slc
Home   |    News
ඔක්තෝබර් 24, 2019
අවසන් ඕවරයේදී ඔස්ට්‍රේලියානු අගමැතිගේ පිල ජය ගනියි

Sri Lanka Cricket

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමි පළමු හා එකම පුහුණු විස්සයි-20 තරගය බවට පත්වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් අගමැතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැති තියුණු තරගයෙන් කඩුල්ලක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (24 දා) සිදුවිය.

කැන්බරාහි පැවැති මෙම තරගය අඩු ලකුණු සංඛ්‍යාවන් පදනම්ව අවසන් වුණු අතර ඒ අනුව ලකුණු 132 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සනාථ කරගන්නා ලද්දේ ලකුණු පුවරුවේද එක් කඩුල්ලක් ඉතිරිව තිබියදීය.

ලකුණු 131 ක ඉලක්කයක් යනු විස්සයි-20 තරග රටාවට කිසිසේත්ම ජයග්‍රාහී ඉලක්කයක් නොවන නමුත් එය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැඩිව සටනක් දුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් පන්දුවාරය තෙක්ම තරගය රැගෙන ගියේ ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායමේ කඩුලු 9 ක්ම දවා ගනිමිනි.

අවසන් පන්දුවාරය වන විට ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 09 ක්ද ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා කඩුලු 2 ක්ද දවා ගත යුතු වූ විය. එම පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද කසුන් රජිතගේ පළමු පන්දුව වයිඩ් පන්දුවක් ලෙසින් ඇදී ගියත් දෙවැනි පන්දුවේදී ආරම්භයේ සිටම පන්දුවට පහර දුන් හැරී නීල්සන්ව දවා ගනිමින්  වැඩි වාසි ශ්‍රී ලංකා පිලට ලබා දුන්නේය. එහෙත් අවසන් පිතිකරුවන් යුගලය අතරින් ෆාවඩ් අලාම්ගේ පිතිහරඹය මෙල්ල කිරීමට රජිත අසමත්වූ බැවින් එක් පන්දුවක් ඉතිරිව තිබියදීම තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායමට හැකියාව ලැබිණ.

ප්‍රතිවාදී පිලේ 9 වැනි පිතිකරුවා ලෙසින් දැවී ගිය හැරී නිල්සන් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් පන්දු 50 කදී ලකුණු 79 ක් රැස් කරගනිමින් වැඩිම ලකුණු ලාභියා බවට පත් වද්දී පන්දු යැවීමෙන් කසුන් රජිත සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 3 බැගින් දවා ගනිමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය. මොවුන් දෙදෙනාටම ප්‍රතිවාදී පිතිකරුවන් රැස් කරගන්නා ලද්දේ ලකුණු 21 බැගින් වීම ද කැපී පෙනුණි. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් නීල්සන්ට අමතරව ලකුණු 10 සීමාව ඉක්මවා ලකුණු රැස් කරන ලද්දේ ඩැනියෙල් ක්‍රිස්ටියන් (13) පමණිත

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනාම ලකුණු 07 බැගින් ලබා සිටියදී දැවී ගිය නමුත් පාකිස්තානු තරග සංචාරයේදී සාර්ථකත්වයට පත්වූ භානුක රාජපක්ෂ සහ ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූහ. එහිදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ අංක 4 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ඕෂධ ප්‍රනාන්දුය. හේ පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 38 ක් ලබා ගනිද්දී භානුක රාජපක්ෂ හයේ සහ හතරේ පහර 2 බැගින් පන්දු 17 කදී ලකුණු 26 ක් රැස් කර ගත්තේය.

මොවුන් දෙදෙනාගේ පිතිහරඹ ප්‍රධාන කොට ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩක් හෙවත් පළමු පන්දුවාර 10 අවසන් වන විට කඩුලු 3 කට ලකුණු 78 ක් රැස් කර ගැනීමට හැකියාව ලැබුණත් ඊළඟ පන්දුවාර 10 ඇතුළත කඩුලු 5 ක්ම දැවී යෑඹ නිසා රැස් කරගත හැකි වූයේ ලකුණු 53 ක් පමණි.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයින් වන ලසිත් මාලිංග ඇතුළු තවත් ක්‍රීඩකයින් කිහිප පළක්ම ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටි බැවින් කණ්ඩායම මෙහෙයවන ලද්දේ නිරෝෂන් දික්වැල්ල විසිනි. දික්වැල්ල ලකුණු 11 ක් ලබා සිටියදී පීටර් සිඩ්ල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. පසු පෙළින් පන්දුවට පහර දුන් වනිඳු හසරංග පන්දු ලකුණු 26 ක් රැස් කළේය.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ලබන 27 වැනිදා ඇඩිලේඩ්හි ආරම්භ වන අතර දෙවැනි තරගය 30 වැනිදා බ්‍රිස්බේන්හිදීත් සහ තෙවැනි තරගය නොවැම්බර් 01 මෙල්බර්න්හිදීත් පැවැත්වේ.

තරගයේ වීරයා – හැරී නීල්සන්

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest