slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2019
තරගයේ වාසිය ගැන දික්වැල්ලගේ විග්‍රහය

Sri Lanka Cricket

වේග පන්දු යවන්නන් සිව් දෙනෙක් සිටීම අපිට වාසියක්

Chamila Karawita reporting from Rawalpindi 

රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය අවට අහස් කුස කළු කරන් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය තුළ යැවීමට නියමිත වූ පන්දුවාර 97 න් ක්‍රියාත්මක කිරීමට18 කුත් පන්දු 2 ක් පමණි. එය දිනයේ යැවීමට නියමිත සමස්ථයක් පන්දුවාර සංඛ්‍යාවට සැසඳූ විට පන්දුවාර 78 කුත් පන්දු 4 ක් තරගයට අහිමිවීමකි. 

පළමු දිනය තුළදී කිසියම් පසුබෑමකට ශ්‍රී ලංකා පිල මුහුණ දුන්නද අද දිනයේ පැවැති මිනිත්තු 82 ක පමණ කාලයේදී සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල සමත්විය. වැහි බර කාලගුණික තත්ත්වය හේතුවෙන් වේග පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් ලබා දුන් පිණ්ඩි තණතීරුවේදී හොඳ අවධානයකින් පන්දුවට පහර දුන් දික්වැල්ල සහ ධනංජය දෙපළ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක් එක් කිරීමට සමත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු තබා තිබෙන ලකුණු සංඛ්‍යාවේ මඳක් වූ ආසන්නයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා විය. 

එහෙත් වර්ෂාවෙන් බාධා ඇති වීමෙන් පසු දෙවැනි වරට තරගය පවත්වන කාල සීමාව තුළදී ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් පිටත දාරයේ වැදී ගලීහි පන්දු රැකී බාබර් අසාම්ගේ දෑත් අතර සිරවීම නිසා දික්වැල්ලගේ වටිනා ඉනිම ලකුණු 33 දී නිමාවට පත්විය. දික්වැල්ලගේ දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් වුවත් පිට ඉන්නට මඳක් ඈතින් ආ පන්දුවට පිත්ත පමණක් හුවා දැක්වීමේදී මීට වඩා දඬුවමක් බලාපොරොත්තු විය නොහැකි බව තේරුම් ගත යුත්තේ දික්වැල්ලමය.

කෙසේ වෙතත් දිනය අවසානයේ පැවැත්වෙන සමාලෝචනය සඳහා පැමිණි මේ වමත් පිතිකරුවා, තමා දැවී ගියද ධනංජය ද සිල්වා සහ ඩිල්රුවන් දෙදෙනා ඇතුළු සෙසු පිතිකරුවන් සිව් දෙනාට ලකුණු 300 කට වඩා ලකුණු සංඛ්‍යාවකට යෑමේ හැකියාව පවතින බවයි. එසේ වුවහොත් තරගයේ වැඩි පීඩනය පාකිස්තානු පිල වෙත යොමු කිරීමේ හැකියාව උදාවන බවද කඩුලු ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින්නා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 

“අපි දැන් ලකුණු 260 සීමාවේ රැඳී ඉන්නේ. ධනංජයත් එක්ක දිල්රුවන් කඩුල්ලේ රැඳී ඉන්නවා. මං හිතනවා ඔවුන් දෙදෙනා අපේ පන්දු යවන පිතිකරුවන් සමඟ එක් වෙලා ලකුණු 300 කට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා කණ්ඩායම රැගෙන යයි කියලා. ඊට වැඩි සංඛ්‍යාවකට ගියොත් මේ කාලගුණයත් එක්ක අපේ පන්දු යවන්නන්ට පාකිස්තානු කණ්ඩායමට වඩා ඉහළින් තරගය නිමා කරන්න පුලුවන් කියලා විශ්වාස කරනවා”යි දික්වැල්ල කරුණු දැක්වීය. 

පාකිස්තානු කණ්ඩායම මෙම තරගයට අවතීර්ණව සිටින්නේ පන්දුවට පහර දීමේදී එතරම් දක්ෂතාවයක් නැති වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විත නිසා ඔවුන්ගේ ඉදිරි පෙළ කඩුලු 5 ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකා පිලට බෙහෙවින් වැදගත් වන බවයි. “පාකිස්තානු කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සිව් දෙනෙක්ම ඉන්නේ. ඔවුන් සියල්ල පසු පෙළින් පන්දුවට පහර දෙන පිතිකරුවන්. ඒ කියන්නේ අපි පළමු කඩුලු 5 දවා ගන්න පුලුවන් වුණොත් මේ තරගය ජය ගැනීම සදහා අපිට ලොකු අවස්ථාවක් තියෙනවා” යැයි දික්වැල්ල කරුණු දැක්වීය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 34 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින මේ හුරුබුහුටි වමත් පිතිකරුවා ටෙස්ට් ශතකයකට තවමත් හිමිකම් කියා නොමැත. ඉනිමක සාමාන්‍ය 30.49 ක් පවත්වාගෙන යනු ලබන දික්වැල්ලගේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් පාකිස්තානු පිලට එරෙහිව 2017 වසරේදී අබුඩාබිහි පැවැති ටෙස්ට් තරගයේදී රැස් කරන ලද ලකුණු 83 සටහන් වේ. සිය ටෙස්ට් තරග දිවියේ තෙවතාවක් ලකුණු 80 සීමාව ඉක්මවාලීම දික්වැල්ල නවසීලන්තයට එරෙහිව වෙලිංටන්හි පැවැති තරගයේදී නොදැවී ලකුණු 80 ක් ලබාගැනීමට සමත්ව තිබේ.  ශතකයක් දක්වා සිය ඉනිම පරිවර්ථනය කර ගැනීමට අවාසනාවන්ත වී සිටින දික්වැල්ල ක්‍රීඩා කරන ලද ඉනිම 62 දී 13 න් වතාවක් ලකුණු 50 සීමාව ඉක්මවා ඇත.

මේ අතර මේ තරගය ප්‍රතිඵලයක් ගෙන දේවි දැයි සිදුකරන ලද ප්‍රශ්න කිරීමකදී උදාහරණ සහිතවම පිළිතුරු දුන් දික්වැල්ල ටෙස්ට් ලෝක ශූරතාවය ආරම්භ කරමින් නවසීලන්තයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කෙටි කාලයක් ඇතුළත කඩුලු 5 ක් දැවී යෑම නිසා එම තරගයෙන් තම කණ්ඩායම පරාජයට පත්වූ බව තවමත් මතකයේ පවතින බවත් එබැවින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අනාවැකි පළ කිරීම කිසිවටෙකත් සිදු කළ නොහැකි බව අවාධාරණය කර සිටියේය. 

එම තරගයේ පස්වැනි සහ අවසන් දිනය වුණු අද දිනයේදී පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකාවට තිබුණේ අවස්ථා දෙකකි. එනම් ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ සිට යැවීමට නියමිත වූ පන්දුවාර 91 ක් තුළ සිය කඩුලු රැක ගැනීම හෝ ලකුණු 187 කට වඩා වැඩියෙන් ලබා ගැනීමය. තරගය පැවැති දින 5 න් 3 කදීම වර්ෂාවෙන් බාධා ඇති වුවද තරගය ආරම්භයේ සිට දිවා ආහාරය තෙක් තරගය ක්‍රියාත්මක කාලය ඇතුළත ලකුණු 33 ක් ඇතුළත ශ්‍රී ලංකා පිලේ කඩුලු 5 ක් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා ජයග්‍රහණයක් පෙනෙන තෙක් මානයක නොතිබුණු තරගය ජයග්‍රහණය කරා පරිවර්තනය කර ගැනීමට සමත්විය.

“ක්‍රිකට් ක්‍රීඩාවේදී අනාවැකි කියන්න බෑ. ඒක අමුතුම ක්‍රීඩාවක්. මගේ මතකයේ තියෙනවා නවසීලන්තයට එරෙහිව පැවැති තරගයක්. ඒ තරගයේදී අපේ කඩුලු 5 ක් ඉක්මනින් බිඳ වැටුණා. ඒකත් මේ වගේම වර්ෂාවෙන් බාධා ඇති වුණු තරගයක්. නමුත් අනපේක්ෂිත අන්දමින් සිදුවුණු දේ නිසා මුලු තරගයම මුලුමනින්ම වෙනස් වුණා. අන්න ඒකයි මම කිව්වේ ක්‍රිකට් ක්‍රීඩාවේදි අනාවැකි කියන්න බෑ කියලා. අපි යා යුත්තේ පන්දුවෙන් තරගයට. සමහර විට පස්වැනි දිනයේ වුණත් ප්‍රතිඵලයක් එන්න බැරි නෑ. ඒත් අපි අවධානය යොමු කරන්නේ හෙට දිනය ගැන පමණයි” යැයි දික්වැල්ල අදහස් දැක්වීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar