slc
logo
Home   |    News
ජූලි 6, 2025
දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ

sinhala editor

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. ලකුණු 16කින් ශ්‍රී ලංකාව පරජය වුවද මෙම තරගයේදී ජනිත් ලියනගේ අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වූවේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මෙම තරගයේදී කිසිඳු දොෂ දර්ශනයක් නොකළ යුතු බවද ජනිත් ලියනගේ සදහන් කළේ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

“අපි හැමෝම දන්නවා ආර් ප්‍රේමදාස තණතිල්ලේ දෙවනිවර බැට් කරද්දි පන්දුව පොඩ්ඩක් දඟ කැවෙනවා. පිතිකරුවන්ට අමාරුයි පන්දුවට පහරදීම. නමුත් ඒක නිදහසට කරුණක් කරගත යුතු නෑ. අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතු මැච් එකක්. පරාජයේ වගකීම අපේ පිතිකරණ අංශය ගත යුතුයි. ඊළඟ තරගය ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා“ ජනිත් ලියනගේ පැවැසීය.

ප්‍රශ්නය: ඔබ හිතන විදිහට තරගය කොතැනින්ද ශ්‍රී ලංකාවට ගිලිහී ගියේ?

පිළිතුර: මම හිතන්නේ අපි හොඳ ආරම්භයක් ගත්තා. හොඳින් ක්‍රීඩා කරමින් හිටියා. පන්දුව දඟ කැ‍වෙන්න ගත්තා. ඔවුන් ඊට පස්සේ ටිකක් හොඳින් තරගයට අවතීර්ණ වුණා. කුසල්ගේ දැවී යෑමත් සමඟ පොඩ්ඩක් පස්සට ගියා. ඒ සමඟ පීඩනය වැඩි වුණා. මං හිතන්නේ එතනින් තමයි බංග්ලාදේශය තරගයට අවතීර්ණ වුණේ.

ප්‍රශ්නය: ජනිත් පළමු තරගයේදී ‍අපේ ඩොට් බෝල් 159ක් තිබුණා. මේ තරගයේදී ඩොට් බෝල් 174ක් තිබුණා. තරගයට කලින් මේ තත්ත්වය පිළිබඳ කතා කළාද?

පිළිතුර: ප්‍රේමදාස තණතිල්ලේ ලේසි නෑ සමහර තැන්වල ක්‍රීඩා කරන්න. අපි අවදානම ගොඩක් අඩු කරලා පන්දුවට පහර දෙන්න සැලසුම වුණේ. නමුත් ඩොට් බෝල් පිළිබඳ අපි කතා වෙනවා ඉස්සරහට කොහොමද ඒක කරන්නේ කියලා මීට වඩා කතා කළ යුතුයි.

ප්‍රශ්නය: බංග්ලාදේශය අවසන් කඩුල්ලට පන්දු 24කදී ලකුණු 30ක් ගන්නවා. ඒ අවස්ථාව පන්දු යවන්නන්ට කොයිතරම් තීරණාත්මකද?

පිළිතුර: අපිට ලකුණු 250ක් හඹාගොස් ලබා ගන්න තිබුණා. අනිවාර්යයෙන්ම අපිට ඒ දේ කරන්න තිබුණා. අපේ පන්දු යවන්නන්ට කිසිඳු වරදක් කියන්න බෑ. ඕනෑම තණතිල්ලක ලකුණු 250ක් ගහන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ තරගයේදී අපේ පිතිකරණ අංශයෙන් තරගය දිනවන්න බලනවා.

ප්‍රශ්නය: ඔබ සහ දුෂ්මන්ත පන්දුවට පහරදෙද්දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පෙනුණා. නමුත් දුෂ්මන්තට ඩොට් බෝල කිහිපයක් වැටුණා. ඉන් පස්සේ ඔබටත් යම් පීඩනයක් එල්ල වුනාද?

