slc
logo
Home   |    News
ජූලි 20, 2026
ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්

sinhala editor

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය යොවුන් කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 253ක් රැස් කරමින් තරගයේ පළමු දිනයේ වාසිය තමන් සතු කර ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එය සාර්ථක තීරණයක් බවට පත් කරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වූහ.

කෙසේ වෙතත්, අංක 3 ස්ථානයෙන් පසු පිටියට පිවිසි ඉන්දීය මැද පෙළ පිතිකරුවෝ ඉවසීමෙන් සහ වගකීමෙන් යුතුව ඉනිම ගොඩනැගීම හේතුවෙන් තරගයේ පීඩනය ක්‍රමයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙත මාරු විය.

තරගයට අයහපත් කාලගුණය හරස්වී බැවින් පළමු දිනය පන්දුවාර 65 කට පමණක් සීමා විය. ඒ අතරතුර කාලයේදී ඉන්දීය පිතිකරුවෝ කඩුලු 3 ක් අහිමි කර ගනිමින් ලකුණු 253 ක් රැස් කරගෙන සිටියහ.

ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් අතරින් ගිම්හාන් මෙන්ඩිස් කඩුලු 2ක් දවා ගත් අතර, සෙත්මික සෙනෙවිරත්නට එක් කඩුල්ලක් හිමි විය.

කඩුලු තුනක් පමණක් බිඳ වැටුණු ඉන්දීය ඉනිමේ කැපී පෙනුණු පිතිකරු වූ නුශාග්‍රා ඕජා පන්දු 177කදී නොදැවී ලකුණු 103ක් රැස් කරමින් දෙවැනි දිනයේද ඉනිම ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා කර ගත්තේය. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් විය.

ඔහුට අනගි සහායක් ලබාදුන් ඉන්දීය නායක යෂ්බර්ධාන් චෞහාන් පන්දු 89කදී වේගවත් ලකුණු 78ක් රැස් කළ අතර, එම ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් විය.

නායක චෞහාන්ගේ දැවී යෑමෙන් අනතුරුව ඕජා සමඟ එක් වූ මනල් චෞහාන් පන්දු 108කදී නොදැවී ලකුණු 55ක් රැස් කරමින් සිව්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 131ක සම්බන්ධතාවක් ගොඩනැගීය. එම සම්බන්ධතාව හේතුවෙන් දිනය අවසන් වන විට තරගයේ වැඩි වාසිය ඉන්දීය කණ්ඩායම සතු විය.

තරගයේ දෙවැනි දිනය හෙට (21) පැවැත්වෙන අතර, ඉන්දීය කණ්ඩායම විශාල පළමු ඉනිම් ලකුණු සංඛ්‍යාවක් කරා යාම අරමුණු කරනු ඇත. අනෙක් අතට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතිරි කඩුලු ඉක්මනින් දවා ගනිමින් තරගයේ පාලනය යළි තමන් වෙත නතු කර ගැනීමේ අභියෝගයට මුහුණ දෙනු ඇත.

හෙට (20 දා) තරගයේ දෙවැනි දිනයයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 65කදී කඩුලු 3ක් දැවී ලකුණු 253 යි – (ලක්ෂ්‍යා රායිචන්දනී 00, සාගර් වර්ක් 00, කුශාග්‍රා ඕජා 103*, යෂ්බදර්ධාන් චෞහාන් 78, මනාල් චෞහාන් 55*, ගිම්හාන් මෙන්ඩිස් 42/2, සෙත්මික සෙනෙවිරත්න 46/1)

Active filters

Recent Posts

  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]
  • පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ සොනාල් දිනූෂ දෙවැනි ටෙස්ට් තරගය බේරා දෙයි
    ඉන්දීය පන්දු යවන්නන්ගේ සියලු උත්සාහයන් අභිබවා යමින් සොනාල් දිනූෂ සහ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය හේතුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ අද (27 දා) නිමාවට පත් දෙවැනි ටෙස්ට් […]
  • සොහාන් සහ කවින්ගෙන් මංගල එක්දින ශතක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee