slc
Home   |    News
ඔක්තෝබර් 25, 2019
ටෙස්ට් තරග 2 කට එංගලන්ත පිල මාර්තු මස ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන 2020 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන අදාළ ටෙස්ට් තරගාවලියට ටෙස්ට් තරග 2 ක් ඇතුළත්ය.

එම තරග සංචාරය යටතේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද දෙවැන්න කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම ජයග්‍රහණයක් සඳහාම ප්‍රසාද ලකුණු 60 ක් හිමිවනු ඇත.

තරගාවලිය ආරම්භයට පෙර ජෝ රූට්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත ටෙස්ට් කණ්ඩායම තෙදින සහ සිව්දින පුහුණු තරග 2 කට සහභාගිවීම නියමිත අතර එම තරග දෙකම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇත. එම පුහුණු තරග 2 පිළිවෙළින් කටුනායක මේරියන්ස් ක්‍රීඩා සමාජ පිටියේ සහ පී. සරා ඕවල් පිටියේදී පැවැත්වෙනු ඇත.

එංගලන්ත කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2019-19 තරගාවලියේදී වන අතර තරග 3 කින් සමන්විතව පැවැති එම තරගාවලිය 3-0 ක් ලෙස ජය ලැබීමට එංගලන්ත පිල සමත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2014 වසරේ කරන ලද තරග සංචාරයේදී ලීඩ්ස්හි පැවැති තරගය ජය ගැනීමෙන් පසු එංගලන්තයට එරෙහිව මේ දක්වා පැවැති එකම ටෙස්ට් තරගයක් හෝ ජයගැනීමට අපොහොසත් වී සිටියි.

ලොව ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානයේ රැඳී සිටින එංගලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති අළු බඳුන ක්‍රිකට් තරගාවලිය යටතේ ලෝක ටෙස්ට් ශූරතා සටන ආරම්භ කළ අතර එම තරගාවලිය 2-2 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත්වී සිටියි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලියට අවතීර්ණ වන්නේ ප්‍රසාද ලකුණු 56 ක් සමගිනි. ටෙස්ට් ලෝක ශූරතාව යටතේ නවසීලන්තයට එරෙහිව එක් ටෙස්ට් තරගයක් ජය ගෙන සිටින ශ්‍රී ලංකා පිල මේ වන විට ප්‍රසාද ලකුණු 60 ක් ලබා සිටියි.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලබන මාර්තු මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීද දෙවැන්න මාර්තු මස 27 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත. ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරක කාලයකට පසුව වීම කැපී පෙනෙයි. අවසන් වරට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඉකුත් 2017 වසරේ ජුලි මාස‍යේ පැවැති ටෙස්ට් තරගයයි.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest