ප්‍රීමා අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය
ප්‍රීමා අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (27) වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් දඹුල්ල කණ්ඩායම ලකුණු 29කින් පරාජය කළ කොළඹ දකුණ කණ්ඩායම තරගාවලියේ පිට පිටම දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
කොළඹ දකුණ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ දෙනෙත් පෙරේරා පිත්තෙන් ලකුණු 56ක් රැස්කළ අතර, පන්දුවෙන් ද ලකුණු 12කට කඩුලු 4ක් දවාගනිමින් තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.
පළමුව පන්දුවට පහරදුන් කොළඹ දකුණ කණ්ඩායමට පන්දුවාර 45 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 126ක් පමණි. ඉනිමේ කඩුලු එකින් එක බිඳ වැටෙද්දී දෙනෙත් පෙරේරා ලකුණු 56ක් රැස්කරමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
කොළඹ දකුණ ඉනිමේ හොඳම සම්බන්ධතාව වාර්තා වූයේ අවසන් කඩුල්ල වෙනුවෙනි. විතුම් රන්දිනු සහ දිනෙත් පෙරේරා එක්ව පන්දු 69කදී ලකුණු 42ක් රැස්කරමින් කණ්ඩායමට සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාව සලසා දුන්හ.
ලකුණු 127ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට කොළඹ දකුණ පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට නොහැකි වූ අතර, පන්දුවාර 37.5කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 97ක් පමණි. ජනිරු ජයසිංහ ලකුණු 28ක් සහ රිසිත් විජේසිංහ ලකුණු 26ක් රැස්කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.
පන්දු යැවීමෙන්ද කැපී පෙනුණු දෙනෙත් පෙරේරා ලකුණු 12 කට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙනෙද්දී ඔහුට අනගි සහායක් ලබාදුන් වෙතුම් රන්දිනු කඩුලු 2 ක් බිඳ හෙළුවේය.
කොළඹ දකුණ – පන්දුවාර 45කදී සියලු දෙනා දැවී 126යි – (දෙනෙත් පෙරේරා 56, ශනිල්ක දම්සර 20, චරින් ගයුක 10, නිශාන්තන් අර්වින්ත් 15/4, අංජන අබේකෝන් 19/2, මිතිල නිම්සර 32/2
දඹුල්ල – පන්දුවාර 37.5කදී සියලු දෙනා දැවී 97යි – (ජනිරු ජයසිංහ 28, රිසිත් විජේසිංහ 26, දෙනෙත් පෙරේරා 12/4, විතුම් රන්දිනු 13/2)