පිළිතුර: නෑ මට පීඩනයක් දැනුණේ නෑ. මම දන්නවා දුෂ්මන්තට හොඳින් පහර ‍දෙන්න පුළුවන්. මුෂ්ටෆිෂූර් ඉතා හෙඳ පන්දු යවන්නෙක්. එයාට පහරදීලා අවදානමක් ගන්නේ නැතිව අනෙක් පැත්තෙන් පහර දෙන්න සැලසුම් කළේ. දුෂ්මන්ත අයියා මට හොඳ සහයෝගයක් දුන්නා. එතැනින් පීඩනයක් ආවේ නෑ. මගේ අතපසුවීමකින් දැවී ගියේ. මම හිටියානම් දිනන්න තිබුණා.

ප්‍රශ්නය: පීඩනයක් මැද පීඩනය ඇඟට ගන්නේ නැතිව උපරිම ලකුණු ඔබ ලබා ගත්තා. කොහොමද ඔබේ සැලසුම වුණේ?

පිළිතුර: මේ වගේ තත්ත්වයක් උදා වුණාම මොනවද කළ යුත්තේ කියා පුහුණුකරුවන් සමඟ කතා කළා. මොන වගේ දේවල්ද කරන්න අවශ්‍ය කියලා. ඉතින් ඔවුන් මට කිව්වේ අපේ හොඳම පිතිකරුවන් දැවීගිය වෙලාවක ඉතිරි වෙන්නේ මා නිසා එක පැත්තකින් මා ඉන්න අවශ්‍යයි කියලා. ඒක තමයි මම කළේ.

ප්‍රශ්නය: මෙයට කලින් මාධ්‍ය හමුවකදී චරිත් අසලංක විසින් ඔබව හා දුනිත් වෙල්ලාලගේ තරග නිමා කරන්නන් ලෙස හැදින්වුවා. ඒ භූමිකාව කොයිතරම් බැරෑරුම් කාර්යයක්ද?

පිළිතුර: මම හිතන්නේ කණ්ඩායමක් විදියට අපි ගොඩක් එකමුතුයි. චරිත් හොඳ ක්‍රීඩා සංස්කෘතියක් ගොඬනඟා තියෙනවා. ඒ කියන්නේ ක්‍රීඩකයාට හොඳ විශ්වාසයක් දීලා තියෙනවා. ඒක නිසාම දක්ෂතා අතරට එන්න ලේසි වෙලා තියෙනවා. අද තරගයේ අඩුපාඩු වුණත් ඔහු ළඟට කතා කරලා කියා දෙනවා. කුමක්ද කළ යුත්තේ කියා ‍ලෙහෙසියෙන්ම පැහැදිලි කරනවා. අපිට තියෙන පීඩනය ‍ගොඩක් අඩුයි දැන්. නමුත් අපි අද කරපු අතපසුවීම් ඊළඟ තරගයට ගේන්න හොඳ නෑ.

ප්‍රශ්නය: ඔබට තියෙන්නේ අවසන් පිතිකරුවන් අතරට පැමිණ තරගය දිනවන්න. ඒ කාර්ය සඳහා විශේෂ සූදානමක් පුහුණුවක් තියෙනවාද?

පිළිතුර: අනිවාර්යයෙන්ම අපි පුහුණු වෙද්දී හැම තත්ත්වයකදීම මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳ කතා කරනවා. තරගයේ මුලදි, මැදදී හා ඩෙත් ඕවර්ස්වල පහරදීම පිළිබඳ අවධානය යොමු කරනවා. හිටියට වඩා ‍හොඳ ස්ථාවරයකට ඇවිත් ඉන්නවා. නමුත් අද තරගයට වඩා කණ්ඩායමක් විදිහට වගකීමක් ගන්න වෙනවා.

ප්‍රශ්නය: පල්ලේකැලේ පැවැත්වෙන මීළඟ තරගය ඉතාම තීරණාත්මකයි. ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ?

පිළිතුර: බංග්ලාදේශ පන්දු යැවීම ඉතාම හොඳයි. ඔවුන් ඒ තත්ත්වය හොඳින් පාලනය කරනවා. පල්ලේකැලේ තරගය ඉතාම උණුසුම් එකක් වෙයි. ඒ තරගය ජය‍ගෙන තරගාවලිය ජය ගන්න අපේ සැලසුම.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee