slc
logo
Home   |    News
ජූනි 30, 2026
LPL-2026 තරගාවලියටත් මඩුගල්ලේ- ධර්මසේන ප්‍රමුඛ නිලධාරී මඩුල්ලක්

sinhala editor

ජූලි 17 වැනිදා ආරම්භ වන 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ උණුසුම ඉහළ යමින් තිබියදී තරගාවලියේ විනිවිදභාවය සහ උසස් විනිශ්චය ප්‍රමිතිය සහතික කිරීම සඳහා පත් කළ තරග නිලධාරී මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රභූ (එලයිට්) තරග තීරක මණ්ඩලය නියෝජනය කරන රන්ජන් මඩුගල්ලේ මහතා මෙවරත් ප්‍රධාන තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන අතර එම ප්‍රභූ විනිසුරු මණ්ඩලයේ සාමාජික කුමාර් ධර්මසේන මහා විනිසුරු මණ්ඩලයට ඇතුළත්ව සිටියි.

මෙවර නිලධාරී මණ්ඩලයට ICC නැඟී එන (Emerging) විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් මෙන්ම ICC ජාත්‍යන්තර මණ්ඩලයේ නිලධාරීන් රැසක්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ඒ සමඟම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නැඟී එන තරග තීරක හා විනිසුරු මණ්ඩලයේ නිලධාරීන් කිහිපදෙනෙකුටද මෙවර තරගාවලියේ රාජකාරි පැවරී ඇත.

තරග තීරක මණ්ඩලයට රන්ජන් මඩුගල්ලේ සමඟ ග්‍රේම් ලැබ්රෝයි, වෙන්ඩල් ලැබ්රෝයි, මනෝජ් මෙන්ඩිස් සහ ප්‍රදීප් ජෙයප්‍රකාශ් ඇතුළත් වෙති.

විනිසුරු මණ්ඩලය සඳහා නම් කර ඇති විනිසුරුවන් අතර ප්‍රභූ විනිසුරු මණ්ඩලය නියෝජනය කරන එකම විනිසුරුවරයා වන්නේ කුමාර් ධර්මසේන මහතා පමණී. ඔහුට අමතරව විදෙස් විනිසුරුවන් දෙදෙනෙකු වන වේන් නයිට්ස්, අසීෆ් යාකුබ් ද මෙවර තරගාවලියේදී විනිසුරුවෝ ලෙස කටයුතු කරනු ඇත.

එසේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරු මඩුල්ල නියෝජනය කරන ශ්‍රී ලාංකික විනිසුරුවන් වන  රවීන්ද්‍ර විමලසිරි, ප්‍රගීත් රඹුක්වැල්ල, රවීන්ද්‍ර කොට්ටහච්චි සහ චාමර ද සොයිසා මෙම තරග නිලධාරී මණ්ඩලයට ඇතුළත් කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් නැඟී එන විනිසුරු මණ්ඩලයට අයත් අසංක නානායක්කාර, චන්ද්‍රිකා අමරසිංහ, හේමන්ත බෝතේජු, ශාන්ත ෆොන්සේකා සහ එස්. පී. ආර්. එල්. දුල්සිරි ද මෙවර තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා පත්කර ඇත. එහිදී කාන්තා පාර්ශ්වය නියෝජනය කරමින් චන්ද්‍රිකා අමරසිංහ මහත්මිය ද මෙම තරග නිලධාරී මණ්ඩලයට ඇතුළත් වීම විශේෂත්වයකි.

ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වී අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් ක්‍රීඩකයන් රැසකගේද සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තරග තීරක මණ්ඩලය

  • රන්ජන් මඩුගල්ලේ – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රභූ තරග තීරක මණ්ඩලය
  • ග්‍රේම් ලැබ්රෝයි – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නැඟී එන තරග තීරක කණ්ඩායම
  • වෙන්ඩල් ලැබ්රෝයි – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජාත්‍යන්තර තරග තීරක මණ්ඩලය
  • මනෝජ් මෙන්ඩිස් – ශ්‍රී ලංකා ක්‍රිකට් නැඟී එන තරග තීරක මණ්ඩලය
  • ප්‍රදීප් ජෙයප්‍රකාශ් – ශ්‍රී ලංකා ක්‍රිකට් නැඟී එන තරග තීරක මණ්ඩලය

විනිසුරු මණ්ඩලය

  • කුමාර් ධර්මසේන – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රභූ විනිසුරු මණ්ඩලය
  • වේන් නයිට්ස් – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නැඟී එන විනිසුරු මණ්ඩලය
  • අසීෆ් යාකුබ් – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නැඟී එන විනිසුරු මණ්ඩලය
  • රවීන්ද්‍ර විමලසිරි – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලය
  • ප්‍රගීත් රඹුක්වැල්ල – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලය
  • රවීන්ද්‍ර කොට්ටහච්චි – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලය
  • චාමර ද සොයිසා – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලය
  • අසංක නානායක්කාර – ශ්‍රී ලංකා ක්‍රිකට් නැඟී එන විනිසුරු මණ්ඩලය
  • චන්ද්‍රිකා අමරසිංහ – ශ්‍රී ලංකා ක්‍රිකට් නැඟී එන විනිසුරු මණ්ඩලය
  • හේමන්ත බෝතේජු – ශ්‍රී ලංකා ක්‍රිකට් නැඟී එන විනිසුරු මණ්ඩලය
  • ශාන්ත ෆොන්සේකා – ශ්‍රී ලංකා ක්‍රිකට් නැඟී එන විනිසුරු මණ්ඩලය
  • එස්. පී. ආර්. එල්. දුල්සිරි – ශ්‍රී ලංකා ක්‍රිකට් නැඟී එන විනිසුරු මණ්ඩලය

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee