slc
Home   |    News
නොවැම්බර් 27, 2019
චන්දිමාල් සහ තරංග ඇතුළත් වුණු දෙවැනි අදියරේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ පුහුණු අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරන ලද දෙවැනි අදියරයේ (Level – ii) පුහුණු පාඨමාලාව ඉකුත් දා සාර්ථකව අවසන්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අධ්‍යාපන ඒකකය විසින් නිර්මාණය කරන ලද මෙම දෙවැනි අදියරයේ පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු සහභාගි වූ අතර ඒ අතර හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායකයින් දෙපළක් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක් විය.

ඉකුත් ඔක්තෝම්බර් මස 22 වැනිදා සිට පුරා දින 6 ක් තිස්සේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම පුහුණු පාඨමාලාවට ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩිකාවන් දෙපළක් වුණු ශ්‍රීපාලි වීරක්කොඩි සහ රන්දිකා ගල්හේනගේ ද ඇතුළුව පළමු පෙළ සහ පාසල් මට්ටමේ පුහුණුකරුවන් සහභාගිවූහ. 

පෙර පැවැති පුහුණු ක්‍රමවේදයන් වෙනුවට නවීන පුහුණු ක්‍රමවේදයන් භාවිතය, ක්‍රීඩකයන් තුළ මානසික කුසලතා වර්ධනය කිරීම, ඵලදායී පුහුණු සැලසුම් ගොඩ නැගීම සහ කුසලතා වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව වූ අවබෝධය පුහුණුකරුවන් තුළ වැඩි කිරීම මෙම පාඨමාලාවේ ප්‍රධාන පරමාර්ථයන්ය. 

ඊට අමතරව උසස් පිතිකරණය, වේග පන්දු යැවීම, දඟ පන්දු යැවීම, පන්දු රැකීම සහ කඩුලු රැකීම යන අංශ මෙන්ම නවීන පුහුණු ක්‍රමයන් භාවිතයෙන් ක්‍රීඩකයින්ගේ කුසලතා දියුණු කිරීම කිරීම, පුහුණුකරුවකුගේ කාර්යය භාරය, ඉගැන්වීම හා ඉගෙනීමේ කුසලතා, නිපුණතා අත්පත් කර ගැනීම, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හෙවත් ජෛව යාන්ත්‍රණ විද්‍යාව භාවිතය සහ මානසික තත්ත්වයන් වර්ධනය කර ගැනීම මෙන්ම සන්නිවේදනය සහ ඉදිරිපත් කිරීම මෙම පාඨමාලාවේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුණු අංශ බවට පත්විය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අධ්‍යාපන ඒකකයේ පුහුණු ප්‍රධානී හේෂාන් ද මෙල්, තාරක සමරතුංග සහ චමිල ගමගේ යන මහත්වරු විසින් නිර්මාණය කොට මෙහෙයවනු ලැබූ මෙම පාඨමාලාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන රංගන හේරත්, ප්‍රසන්න ජයවර්ධන සහ රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මහත්වරුද උපදේශකවරුන් ලෙස කටයුතු කළහ.  

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උත්තරීතර විනිසුරු මණ්ඩලයේ විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන මහතා විසින් මානසික තත්ත්වය වර්ධනය කර ගැනීම පිළිබඳව වූ සැසිය පැවැත්වීමද මෙම පාඨමාලාවේ ගුණාත්මක භාවය වැඩිකරවන්නක් විය. මොවුන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවකු වන සුමිත්‍ර වර්ණකුලසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල කාර්යය සාධන අංශයේ ඩිල්ශාන් ෆොන්සේකා, අරවින්ද ජයදේව, දිස්ත්‍රික් පුහුණුකරුවකු වන ශානක ප්‍රනාන්දු ද උපදේශකවරුන් ලෙස කටයුතු කළහ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest