slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2019
ක්‍රිකට් තනතුරු රැසකට පණ පෙවූ මයිකල්ට කළු පටි පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ගෞරව දක්වයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විධායක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරන ලද මයිකල් ද සොයිසා මහතාගේ හදිසි අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණගාටුව පළ කර සිටියි. මිය යන විටත් මයිකල් ද සොයිසා මහතා 73 වැනි වියේ පසු වූවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙසින්ද කීහිප වතාවක්ම කටයුතු කර ඇති ඒ මහතා කාලාන්තරයක් තිස්සේ මෙරට ක්‍රිකට් පරිපාලනයේ තවත් ගෞරවනීය තනතුරු කීපයක්ම දරා ඇත. දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවයට ගෞරව දැක්වීමක් වශයෙන් පාකිස්තානය සමඟ අද පස්වරුවේ ආරම්භ වීමට නියමිත දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කළු පටි පැළඳ ක්‍රීඩා කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, සොයිසා මහතාගේ අභාවය පිළිබඳව ඔහුගේ පවුලේ උදවියට දැඩි ශෝකය ප්‍රකාශ කර සිටියි. “මයිකල් යනු චරිතවත්, ක්‍රියාශීලී මානසිකත්වයක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔහුගේ නික්ම යෑම ක්‍රිකට් ක්‍රීඩාවට තදින්ම දැනේවි”යි ඈෂ්ලී ද සිල්වා මහතා වැඩිදුරටත් පවසයි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee