slc
logo
Home   |    News
දෙසැම්බර් 5, 2019
ක්‍රීඩකයින් තුළ දක්ෂතා හැසිරවීම ගැන අවබෝධය වැඩි කළ යුතුයි – පුහුණුකරු තනතුර භාර ගත් මිකී ආතර්

Sri Lanka Cricket

කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු මිකී ආතර් අවශ්‍ය වන්නේ දක්ෂතා භාවිතා කළ යුත්තේ කෙසේද, කොයි අවස්ථාවේදීද යන්න වග කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තේරුම් කිරීම වන බව පවසයි. 

ඉදිරි වසර 2 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් මිකී ආතර්, සිය වගකීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (05 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඉහත අදහස් පළ කර සිටියේය. 

එහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටි මිකී ආතර් මහතා, අද උදෑසන කාලයේදී තමන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ කතා බහ කිරීමට අවස්ථාව උදා වූ බවත් එහිදී රටක් වශයෙන් ක්‍රීඩා කිරීමට ක්‍රීඩාංගණය තුළට අවතීර්ණ වද්දී ක්‍රීඩා කරනු ලබන හැම තරගයක්ම ජයග්‍රහණය කිරීමේ වැදගත් කම පෙන්වා දුන් බවද සඳහන් කර සිටියේය.

“මම අද උදේ ක්‍රීඩකයින් සමඟ පුහුණු සැසියකට සහභාගි වුණා. ඇත්තටම එය ඉතා හොඳ සැසියක් වුණා. එතැනදි මම දැක්ක දෙයක් තමයි දක්ෂතා තියෙන ක්‍රීඩකයින් එතැන ඉන්න බව. එතැනදි කළ යුත්තේ ඔවුන්ගේ දක්ෂතාවයන් කොහොමද හරියට භාවිතා කරන්නේ කියන එක ගැන අවධානය යොමු කරන එකයි. ඒ වගේම ඒ දක්ෂතා කොයි වෙලාවටද පාවිච්චි කරන්න ඕන කියන එක ගැන එයාලව දැනුවත් කරන්න ඕනෑ”යි පවසා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගැනීමට පෙර මිකී ආතර් මහතා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟ ගෙවී ගිය වසර 3 ක පමණ කාලයක් කටයුතු කර තිබෙන බැවින් ආසියානු තණතීරු මෙන්ම එහි ක්‍රීඩකයන් හිතන පතන අන්දම පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔහු සතුවීම ශ්‍රී ලංකාවට අතිරේක වාසියක් ලෙසින් සැලකිය හැක. 

“පාකිස්තානය සමඟ හොඳන් වැඩ කරපු වසර 3 ක කොන්ත්‍රාත් කාලය නිමා කරලා ඉන්නකොට තමයි ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුර පුරප්පාඩු වුණේ. ඒ අනුව මම ප්‍රධාන විධායක නිලධාරී තුමා වන ඈෂ්ලී ද සිල්වා මහතා සමඟ සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ. එතැනදි මම තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් ගොඩක් දැක්ක”යි සිය තනතුර ලබා ගැනීම පිළිබඳව ආතර් මහතා කරුණු දැක්වීය. 

මේ අතර තමා හමුවේ ඇති ආසන්නම අභියෝගය වන්නේ එළැඹෙන 11 වැනිදා පාකිස්තානය සමඟ ආරම්භ වන ටෙස්ට් තරගාවලිය වන බවත්, එය ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වෙන බැවින් එම තරගාවලිය ජය ගැනීම ඉතා වැදගත් වන බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, “අපි දැන් ඉන්නේ ටෙස්ට් ලෝක ශූරතාවය පැවැත්වෙන වකවානුවක. ඊට පස්සේ අයි. සී. සී. විස්සයි-20 ලෝක ශූරතාවලිය එනවා. නමුත් මගේ වගකීම මේ සෑම අභියෝගයකටම හොඳින් මුහුණ දීම සඳහා කණ්ඩායම සූදානම් කිරීම. මම උදේ ක්‍රීඩකයින් සමඟ කතා කරනකොටත් කිව්වේ අපි ක්‍රීඩා කරන්න මැද්දට යනකොට නිතරම හිතන්න ඕන දෙයක් තමයි අපි නියෝජනය කරන්නේ පෞඪ ක්‍රිකට් ඉතිහාසයක් තියෙන රටක් කියන එක කියලයි. එතැනදි අපි ක්‍රීඩා කරන හැම තරගයක්ම ජය ගැනීම වැදගත් වන බව මම ඔවුන්ට පෙන්වලා දුන්නා”යැයි මිකී ආතර් වැඩිදුරටත් කරුණු දැක්වීය.

මෙතැනදි වඩාත් වැදගත් වන දේ තමයි ක්‍රීඩකයින්ව ඒ සඳහා හුරු කරවන එක. එතැනදි කණ්ඩායමක් විදියට දිගින් දිගටම දක්ෂතා දැක්වීම තමයි ඉතාම වැදගත්. ඒ වගේම ඉතා ඉහළ දක්ෂතාවයෙන් යුතුව තරගවැදීමත් ඉතාම වැදගත්. ඔය කියන කරුණු හරියට සිද්ධ කරගන්න පුලුවන් නම් අපිට ඉදිරියට එන එක ගැටළුවෙක් නොවෙයි”යැයි ආතර් පැවැසීය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරට මිකී ආතර්ව පත් කර ගැනීමට හැකිවීම පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන ද සිල්වා මහතා පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන අවස්ථාවේදී ලබා ඇති අත්දැකීම් අපේ කණ්ඩායමේ දක්ෂතා ඉහළ මට්ටමට ගෙන ඒමට යොදා ගනු ඇති බව විීශ්වාස කරන බව සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee