slc
logo
Home   |    News
ජූලි 19, 2026
ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි 18 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කොළඹ කැප්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් තරගාවලියේ දෙවැනි ජය වාර්තා කිරීමට ගෝල් ක්‍රීඩකයෝ සමත්වූහ.

කාසියේ වාසිය අහිමිව පළමුව පන්දුවට පහර දුන් කොළඹ කැප්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 189ක සාර්ථක ඉලක්කයක් ගොඩනැගුවේ නායක කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙනි.

නායකත්වයට සරිලන ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 53කින් ලකුණු 79ක් රැස් කළ අතර, එම ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය. ඔහුට අනගි සහායක් ලබාදුන් බෙන් මැක්ඩර්මට් පන්දු 34කින් ලකුණු 57ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟිනි.

මෙම දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63කදී ලකුණු 97ක වටිනා සබඳතාවක් ගොඩනඟමින් කොළඹ ඉනිම ශක්තිමත් කළහ.

ලකුණු 190ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 191ක් රැස් කරමින් තරගය ජය ගත්තේය.

එහිදී ආරම්භක පිතිකරු සෑම් හාපර් පන්දු 45කින් වේගවත් ලකුණු 65ක් රැස් කරමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් එල්ල කළේ ගෝල් ඉනිමේ පදනම සකස් කරමිනි. අවසන් මොහොතේ වගකීම භාරගත් සහන් ආරච්චිගේ පන්දු 16කින් නොදැවී ලකුණු 38ක් රැස් කරමින් හතරේ පහර 7ක් සමඟ ජයග්‍රහණය තහවුරු කළ අතර, චරිත් අසලංක ද ලකුණු 28ක දායකත්වයක් ලබා දුන්නේය.

පන්දු යැවීමේදී කොළඹ කැප්ස් වෙනුවෙන් වනුජ සහන් කඩුලු 2ක් දවාගත් අතර ගෝල් ගැලන්ට්ස් වෙනුවෙන් අකීෆ් ජාවෙඩ් ලකුණු 40කට කඩුලු 4ක් දවා ගනිමින් කොළඹ ඉනිම සීමා කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම තරග දෙකකින් ජය දෙකක් ලබා ගනිමින් LPL 2026 තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්ථානයක් තහවුරු කර ගත්තේය.

කලම්බු කැප්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 189 යි – (කුසල් මෙන්ඩිස් 79, සදීර සමරවික්‍රම 15, බෙන් මැක්ඩොමොට් 57, අකීෆ් ජාවෙඩ් 40/4)

ගෝල් ගැලන්ට්ස් පන්දුවාර 19.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 191 යි – (සෑම් හාපර් 65, ලසිත් කෘෘස්පුල්ලේ 17, චරිත් අසලංක 28, සහන් ආරච්චිගේ 38*, මොහොමඩ් නවාස් 16*, හසන් මහ්මූද් 31/2, වනුජ සහන් 18/2)

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee