slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2019
ක්‍රීඩාංගණ ගැටළුවට විසඳුමක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අත්වැල් බැඳ ගනියි

Sri Lanka Cricket

මෙරට ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරග පැවැත්වීමේදී දැඩි අඩුපාඩුවක්ව පවතින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැටළුවට විසඳුම ක් ලබාදීමේ වැඩපිළිවෙළක් ලෙසින් පාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් සියළු පහසුකම් වලින් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලනාධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්ධ පාදුක්කේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් විශ්වවිද්‍යාලය (Sri Lanka Telecom campus) යටතේ පවතින භුමි භාගයක මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙන අතර ඒ වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුමටද දෙපාර්ශ්වය ඉකුත්දා අත්සන් තබන ලදී.

අක්කර 36 ක පමණ භූමි ප්‍රමාණයක පැතිර ඇති එකී විශ්වවිද්‍යාල භූමියේ ඉදිකිරීමට නියමිත මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර කිහිපයකින් ඉදිකර අවසන් කිරීමට නියමිත අතර එහි මුල් අදියර ලෙස හිස්ව පවතින එම භූමි භාගය ක්‍රීඩාංගණයකට සරිලන ආකාරයට සකස් කිරීම සිදුකෙරෙනු ඇත. ඒ සඳහා වූ මූලික වගකීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සිදු කිරීමට නියමිත අතර අනතුරුව අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට එය පත් කිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරයේ පවතිනු ඇත.

අවබෝධතා ගිවිසුමට අනුව තණතීරු 6 කින් සමන්විත ප්‍රධාන තණතීරුව, ජලය බැස යෑමේ පද්ධතිය, නවීන පහසුකම්වලින් සහිත ක්‍රීඩාගාර සහ පැති පුහුණු තණතීරු ඉදිකිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ඇත. වසර 18 ක කාලයක් සඳහා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කොට තිබෙන අතර ක්‍රීඩාංගණයේ පාලනය දෙපාර්ශ්වයේම එකතුවෙන් සමන්විත කලමනාකාර කමිටුවක් විසින් සිදු කෙරෙනු ඇත.

එම ගිවිසුමට අනුව ක්‍රීඩාංගණයේ සියළුම නඩත්තු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ලබන අතර මෙමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටද ක්‍රීඩාංගණය භාවිතා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

දෙපාර්ශ්වය අතර වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගරු ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් විශ්වවිද්‍යාලයේ (Sri Lanka Telecom campus) ප්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ, එම ආයතන මෙහෙයුම් අධ්‍යක්ෂ රංජිත් ගුණවර්ධන, එම ආයතන නීති අංශ ප්‍රධානී මිරාන් ප්‍රනාන්දු, එම ආයතන මූල්‍ය අංශ ප්‍රධානී මහේෂ් ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න, ජාතික ක්‍රිකට් සංවර්ධිත මධ්‍යස්ථාන ප්‍රධානී කමල් ධර්මසිරි සහ විධායක කමිටු සාමාජික සහ ජාතික ක්‍රිකට් ව්‍යාපෘති කමිටු ලේකම් සුජීව ගොඩලියැද්ද  යන මහත්වරුන්ද සහභාගිවූහ.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee