද සිල්වා 29/4)

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 189 යි (අමීෂ රසාංජන 59, දිනෙත් පැහැසර 75)

  • ටැමිල් යුනියන් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය
  • මුවර්ස්ට පළමු ඉනිමේ ජයක්

ටැමිල් යුනියන් පළමු ඉනිම ලකුණු  206 සහ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 170 යි (විහස් තෙව්මික 96*, සහ 24, ජානුක රත්නායක 63, ඉඳුවර උදේන 65/4)

මුවර්ස් පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 315 යි (මල්ෂ තරුපති 100, විශාර ප්‍රනාන්දු 87, රුවීන් ෆොන්සේකා 57, විහස් තෙව්මික 52/4)

  • කොළඹ ක්‍රිකට් සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය
  • කොළඹ ක්‍රිකට් සමාජයට ඉනිමක සහ ලකුණු 56ක ජයක්

කොළඹ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ලකුණු 332 (සනූල් වීරරත්න 99, සරිත් සුදීන 73, වෙනුර විතානගේ 53)

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම ලකුණු 147 සහ දෙවැනි ඉනිම ලකුණු 129 යි (යුතික ද සිල්වා 59), තිසරු වන්නිනායක 25/3 සහ 37/8)

  • චිලව් මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ ලියෝ ක්‍රීඩා සමාජය
  • පළමු ඉනිමේ ජය චිලව් මේරියන්ස්ට

ලියෝ ක්‍රීඩා සමාජය පළමු ඉනිම ලකුණු 145 යි සහ දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 92 යි

චිලව් මේරියන්ස් පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 249 යි (දිනිත ද සිල්වා 57, විශ්ව පීරිස් 85/6)

  • ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය
  • පළමු ඉනිමේ ජය ඒස් කැපිටල් ට

ඒස් කැපිටල් පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 363 (වනුජ සහන් 89, සුපුන් වඩුගේ 76*, රචින්ත ද සිල්වා 50*)

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම ලකුණු 160 සහ දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 221 (යුනෙත් සෙනෙවිරත්න 57)

  • මහනුවර රේගු ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය
  • පළමු ඉනිමේ ජය පානදුරට

මහනුවර රේගු ක්‍රීඩා සමාජය පළමු ඉනිම ලකුණු 120 සහ දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 67 යි

පානදුර ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 231 (චාර්ය පරණවිතාන 84, සුවහස් ප්‍රනාන්දු 50)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee