slc
logo
Home   |    News
දෙසැම්බර් 18, 2019
අයර්ලන්තය සමඟ ටෙස්ට් තරගය කල් යයි

Sri Lanka Cricket

එළැඹෙන 2020 වසරේ ආරම්භයේදී අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ. මූලික තරග කාල සටහනට අනුව ටෙස්ට් තරගයක් පමණක් ඇතුළත්ව තිබුණු මෙම තරගාවලිය ලබන ජනවාරි මස සහ පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව තිබුණි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විකාශන අයිතිය ලබා දීම සම්බන්ධව 2013 වසරේදී ගිවිසුම් අත්සන් තැබීමේදී අයර්ලන්ත සමඟ තරගයක් සිය තරග කාල සටහනට ඇතුළත්ව නොතිබූ බවත් එම අත්සන් තැබීමෙන් පසු අයර්ලන්තයට ටෙස්ට් වරම හිමිවූ බවත් සඳහන් කර තිබේ. 

ඒ අනුව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සමඟ සිදුකරන ලද සාකච්ඡාවකින් අනුව මෙම තීරණයට එළැඹි බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී තරගාවලිය විකාශන අයිතිය අළුත් කිරීමේදී ගිවිසුම් ගත වීමට නියමිත තරග කාල සටහනට ඇතුළත් කරමින් තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විකාශන අයිතිය නැවත අළුත් කිරීම ලබන 2020 වසරේදී සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. 

මූලික තරග සැලසුමට අනුව අයර්ලන්ත කණ්ඩායම පෙබරවාරි මස 08 වැනිදා සිට 12 වැනිදා දක්වා වූ කාලයේදී ශ්‍රී ලංකාව සමඟ එක් ටෙස්ට් තරගයකට සහභාගිවීමට නියමිතව තිබිණ.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest