slc
logo
Home   |    News
සැප්තැම්බර් 26, 2019
වසර 10 කට පසු පාකිස්තානය මව්බිමේදී ශ්‍රී ලංකාව මුණ ගැසෙයි

Sri Lanka Cricket

ගෙවී ගිය වසර දහකයට අධික කාලය ඇතුළත පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්ම තරගාවලිය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය දැඩි ආරක්ෂක රැකවරණ මධ්‍යයේ හෙට (27 දා) කරච්චි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමුවැන්න ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30 ට ආරම්භ වනු ඇත.

දෙදහස් නවය වසරේ මාර්තු 03 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු පාකිස්තානය තුළ පැවැත්වෙන දීර්ඝතම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන මෙම තරගාවලිය දැඩි ආරක්ෂ රැකවල් මධ්‍යයේ පැවැත්වෙනු ඇත. එබැවින් මෙම තරගාවලිය ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වන තරගාවලියක් බවට පත්වනු ඇත.

මෑත කාලීන පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ සංධිස්ථානයක් ලෙසින් සැලකෙන මෙම දීර්ඝ සංචාරයට සහභාගිවීම සඳහා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම එරට ක්‍රිකට් අධ්‍යක්ෂක ශඛීර් ඛාන් මහතා ඇතුළු නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. පාකිස්තානයට ගොඩ බැසීමෙන් පසු ගෙවී ගිය දෙවැනි දිනයේදී ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් වල පමණක් නිරත වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රථම වතාවට අද (26 දා) එළි මහනේ සිය පුහුණුවීම් කටයුතු වළ නිරත වීමේ බලාපොරොත්තුවෙන් පසුවූහ.

දැඩි ආරක්ෂිත රැකවල් මධ්‍යයේ මෙම තරගාවලියට සහභාගිවී සිටින ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු එළිමහන් පුහුණු සැසිය අද සවස් කාලයේ ආලෝක ධාරා මධ්‍යයේ සිදු කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් මෙම පුහුණු සැසිය පැවැත්වීම සඳහා එකම බාධාව බවට අයහපත් කාලගුණය හරස් වේදෝ යන සැකය පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවිය සමඟ අදහස් දක්වමින්  ශ්‍රී ලංකා පිලේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, ඊයේ (25 දා) දිනයේදී කායවර්ධන ව්‍යායාම්වල පමණක් ක්‍රීඩකයින් නිරත වූ බවත් අද දිනයේදී එළිමහන් පුහුණු සැසිය සඳහා සූදානමින් සිටින බවත්ය.

අද තරගය පැවැත්වෙන කරච්චි ක්‍රීඩංගණයේදී අවසන් වරට පවත්වා තිබෙන ටෙස්ට් සහ එක්දින තරග දෙකටම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවී තිබීම විශේෂත්වයකි. 2009 වසරේදී පවත්වා ඇති එම තරග 2 ට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයින් වත්මන් කණ්ඩායමට ඇතුළත්ව නොමැත. එම තරග 2 න් පසු කරච්චි ක්‍රීඩාංගණයේ පවත්වා ඇති එකම ජාත්‍යන්තර තරගය වන්නේ සිම්බාබ්වේ පිල සහ පාකිස්තානය අතර 2018 වසරේ පවත්වා ඇති විස්සයි-20 තරගය පමණි.

අවසන් වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙපිළටම අවසන් කණ්ඩායම් 4 ට යෑමේ අවස්ථාව අහිමි වුවත් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ජයග්‍රාහී මානසිකත්වයකින් සමඟින් ශ්‍රී ලංකා පිල හෙට තරගයට අවතීර්ණ වන  නමුත් බංග්ලාදේශය සමඟ පැවැති තරගාවලියට සහභාගිවූ කණ්ඩායමේ ක්‍රීඩකයින් 10 දෙනෙකු රහිතව ශ්‍රී ලංකා පිලට තරග කිරීමට සිදුව තිබේ.

නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් ශ්‍රී ලංකා පිල සමන්විත වුවද ළහිරු තිරිමාන්න ඇතුළු කණ්ඩායමේ සියළු දෙනාගේම විශ්වාසය බවට පත්ව ඇත්තේ, සිය දේශීය තත්ත්වයන් යටතේ තරග වදින පාකිස්තානු පිලට එරෙහිව හොඳ තරගයක් ලබා දීමේ හැකියාව පවතින බවයි. ජ්‍යෙෂ්ඨයින් රහිත වුවද ශ්‍රී ලංකා පිලට එක්ව සිටින නවක ක්‍රීඩකයින් සියලු දෙනාම දේශීය ක්‍රීඩා සමාජ සහ ‘ඒ’ කණ්ඩායම් තරගවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්ව ඇති ක්‍රීඩකයෝ වෙති.

කලකට පසු තම රටේදී ක්‍රිකට් තරගාවලියක අසිරිය විඳ ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන පාකිස්තානු ක්‍රිකට් රසිකයින්ට වෙනුවෙන්ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර තිබීම විශේෂත්වයක් වේ. තරගය නැරඹීමට අපේක්ෂාවෙන් පසුවෙන සියල්ලෝ තරගය ආරම්භයට පැය කීපයකට කළින් ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙස පාකිස්තානු ක්‍රිකට් ආයතනය දන්වා තිබේ. ක්‍රීඩාංගණයේ සිට මීටර 500 කට පමණ ඈතින් සිට තරගය විශේෂ පරීක්ෂාවක් සිදුකිරීමට කටයුතු යොදා තිබීම ඊට හේතුව බවට පත්ව තිබේ.

එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමේදී පාකිස්තානය 6 වැනි ස්ථානයේ සිටද ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේ සිටද මෙම තරගාවලියට අවතීර්ණ වනු ඇත. එක්දින තරග අංශය යටතේ දෙරට මුණ ගැසී ඇති අවස්ථා 153 න් 8 වතාවකදී කරච්චි ක්‍රීඩාංගණයේ තරග වැදී ඇති ශ්‍රී ලංකා පිල ජය ගෙන ඇත්තේ අවස්ථා 3 කදී පමණක් වන අතර තරග 5 ක් පරාජයට පත්ව තිබේ. එමෙන්ම සමස්ථ ඉතිහාසයේදී 90 වරක්ම ජය ගැනීමට සමත්ව ඇත්තේ පාකිස්තානු පිල වන අතර ශ්‍රී ලංකා පිල ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 58 කදී පමණි.

ශ්‍රී ලංකා එක්දින පිල – ළහිරු තිරිමාන්න (නායක), මිනෝද් භානුක, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, වනිඳු හසරංග, ෂෙහාන් ජයසූරිය, ළහිරු කුමාර, ඇන්ජලෝ පෙරේරා, නුවන් ප්‍රදීප්, කසුන් රජිත, සධීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක, ඉසුරු උදාන.

පාකිස්තානු පිල – සර්ෆාස් අහමඩ් (නායක), බාබර් අසාම්, අබීඩ් අලී, අසීෆ් අලී, ෆඛාර් සමාන්, හැරිස් සොහෙල්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, ඉමාම් උල්හක්, මොහොමඩ් ආමර්, මොහොමඩ් හස්නේන්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, ශදාබ් ඛාන්, උස්මාන් ශින්වරී, වහාබ් රියාස්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee