slc
Home   |    News
නොවැම්බර් 4, 2019
පුහුණුකරුවන් පුහුණු කරන්න හේෂාන් සහ තාරක ICC යට යති

Sri Lanka Cricket

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන තුන්වැනි අදියරේ (Level 3) පුහුණු පාඨමාලාවක සම්පත් දායකත්ව මණ්ඩලයේ කටයුතු කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික පුහුණුකරුවන් දෙපළක් වන හේෂාන් ද මෙල් සහ තාරක සමරතුංග යන මහත්වරුන් දෙදෙනා හට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ආරාධනා කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකය විසින් පවත්වනු ලබන මෙම පාඨමාලාව නොවැම්බර් මස 01 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී ආරම්භවිය. මෙම මස 06 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පාඨමාලාවේදී හේෂාන් ද මෙල් මහතා, උපදේශකයකු මෙන්ම සමස්ථ වැඩසටහනේම අධීක්ෂණ පුහුණුකරුවකු ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම වැඩසටහනට සහභාගිවී සිටින තාරක සමරතුරංග මහතා ‘මානසික කුසලතා’ වැඩිදියුණු කිරීම පිළිබඳව උපදේශකයකු ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන ඒකකයේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරන හේෂාන් ද මෙල් මහතා, ක්‍රිකට් ඔස්ට්‍රේලියා විසින් පවත්වන ලද පළමු සහ දෙවැනි අදියරේ පුහුණුකරුවකු ලෙසද ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ලද තෙවැනි අදියරේ පුහුණුකරුවකු ලෙසද සුදුසුකම් ලබා සිටියි. මීට අමතරව ඔහු ක්‍රිකට් ඔස්ට්‍රේලියානු අධ්‍යාපන අංශයේ පළමු සහ දෙවැනි ශ්‍රේණි සමත් පුහුණුකරුවක්ද වන්නේය.

ඔහු සමඟ මෙම කර්තව්‍යයට දායක වී සිටින අනෙක් ශ්‍රී ලාංකිකයා වන සමරතුංග මහතා, ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පවත්වන ලද පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණිවල පුහුණුකරුවකු ලෙස සුදුසුකම් ලබා සිටින අතර ඊට අමතරව ක්‍රිකට් ඔස්ට්‍රේලියා විසින් පවත්වන ලද දෙවැනි අදියරේ පුහුණුකරුවකු ලෙසද සුදුසුකම් ලබා සිටියි.

තමන්ට ලැබුණු මේ වටිනා අවස්ථාව පිළිබඳව අදහස් දක්වා සිටින හේෂාන් ද මෙල් මහතා, මෙවැනි අවස්ථාවක් හිමිවීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන ඒකකයේ ගුණාත්මක භාවය පැහැදිළිවම පෙන්නුම් කරන බව සඳහන් කර සිටියි. මේ අතර සමරතුංග මහතා අදහස් දක්වමින්, මෙම වැඩසටහනෙහි කොටස්කරුවකු වීම හරහා පාඨමාලාව සඳහා සහභාගිවන්නන්ට තම උපරිමයම ලබාදීමට බලාපොරොත්තු වන බව සඳහන් කර සිටියි.

මෙම පාඨමාලාව සඳහා ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, සිම්බාබ්වේ, ඇමරිකා එක්සත් ජනපදය, උගන්ඩාව, එක්සත් අරාබි එමීර්, කටාර් සහ සෞදි අරාබි යන රටවල් නියෝජනය කරමින් පුහුණුකරුවෝ සහභාගිවෙති.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest