slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2019
එකළ එදිරිවාදීන් මෙදා අගමැති මැඳුරේදී මුණ ගැසෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානු තරග සංචාරයට සහභාගිව සිටින අතරතුරදී වත්මන් පාකිස්තානු අග්‍රාමාත්‍ය හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් මහතාව මුණ ගැසී කතා බහ කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීන් දෙදෙනකු වන අසන්තා ද මෙල් සහ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන රොමේෂ් රත්නායක මහත්වරුන්ට අවස්ථාව උදාවී තිබේ.

දෙරට අතර රාවල්පිණ්ඩිහි ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ පළමු දින අවසනදී ස්ලමාබාද්හි පිහිටි අගමැතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදුවී තිබේ. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම 1992 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගන්නා ලද්දේ ඉම්රාන් ඛාන් මහතාගේ නායකත්වය යටතේය.  1971 වසරේදී ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන ලද ඉම්රාන් ඛාන් මහතා ඒ වසරේ සිට එංගලන්තයට එරෙහිව පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය දක්වා පාකිස්තානු පිල නියෝජනය කළේය. ඒ අතරතුර කාලයේදී ඉම්රාන් ඛාන් මහතා 1986 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේදී අසන්තා ද මෙල් සහ රොමේෂ් රත්නායක යන මහත්වරුන් සමඟ ක්‍රීඩා කළහ.

වසර 33 කට පෙර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී  පාකිස්තානු පිලේ නායකයා ලෙසින් ද කටයුතු කළ ඉම්රාන් ඛාන් මහතා, ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් දවා ගන්නා ලද්දේ එම ඉනිම දෙකේදීම ලකුණු 49 බැගින් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. එම තරගයේදී වේග පන්දු යවන්නන් ලෙසින් ශ්‍රී ලංකාව නියෝජනය කළ අසන්තා ද මැල් මහතා ලකුණු 50 කට කඩුලු 3 ක්ද රුමේෂ් රත්නායක මහතා ලකුණු 57 කට කඩුලු 3 වශයෙන් දවා ගැනීමට සමත්වූහ.

කෙසේ වෙතත් මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 20 ක පරාජයක් අත්වුණු නමුත් එම තරගාවලිය යටතේ සී. සී. සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජය ගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගත්තේය.

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරි මහතා වන නූර්දීන් මොහොමඩ් සයිඩ් මහතාගේ සංවිධානයත්වයෙන් මෙම හමුව සිදුවී තිබෙන බව මේ පිළිබඳව අදහස් දක්වා සිටි පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති එෂාන් මානි මහතා අවධාරණය කර සිටියේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, “ඇත්තටම ඒක පෞද්ගලික මුණ ගැසීමක්. එය මෙරට මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කරලා කණ්ඩායමේ නිලධාරීන්ව අතර වුණු හමුවීමක්. ඇත්තටම අපේ අගමැතිතුමා ක්‍රිකට් ක්‍රීඩා කළ නිසා මේ පිරිස ඔහු පෞද්ගලිකවම හඳුනනවා සහ ඔවුන් සමඟ ක්‍රීඩා කරල තියෙනවා.  අන්න ඒ නිසයි ඔවුන් සමඟ මුණ ගැසිලා කතා බහ කරන්න කාලය වෙන් වුණේ” යැයි පැවැසීය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest