slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2019
නැගීඑන කණ්ඩායම් ශූරතාව කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබූ අන්තර් සමාජ ක්‍රීඩා නැගී එන කණ්ඩායම් අතර ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ 2019 වසරේ ශූරතාව දිනා ගැනීමට කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අද (26 දා) සමත්විය. හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අදාළ අවසන් මහ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කළ කෝල්ට්ස් ක්‍රීඩකයෝ ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 5 ක ජය මල්ලටද හිමිකම් කීහ.

විටන් විට වර්ෂාවෙන් බාධා ඇති වෙමින් දින 3 ක් මුළුල්ලේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී තෙවැනි සහ අවසන් දිනය වූ අද දිනයේදී තරගය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි හලාවත මේරියන්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් රැස් කරගෙන සිටියේය.

තරගය හමාර කරන විට හලාවත මේරියන්ස් පිල වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි දිල්ශාන් සංජීව පන්දු 68 කට මුහුණ දෙමින් ලකුණු 50 ක්ද කවිඳු බණ්ඩාර පන්දු 33 කට මුහුණ දෙමින් ලකුණු 30 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ. 

කඩුලු 3 කට ලකුණු 250 ක් ලබා සිටියදී තෙවැනි දිනය ඇරඹූ කෝල්ට්ස් කණ්ඩායම අද දිනයේදී සියලු දෙනා දැවී ලකුණු 316 ක් රැස් කර ගැනීමට සමත්විය. ඒ අනුව ලකුණු 173 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වුණු හළාවත මේරියන්ස් කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 39 කට බිඳ දමමින් පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අභියසට කෝල්ට්ස් පිල ගෙන ඒමට නිපුන් රන්සික ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත්වූහ. එහෙත් අනතුරුව පිටියට එක්වූ නිමේෂ් විමුක්ති සහ ඩිල්ෂාන් සංජීව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වීම මත හලාවත මේරියන්ස් පිල වැටී සිටි තත්ත්වයෙන් ගොඩ ගැනීමට හැකිවිය. 

එහිදී නිමේෂ් විමුක්ති පන්දු 52 කදී වේගවත් ලකුණු 42 ක් රැස් කරන ලද්දේ තම ඉනිම හයේ සහ හතරේ පහර 2 බැගින් සරසා ගනිමිනි. මුළු ලකුණු සංඛ්‍යාව 103 ක්ව තිබියදී නිමේෂ්ව දවා ගැනීමට මහේෂ් තීක්ෂණ සමත් වුවත්, ඩිල්ෂාන් සංජීවට එක්වූ කවිඳු බණ්ඩාර (30) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක් රැස් කරමින් ගෞරවාන්විත තරගාවසානයක් කරා හලාවත මේරියන්ස් පිල රැගෙන ගියහ. 

කෝල්ට්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 143 ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් කණ්ඩායම පළමු දිනය අවසන් වන විට කිසිවකු නොදැවී ලකුණු 77 ක් ලබා ගත් අතර දෙවැනි දින එය කඩුලු 3 කට ලකුණු 250 ක් වශයෙන් ඉහළ දමා ගත්හ. 

ඒ අනුව තරගයේ සියළු වාසි තමන් සතු කර ගනිමින් තෙවැනි දින ඇරඹූ කෝල්ට්ස් පිල වෙනුවෙන් ජෙහාන් ඩැනියල් ලකුණු 89 ක් ලබා ගනිමින් පිතිකරුවන් අතර කැපී පෙනිණ. ඒ සඳහා පන්දු 162 කට මුහුණ දුන් ජෙහාන් සිය ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් කර ගත්තේය. ඔහුට අමතරව විශාද් රන්දික ලකුණු 63 ක් සහ ධනංජය ලක්ෂාන් ලකුණු 61 ක් වශයෙන් කෝල්ට්ස් පිල වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කළහ. 

පළමු ඉනිමේ වාසිය කෝල්ට්ස් කණ්ඩායම අත්පත් කර ගනිද්දී පන්දුවෙන් කැපී පෙනුණු අසිත ප්‍රනාන්දු ප්‍රතිවාදී පිලේ කඩුලු 5 ක් ලකුණු 62 ක් තුළද නිම්සර අතරගල්ල ලකුණු 81 කට කඩුලු 4 ක්ද දවා ගැනීමට සමත්වූහ.

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 43.5 කදී ලකුණු 143 යි – (නිමේෂ් විමුක්ති 25, ඩිල්ෂාන් සංජීව 46, දසුන් සෙනෙවිරත්න 19, නිපුන් රන්සික 28/4, කවිෂ්ක අංජුල 43/3, නිපුන් මාලිංග 29/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 41.4 කදී කඩුලු 6 ට ලකුණු 153 යි – (ඩිල්ෂාන් සංජීව 50*, නිමේෂ් විමුක්ති 42, කවිඳු බණ්ඩාර 30*, සනෝජ් විජේතුංග 11, කවිඳු ඉරෝෂ් 10, නිපුන් රන්සික 16/2)

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 97.3 කදී ලකුණු 316 යි – (ජෙහාන් ඩැනියෙල් 89, විෂාද් රන්දික 63, ධනංජය ලක්ෂාන් 61, සංතුෂ් ගුණතිලක 21, හේෂාන් ධනුෂ්ක 14, කවිෂ්ක අංජුල 20, නිපුන් මාලිංග 10, අසිත ප්‍රාන්දු 62/5, නිම්සර අතරගල්ල 81/5)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee