slc
logo
Home   |    News
ජූලි 19, 2026
‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ (Pink Game) අද (19) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්වුණු අතර, සමාජයට වැදගත් පණිවිඩයක් රැගෙන ආ මෙම විශේෂ තරගයේදී නායක භානුක රාජපක්ෂගේ විශිෂ්ට අර්ධ ශතකය හමුවේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කළේය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් පිල පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 133ක් රැස් කරමින් ජය තහවුරු කළේය.

ජැෆ්නා ඉනිමේ වීරයා වූ නායක භානුක රාජපක්ෂ, පන්දු 37කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 61ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. අවසානයේදී දුනිත් වෙල්ලාලගේ පන්දු 13කින් නොදැවී ලබාගත් ලකුණු 11 ඔහුට වටිනා සහායක් ලබා දුන්නේය.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ සිව්වැනි තරගයේදී නායක භානුක රාජපක්ෂ වාර්තා කරන ලද  අර්ධ ශතකය හේතුවෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දෙවැනි ජය වාර්තා කළේය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මෙම තරගයේදී ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 133ක් රැස් කරමින් ජය තහවුරු කළේය.

ජැෆ්නා ඉනිමේ වීරයා වූ නායක භානුක රාජපක්ෂ, පන්දු 37කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 61ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහුට අවසානයේදී දුනිත් වෙල්ලාලගේ පන්දු 13කින් නොදැවී ලබාගත් ලකුණු 11 හොඳ සහායක් ලබා දුන්නේය.

ඉලක්කය හඹා යාමේදී ජැෆ්නා ආරම්භය එතරම් සාර්ථක නොවීය. කමිල් මිෂාරා ලකුණු 9කට දැවී ගිය අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 15කට සහ චමින්දු වික්‍රමසිංහ ලකුණු 7කට දැවී යාමෙන් ලකුණු 35ක් වෙද්දී කඩුලු 3ක් අහිමි විය. ඉබ්‍රාහිම් සද්‍රාන් පන්දු 25කින් ලකුණු 21ක් රැස් කළද, සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 82දී දැවී ගියේය.

ඉන් අනතුරුව භානුක රාජපක්ෂ ඉනිම පාලනය කරමින් දක්ෂ පිතිහරඹයක නිරත වූ අතර, පන්දු 33කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟිනි. ඩේවිඩ් වීසි ලකුණු 7කට දුවද්දී දැවී ගියද, වෙල්ලාලගේ සමඟ එක්ව තරගය අවසන් කරමින් ජය තහවුරු කළේය.

දඹුල්ල වෙනුවෙන් පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 11කට එක් කඩුල්ලක් දවා ගනිමින් ඉතා සාර්ථක පන්දු යැවීමක නිරත වූ අතර, දුෂ්මන්ත චමීර ලකුණු 29කට කඩුලු 2ක් ද, විශ්ව ලහිරු ලකුණු 11කට එක් කඩුල්ලක් ද දවා ගත්හ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඩම්බුල්ල සික්සර්ස් කණ්ඩායමට ජැෆ්නා කිංග්ස්ගේ විනයගරුක පන්දු යැවීම හමුවේ පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 130ක් පමණි.

ඩම්බුල්ල ඉනිමට සාර්ථක ආරම්භයක් හිමි නොවූ අතර, සහිබ්සාදා ෆර්හාන් ලකුණු 11කට දැවී යාමෙන් පළමු කඩුල්ල ලකුණු 27දී බිඳ වැටුණි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 17ක් ලබා දැවී ගිය අතර, නිරෝෂන් දික්වැල්ල පන්දු 16කින් හතරේ පහර 3ක් සමඟ ලකුණු 23ක් රැස් කළේය.

රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 18ක් ලබා සිටියදී ශකීබ් අල් හසන් හමුවේ දැවී ගිය අතර, මාර්කස් ඇකර්මන් ලකුණු 1කට දැවී යාමෙන් ඩම්බුල්ල ලකුණු 69කට කඩුලු 4ක් අහිමි කර ගත්තේය.

ඉන් අනතුරුව පවන් රත්නායක පන්දු 16කින් හතරේ පහර 5ක් සමඟ වේගවත් ලකුණු 27ක් රැස් කරමින් ඉනිම ගොඩනැගීමට උත්සාහ කළද, අනෙක් අන්තයෙන් කඩුලු අඛණ්ඩව බිඳ වැටීම නිසා එය ප්‍රමාණවත් නොවීය. ගුල්බදීන් නායිබ් ලකුණු 1කට, රමේෂ් මෙන්ඩිස් ලකුණු 3කට සහ මහීෂ් තීක්ෂණ ලකුණු 4කට දැවී ගියහ.

අවසන් මොහොතේ දුෂ්මන්ත චමීර පන්දු 11කින් හතරේ පහර 4ක් සමඟ වේගවත් ලකුණු 18ක් රැස් කරමින් ලකුණු සංඛ්‍යාව 130 දක්වා රැගෙන ගියද, ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ 19.3 වැනි පන්දුවාරයේදීය.

ජැෆ්නා වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ට්‍රවීන් මැතිව් ලකුණු 19කට කඩුලු 3ක් ද, ලිසාඩ් විලියම්ස් පන්දුවාර 2.3කදී ලකුණු 14කට කඩුලු 3ක් ද දවා ගත්තේය. ශකීබ් අල් හසන් පන්දුවාර 4කදී ලකුණු 12ක් පමණක් ලබාදී කඩුලු 2ක් දවා ගනිමින් තරගයේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කළේය. ඩුනිත් වෙල්ලාලගේ ද එක් කඩුල්ලක් දවා ගත්තේය.

තරගයේදී තෙවැනි විනිසුරු විමසීමේ (DRS) අවස්ථා කිහිපයක්ම කැපී පෙනුණි. 11.2 සහ 12.1 පන්දුවාරවලදී ගුල්බදීන් නායිබ්ගේ කඩුල්ල සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සමාලෝචන ඉල්ලා සිටි අතර, දෙවතාවේදීම ක්ෂේත්‍ර විනිසුරුවරුන්ගේ තීරණ එලෙසම තහවුරු විය. එසේම 17.4 වැනි පන්දුවාරයේදී පවන් රත්නායකගේ කඩුල්ල සම්බන්ධයෙන් ජැෆ්නා ලබා ගත් තෙවැනි විනිසුරුගේ සහාය සාර්ථක විය.

ඩම්බුල්ල ඉනිම අතරතුර වර්ෂාව හේතුවෙන් ලකුණු 82කට කඩුලු 6ක් දැවී තිබියදී (පන්දුවාර 13.2) සුළු බාධාවක්ද එල්ල වූ නමුත් තරගය පසුව යළි ආරම්භ කෙරිණි.

ලකුණු සාරාංශය

දඹුල්ල සික්සර්ස් – 130 (පන්දුවාර 19.3)
පවන් රත්නායක 27, නිරෝෂන් දික්වැල්ල 23, රීසා හෙන්ඩ්‍රික්ස් 18, දිනේෂ් චන්දිමාල් 17, දුෂ්මන්ත චමීර 18, ට්‍රවීන් මැතිව් 19/3, ලිසාඩ් විලියම්ස් 14/3, ශකීබ් අල් හසන් 12/2, දුනිත් වෙල්ලාලගේ 31/1, දිල්ෂාන් මධුශංක 31/1

ජැෆ්නා කිංග්ස් – 133/5 (පන්දුවාර 19)
භානුක රාජපක්ෂ 61*, ඉබ්‍රාහිම් සද්‍රාන් 21, අවිශ්ක ප්‍රනාන්දු 15, දුනිත් වෙල්ලාලගේ 11*, දුෂ්මන්ත චමීර 29/2, මහීෂ් තීක්ෂණ 11/1, විශ්ව ලහිරු 11/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee