slc
Home   |    News
ඔක්තෝබර් 2, 2019
මිනෝද් භානුක එක්දින වරම්

Sri Lanka Cricket

එක්දින තරගාවලිය සමව අවසන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ළහිරු තිරිමාන්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 3 ක් සිදු කරමින් තරගයට අවතීර්ණ වී සිටින අතර ඒ අතර මංගල එක්දින තරග වරම් දිනා ගැනීමට කඩුලු රකින මිනෝද් භානුකට අවස්ථාව උදාවිය. භානුකට එක්දින වරම් දිනා ගැනීමේදී  එය සංකේතවත් කෙරෙන එක්දින කැප් තොප්පිය වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකරු අසන්ත ද මෙල් මහතා අතින් පිරිනමන ලදී. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් 192 වැන්නා ලෙසින් ඉතිහාසයට එක්වී සිටියි.

දේශීය ක්‍රීඩා සමාජ සහ පළාත් තරගාවලිවලදී පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව සිටින මිනෝද් භානුක පළමු පෙළ තරග 45 කට ක්‍රීඩා කරමින් ලකුණු 2854 ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 43.90 ක් රඳවා ගැනීමට සමත්ව සිටින භානුක ශතක 9 ක් සහ අර්ධ ශතක 8 ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ. වමතින් පිත්ත හසුරුවන භානුක කරුණෑගල මලියදේව විදුහල නියෝජනය කරමින් ජාතික තලයට පැමිණීම තිබේ.

මිනෝද් කණ්ඩායමට පැමිණීමේදී කඩුලු දෙවැනි තරගයේදී කඩුලු රකින්නා ලෙසින් කටයුතු කරන ලද සධීර සමරවික්‍රමට සිය ස්ථානය අහිමිවී තිබේ. සෙසු වෙනස් කම් 2 දී ඕෂධ ප්‍රනාන්දු වෙනුවට ඇන්ජලෝ පෙරේරාද, ඉසුරු උදාන වෙනුවට ලක්ෂාන් සඳකැන්ද අවසන් 11 දෙනා අතර ස්ථානය දිනාගැනීමට සමත්වූ ක්‍රීඩකයෝ වෙති.

තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින පාකිස්තානු කණ්ඩායමද අද තරගයේදී වෙනස් කම් 2 ක් සිදු කරමින් අවතීර්ණ වී සිටින අතර දෙවැනි තරගය අතරතුරදී තුවාල ලත් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සහ ඉමාඩ් වසීම් අද තරගයට ක්‍රීඩා නොකරන අතර ඔවුන් වෙනුවට අබීඩ් අලී සහ මොහොමඩ් නවාස් කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පිල – 1. ළහිරු තිරිමාන්න, 2. ධනුෂ්ක ගුණතිලක, 3. අවිශ්ක ප්‍රනාන්දු, 4.ඇන්ජලෝ පෙරේරා, 5. මිනෝද් භානුක, 6. ෂෙහාන් ජයසූරිය, 7. දසුන් ශානක, 8. වනිඳු හසරංග, 9. ලක්ෂාන් සඳකැන්, 10. ළහිරු කුමාර, 11. නුවන් ප්‍රදීප්.

පාකිස්තානු පිල – 1. ෆකාර් සමාන්, 2. අබීඩ් අලී, 3. බාබර් අසාම්, 4. හැරිස් සොහෙල්, 5. ඉෆ්තිකාර් අහමඩ්, 6. ශෆ්‍රාස් අහමඩ්, 7. මොහොමඩ් නවාස්, 8. ශාදාබ් ඛාන්, 9. වහාබ් රියාස්, 10. මොහොමඩ් ආමර්, 11. උස්මාන් ශින්වාරි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest