slc
Home   |    News
නොවැම්බර් 18, 2019
ආසියානු ශූරයෝ පළමු වටයෙන්ම ඉවතට

Sri Lanka Cricket

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ සහභාගි වූ අවසන් තරගයෙන්ද ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 7 ක පරාජයක් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද (18 දා) අත්වින්දේය.අවසන් වසර 2 දීම ශූරයින් ලෙස කිරුළු පැළඳී ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටයේ සහභාගිවූ එකම තරගයක් හෝ ජයග්‍රහණය නොකරමින් තරගාවලියෙන් ඉවතට විසිවීමද කණගාටුදායක සිදුවීමක් බවට පත්විය.

කොක්ස් බසාර්හි පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන නැගී එන පිතිකරුවෝ සිය ඉලක්කයහ පන්දුවාර 44.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලබා ගැනීමට සමත්වූහ. ඒ වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කළ ශහිදුල්ලා කමල්  නොදැවී ලකුණු 102 ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්තාන පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. සිය අගනා ඉනිම සඳහා පන්දු 137 ක් වැය කළ ශහිදුල්ලා සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පයහර 7 කින් ද වර්ණවත් කර ගත්තේය.  

ඇෆ්ගනිස්තාන ඉනිමේ ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කරන ලද සහිදුල්ලා ප්‍රථමයෙන්ම අබ්දූල් මලික් සමඟ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක වේගවත් සම්බන්ධතාවයක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. පන්දු 111 කදී වාර්තා වුණු අදාළ සම්බන්ධතාවයේදී මලික්ගේ දායකත්වය ලකුණු 47 කිනි. 

අමිල අපෝන්සෝ විසින් මලික්ව දුවද්දී දවා ගැනීමට හසු කර ගත්තද සිය ඉනිම නිමා නොකළ ශහිදුල්ලා දර්විෂ් රසෝලි සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119 ක සම්බන්ධතාවයක් එක් කරමින් බංග්ලාදේශ පිලේ ජයග්‍රහණයේ ආසන්නයටම රැගෙන ගියේය. පන්දු 119 කදී වාර්තා වුණු එම සම්බන්ධතාව සඳහා රසෝලි ලකුණු 61 කින් දායකත්වය දැක්වීය. 

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් රසුලි සිය ඉනිම සඳහා හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක්  එල්ල කරන ලද්දේ පන්දු 59 කට පමණක් මුහුණ දෙමිනි. මෙම තරගයේදී ඇෆ්ගනිස්තාන පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා නැගී එන නායක චරිත් අසලංක පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සේවය ලබා ගත්තද ඉන් කඩුල්ල බැගින් හෝ දවා ගැනීමට සමත්වූවේ කලන පෙරේරා සහ නායක අසලංක පමණි.

ශ්‍රී ලංකා ඉනිම පන්දුවට පහර දෙද්දී කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුවක් බවට පත්ව සිටින පැතුම් නිස්සංක මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගිය අතර අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි හසිත බෝයගොඩද ලකුණු 08 ක් ලබා සිටියදී දැවී යෑම නිසා ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2 කට ලකුණු 25 ක් ලෙසින් දිස්විය. එහෙත් මිනෝද් භානුකට එක්වූ චරිත් අසලංක නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීය. 

වෙනදාට වඩා තරමක් ප්‍රවේගකාරී වූ අසලංක අද දිනයේදී ශතකයක් ලබා ගැනීම කැපී පෙනුණි.  ලකුණු 100 කින් සමන්විත අසලංකගේ ඉනිම සඳහා හේ පන්දු 106 කට මුහුණ  දී තිබුණි. හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක්ද සිය ඉනිමට ඇතුළත් කර ගත් අසලංක ප්‍රථමයෙන් මිනෝද් භානුක සමඟ ලකුණු 62 ක සම්බන්ධතාවක්ද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සමඟ ලකුණු 115 ක සම්බන්ධතාවක් පවත්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ප්‍රබල ස්ථානයක් කරා රැගෙන ආවේය. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 202 ක් ලෙස තිබියදී කමිඳු මෙන්ඩිස් ලකුණු 63 කට දැවී යැමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමට කණ කොකා හැඬවිණි. එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිම සෙසු කඩුලු 7 ටම රැස් කිරීමට සමත්වූයේ ලකුණු 36 ක් පමණකි. 

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest