slc
Home   |    News
ඔක්තෝබර් 24, 2019
වෝටර් බෝයි විදියට පිට්ටනියට ආ රටම අඳුරන ‘අමුත්තා’

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම අතර අද (24 දා) කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති පුහුණු විස්සයි-20 තරගය අතරතුරදී සුවිශේෂී සිදුවීමක් සිදුවිය. ඒ එරට අගමැතිවරයා විසින් ක්‍රීඩාංගණයට සිසිල් පැන් රැගෙන ඒමට කටයුතු කිරීමය. ඔස්ට්‍රේලියානු පිල පන්දු රකිමින් සිටින අවස්ථාවේදී ඩැනියල් ෆෝලින්ස් විසින් දසුන් ශානක දවා ගැනීමත් සමඟ එරට අග්‍රාමාත්‍යවරයා වන ස්කොට් මොරිසන් මහතා බෝතල් 6 කින් යුත් සිසිල් පැන් බඳුනක් කැටිව ක්‍රීඩාංගණයට පැමිණියේය.

ඔස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් සිදුකරන ලද එම ක්‍රියාව ඡායාරූපයක් හරහා සමාජ ජාලා අතර ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ ඒ පිළිබඳව ලෝකය පුරා ක්‍රීඩා ලෝලීන් අතර විශේෂ මාතෘකාවක් බවට පත්ව තිබේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිල කැප් තොප්පියද පැළඳ ගනිමින් ක්‍රීඩාංගණයට පිවිසි එරට අග්‍රාමාත්‍යවරයා පන්දු රකිමින් සිටි ඔස්ට්‍රේලියානු පිලේ පන්දු රකින්නන්ට අතට අත දී (Cheers) සතුටු ප්‍රකාශ කිරීමට කටයුතු කිරීමද සිත්ඇද ගන්නා සුළු සිදුවීමක් විය.

කෙසේ වෙතත් මොරිසන් අග්‍රාමාත්‍ය වරයා තරගයක් පැවැත්වෙන අතරතුරදී ක්‍රීඩාංගණය තුළට ගිය පළමු අවස්ථාව මෙය නොවන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි. මේ මස මුලදී ඔස්ට්‍රේලියාව සහ ෆීජි දූපත් අතර පැවැති සුහද රග්බි තරගයක් අතරතුරදීද ක්‍රීඩකයින්ට හිමි නිල ඇඳුම් සහ සිසිල් පැන් බෝතල් පිටිය තුළට ගෙනවිත් භාර දී තිබෙන බව කියැවේ. තරගයක් පැවැත්වෙන අතරතුරදී ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණය තුළට පැමිණෙන අවස්ථාව ඕනෑ තරම් ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැක ගැනීමට හැකි වුවත්, අග්‍රාමාත්‍යවරයකු ක්‍රීඩාංගණයකට සිසිල් පැන් ගෙන ඒමේ සිදුවීමක් පිළිබඳව නම් මීට පෙර වාර්තා වූ අවස්ථාවක් නොමැති තරම්ය.  සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ක්‍රිකට් වසන්තය උදාවන්නේ ඔක්තෝබර් මාසයේ වන අතර එය ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම සමඟ තරගයෙන් ආරම්භ වීමද කැපී පෙනෙයි.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest