slc
logo
Home   |    News
දෙසැම්බර් 16, 2019
කසුන් රජිත ආබාධයකට ගොදුරු වෙයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi

පාකිස්තානය සමඟ රාවල්පිණ්ඩි නුවර පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කසුන් රජිත ආබාධයකට ලක්ව තිබෙන බැවින් ලබන 19 වැනිදා කරච්චිහිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතියි.

වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා පළමු ඉනිමට පමණක් සීමා වුණු පළමු ටෙස්ට් තරගයේ පන්දු යවන අතරතුරදී කසුන් මස් පිඬු ඉරී යෑමේ ආබාධයකට මුහුණ දී තිබේ. ශ්‍රී ලංකාවේ ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කරන ලද කසුන් රජිත තරගයේ පස්වැනි සහ අවසන් දිනයේදී එක දිගට පන්දු වාර 6 ක් ක්‍රියාත්මක කළේය. එහිදී  නිලකුණු පන්දුවාර 2 ක්ද සමඟ ලකුණු 05 කට කඩුල්ලක් දවා ගත් කසුන් අනතුරුව පාකිස්තානය ක්‍රීඩා කරන ලද පන්දුවාර 70 ඇතුළත එකම අවස්ථාවක හෝ පන්දු යැවීමෙන් වැළකී සිටියේය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අදහස් දක්වා සිටි කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා, ඉදිරි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව කසුන්ට බොහෝ විට අහිමිවනු ඇති බව තමා විශ්වාස කරන බව පැවැසීය. මෙහිදී කසුන් බොහෝ විට ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට නියමිත බවද කළමනාකරු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් කසුන්ගේ ස්ථානය සඳහා ආදේශ කරන්නේ කවුරුන්ද යන්න මේ වන තෙක් තීරණයකට එළැඹ නැති බවද තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරන ද මෙල් මහතා අවධාරණය කර සිටියේය. ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලබා ගත් ලකුණු 308 පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායම ජය පැරදුමෙන් තොරව අවසන් වන විට කඩුලු 2 කට ලකුණු 252 ක් ලබා සිටියේය.

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee