slc
logo
Home   |    News
ඔක්තෝබර් 21, 2019
ශ්‍රී ලංකා නැගී එන පිලට අළුත් මුහුණක්

Sri Lanka Cricket

නොවැම්බර් මස 13 වැනිදා සිට 23 වැනිදා දක්වා බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට නවක පා දඟ පන්දු යවන්නකු වන සචිඳු කොළඹගේ පිළිබඳව තේරීම් කමිටුව විශ්වාසය තබා තිබේ.

සචිඳුට අමතරව අවසන් වරට බංග්ලාදේශයේ පැවැති එක්දින තරග සංචාරයට ක්‍රීඩා කරන ලද කණ්ඩායමට ඇතුළත් නොවුණු ක්‍රීඩකයින් දෙදෙනකුද නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර, නිශාන් මධුෂ්ක සහ අසිත ප්‍රනාන්දු එම ක්‍රීඩකයින් දෙපළ වෙති. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද ශ්‍රී ලංකා නැගී එන පිල මෙහෙයවීමේ වගකීම සුපුරුදු පරිදි තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංකට පැවැරී තිබෙන අතර ඔහුගේ සහායක උප නායකයා ලෙසින් කමිඳු මෙන්ඩිස් පත් කර තිබේ.

කෙසේ වෙතත් අවසන් වරට බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු නැගී එන කණ්ඩායමට ඇතුළත්ව සිටි සඳුන් වීරක්කොඩි සහ නුවන් තුෂාරට ස්ථාන අහිමිව තිබේ. එම කණ්ඩායමට වනිඳු හසරංගද ඇතුළත්ව සිටි නමුත් ඔහු මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට එක්ව සිටියි.

ඉකුත්දා නිමාවට පත්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයට සඳහා සහභාගිවුණු එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වලට ඇතුළත්ව සිටි කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුකටද මෙම කණ්ඩායමේ ස්ථානයක් වෙන්වී තිබේ. හෙතෙම පාකිස්තානයට එරෙහිව සහභාගිවුණු මංගල තරගයේදීම ලකුණු 36 ක් ලබා ගනිමින් පිතිකරුවකු ලෙස සාර්ථක අනාගතයකට උරුමකම් කියන බවට වූ නිමිති පහළ කළේය.

ප්‍රථම වතාවට නැගී එන කණ්ඩායමට සුදුසුකම් ලත් 21 වැනි වියේ පසුවන සචිඳු තවමත් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 6 කට පමණක් වුවත් එම තරගවලදී දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඔහුව මෙම තරග සංචාරයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. මීගමුව මාරිස්ටෙලා විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි සචිඳු පළමු පෙළ තරග 6 කට ක්‍රීඩා කරමින් කඩුලු 13 ක් දවා ගෙන ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 16.76 ක් රඳවා තබා ගනිමිනි. එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරනු ලබල සචිඳු පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව දවා ගන්නා ලද ලකුණු 31 කට කඩුලු 5 හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වේ.

නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමට අමතරව අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකුවද නම් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

තරගාවලියේ ස්වභාවය

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවද සමඟ රටවල් 8 ක් ක්‍රීඩා කරනු ඇත. ඒ සහ බී කාණ්ඩ යටතේ මූලික වටයේ තරග ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා පිල ඒ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

පාකිස්තානය, ඕමාන් සහ ඇෆ්ගනිස්ථානය පළමු වටයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටිති. බී කාණ්ඩය යටතේ ඉන්දියාව, බංග්ලාදේශය, හොංකොං රාජ්‍යය සහ එක්සත් අරාබි එමීර් යන කණ්ඩායම් තරග වදිනු ඇත. ඒ කාණ්ඩය යටතේ පැවැත්වෙන සියළුම තරග කොක්ස් බසාර්හිදීද බී කාණ්ඩය යටතේ පැවැත්වෙන සියළුම තරග ඩකාහිදීද පැවැත්වෙනු ඇත.

ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් නොවැම්බර් 20 සහ 21 වැනි දිනයන්හි මීර්පූර්හිදී පැවැත්වීමට නියමිත අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන අතර අවසන් මහ තරගය නොවැම්බර් මස  23 වැනිදා මීර්පූර්හිදීම පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, මිනෝද් භානුක, අෂේන් බණ්ඩාර, ශම්මු අශාන්, නිශාන් මදුෂ්ක, ජෙහාන් ඩැනියෙල්, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සු, ශිරාන් ප්‍රනාන්දු, සචිඳු කොළඹගේ.

ඉවතට – සඳුන් වීරක්කොඩි, නුවන් තුෂාර

ඇතුළට – චමිඳු කොළඹගේ, අසිත ප්‍රනාන්දු, නිශාන් මධුශ්ක.

අතිරේක – චාමික කරුණාරත්න, ප්‍රමෝද් මධුවන්ත, නිශාද් රන්දික, නිශාන් පීරිස්, නුවන් තුෂාර.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee