slc
logo
Home   |    News
ඔක්තෝබර් 26, 2019
ඔස්ට්‍රේලියානු පිලට එරෙහි පළමු සටන හෙට – කණ්ඩායම තේරීම සොඳුරු හිසරදයක් වෙයි

Sri Lanka Cricket

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් යොදා ගත හැකි ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ඇඩිලේඩ්හි පැවැත්වෙන පළමු තරගයෙන් හෙට (27 දා) ඇරඹේ. මෙම තරගාවලියට ඔස්ට්‍රේලියාව මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම් පිවිසෙන්නේ විස්සයි-20 ශ්‍රෙණ්ගත කිරීමේ පස්වැනි සහ හත්වැනි ස්ථානවලට පසුවෙමිනි.

දෙරට අතර තරග ඉතිහාසයේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ මව්බිමේදීම මුණ ගැසුණු අවස්ථාවේදී ලද තරගාවලි ජයත්, ලොව අංක 1 විස්සයි-20 කණ්ඩායම වන පාකිස්තානු කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය 3-0 ක් ලෙස ලද ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරගයේදී ධනාත්මකව අවතීර්ණ වනු ඇත. එමෙන්ම පාකිස්තානු සංචාරයට සහභාගි නොවුණු විස්සයි-20 නායක ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් සිව් දෙනෙකුද කණ්ඩායමට පැමිණ සිටීම නිසා හෙට තරගය සඳහා වන සංයුතිය සැකැසීමද තේරීම් කමිටු සභාපතිවරයා ඇතුළු කළමනාකාරීත්වයට සොඳුරු හිස රදයක් බවට පත්ව තිබේ.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම පිතිකරණ අනුපිළිවෙළ සැකසීම එම තත්ත්වයට හේතුවී තිබේ. පාකිස්තානු සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් අතරින් ඉදිරි පෙළ පිතිකරුවන් වන ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු සහ ෂෙහාන් ජයසූරිය දක්ෂතා දැක්වීමට සමත් වද්දී එම තරගාවලියට ඇතුළත් නොවුණු කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් මෙන්ම නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට යළිත් එක්වීම මෙම තදබදයට හේතු වී තිබේ.

හෙට තරගයට පෙර ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම සමඟ එක් පුහුණු තරගයකට සහභාගිවුණු තරගයෙන් කඩුල්ලක් පරාජයක් අත් වින්දද එම තරගය සඳහා නිත්‍ය නායක ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙකු ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටියහ. එම තරගයේදී කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන ලද්දේ කුසල් පෙරේරා සහ සහ අවිශ්ක ප්‍රනාන්දුද බංකුවේ සිටියදීය.

එමෙන්ම පාකිස්තානු තරග සංචාරයේදී පිතිකරුවන් ලෙස සාර්ථක වුණු භානුක රාජපක්ෂ සහ ඕෂධ ප්‍රනාන්දු ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීද ලකුණු අතරට පැමිණීමට සමත්වූහ. කෙසේ වෙතත් පාකිස්තානු තරග සංචාරයට යෑම හෝ නොයෑම පිළිබඳව තීරණය කිරීම සඳහා ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය කටයුතු යෙදූ හෙයින් හෙට තරගය බොහෝ විට පළපුරුදු ක්‍රීඩකයින් ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

පිතිකරණය අතින් තත්ත්වය එසේ වද්දී පන්දු යැවීමේ අංශයද එලෙසමය. පාකිස්තානු තරග සංචාරයේදී නුවන් ප්‍රදීප්, කසුන් රජිත සහ ළහිරු කුමාර හොඳින් ක්‍රීඩා කළද ලසිත් මාලිංග පැමිණීමත් සමඟ ඔවුන් තිදෙනාගෙන් අයෙකුට හෝ දෙදෙනෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමිවනු ඇත.

ඔස්ට්‍රේලියානු නායක ඇරන් ෆින්ච් සුළු ආබාධයකට මුහුණ දුන්නද හෙට තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කළ හැක. කෙසේ වෙතත් එරට වේග පන්දු යවන්නකු වන ඇන්ඩෘ ටයි වැළමිටේ ඇතිවූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් හෙට තරගයට ක්‍රීඩා නොකරනු ඇත.

පන්දුව පළුදු කිරීමේ වරදට වරදකරුවන් වීම නිසා තරග තහනමකට ලක්ව සිටින ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මෙන්ම ස්ටීවන් ස්මිත් ද කණ්ඩායමට එකතු වී සිටින බැවින් ඔස්ට්‍රේලියානු පිල ඉතා ශක්ති සම්පන්න කණ්ඩායමකි. එමෙන්ම විස්සයි-20 විශේෂඥ පිතිකරුවකු ලෙසින් සැලකෙන ග්ලෙන් මැක්ස්වේද කණ්ඩායමේ පසුවන බැවින් ඔහුව ඉක්මනින්ම දවා ගැනීමට තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට වැඩි දායකත්වයක් වනු ඇත.

අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, වනිඳු හසරංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්.

ඔස්ට්‍රේලියාව – ඇරන් ෆින්ච්, ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, අෂ්ටන් ටර්නර්, ඇලෙක්ස් කැරේ, අෂ්ටන් ඒගාර්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, අඩම් සම්පා, කේන් රිචර්ඩ්සන්.

Active filters

Recent Posts

  • තුන්දින ක්‍රිකට් මූලික වටයේ අවසන් සතිය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තයේ තරග දෙසැම්බර් 1 – 3 දක්වා පැවැත් වේ. මූලික වටයේ […]
  • ගුවන් – යුද කාන්තාවෝ අවසන් මහා සටනට එති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් […]
  • සත්‍යා – හංසිමා ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති නාවික හමුදාව සහ ඒස් කැපිටල් අතර තරගයේදී නාවික හමුදාවේ සත්‍යා සංදීපනී (නොදැවී 156) […]
  • කොළඹින් පිට පළාත් 15න් පහළ ක්‍රීඩකයෝ කොළඹ සමඟ කරට කර
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest