slc
Home   |    News
නොවැම්බර් 29, 2019
පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියට කසුන් රජිතව කැඳවයි

Sri Lanka Cricket

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟ දෙසැම්බර් මසදී පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී වේග පන්දු යවන්නන් පිළිබඳව විශ්වාසය තබා ඇති අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුව ඒ සඳහා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රජිත කණ්ඩායමට නම් කර ඇති වේග පන්දු යවන්නෝ වෙති. මොවුන් අතරින් කසුන් රජිත හැරුණු විට සෙසු තිදෙනාම නවසීලන්තය සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයෝ වෙති. අලුතින් කණ්ඩායමට එක්ව ඇති කසුන් රජිත, අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මේ වසර මුලදී දකුණු අප්‍රිකාවට එරෙහිව පෝර්ට් එලිසබෙත්හිදී පැවැති ටෙස්ට් තරගයේදීය. එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 67 ට කඩුලු 3 ක් බිඳ හෙළන රජිත දෙවැනි ඉනිමේදීද ලකුණු 20 කට කඩුලු 2 ක් දවා ගනිමින් එම තරග ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් විශාල දායකත්වයක් දැක්වීමට සමත්විය.

නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී පන්දුයැවීමේ ඉරියව්වේ නිවැරදි භාවය සම්බන්ධව ගැටළුවකට මුහුණ දුන් අකිල ධනංජයගේ ස්ථානය සඳහා කසුන් රජිතව ආදේශ කිරීම හැරෙන්නට 16 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු සියල්ලෝම නවසීලන්ත තරග සංචාරයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් වීම කැපී පෙනෙයි.

වේග පන්දු යවන්නන් සිව් දෙනාට අමතරව ප්‍රධාන දඟ පන්දුයවන්නන් තිදෙනෙකු ද කණ්ඩායමට එක් කිරීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ. එහිදී පළපුරුදු දඟ පන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා සමඟ ලක්ෂාන් සඳකැන් සහ ලසිත් ඇඹුල්දෙණියවද කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් 2009 වසරේ මාර්තු 03 වැනිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ලොව ටෙස්ට් කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිවන පළමු අවස්ථාව වන්නේද ලබන දෙසැම්බර් මස 11 වැනිදායින් ආරම්භ වන දෙරට අතර ටෙස්ට් තරගාවලිය වේ. එම ප්‍රහාරය එල්ල වුණු කණ්ඩායමට ඇතුළත්ව සිටි කණ්ඩායමේ සාමාජිකයින් අතුරින් වත්මන් කණ්ඩායමට ඇතුළත්ව සිටින එකම ක්‍රීඩකයා වන්නේ වේග පන්දු යවන සුරංග ලක්මාල් පමණි.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ලබන 08 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිත අතර පළමු ටෙස්ට් තරගයට දෙසැම්බර් 11 වැනි දින රාවල්පිණ්ඩිහිදී සහභාගිවීමට නියමිතය. දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 19 වැනිදා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියේ පළමු අදියර හෙවත් තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මසවලදී පාකිස්තානයේදී සහභාගිවුණු අතර එම එක්දින තරගාවලියෙන් 2-0 ක් ලෙස පරාජය ලැබුවද විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. ඕෂධ ප්‍රනාන්දු, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා, 7. නිරෝෂන් දික්වැල්ල, 8. දිල්රුවන් පෙරේරා, 9. ලසිත් ඇඹුල්දෙණිය, 10. සුරංග ලක්මාල්, 11. ළහිරු කුමාර, 12. විශ්ව ප්‍රනාන්දු, 13. කසුන් රජිත, 14. ලක්ෂාන් සඳකැන්, 15. කුසල් ජනිත් පෙරේරා, 16. ළහිරු තිරිමාන්න.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest