slc
logo
Home   |    News
දෙසැම්බර් 20, 2019
“දිනන්න නම් ඉලක්කය 250 ට අඩු වෙන්න ඕනෑ” – දිනේෂ් චන්දිමාල්

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi 

සිව්වැනි ඉනිමේදී ලකුණු 250 කට වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමේ අවස්ථාව yහිමි වුවහොත් පාකිස්තානයට එරෙහිව කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමේ අවස්ථාව  ශ්‍රී ලංකා කණ්ඩායම සතු බව මැද පෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසයි. 

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (20 දා) දිනයේදී ලකුණු 74 ක් ලබා ගැනීමට චන්දිමාල් සමත්වීම නිසා පාකිස්තානු පිලට එරෙහිව ලකුණු 80 ක පළමු ඉනිමේ වාසියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. දෙවැනි දිනයේ දැවැන්තම කාර්යය භාරය ඉටු කරන ලද පිතිකරුවා බවට පත්වූ චන්දිමාල් දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඉහත කරුණ අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ටෙස්ට් නායකයා, තරගය ජය ගැනීමට නම් තෙවැනි දිනය ආරම්භයේදීම කඩුලු 2 ක් දවා ගැනීම අනිවාර්යය බවද අවධාරණය කර සිටියේය. “ඇත්තටම මේ තණතිල්ලේ පිතිකරණයේ යෙදෙන එක ලේසි නෑ. අපිට ලකුණු 80 ක වාසියකුත් තියෙනවා. එතැනින් තව ලකුණු 30 ක් වගේ ඉතිරි වෙලා තියෙනවා. ඒක නිසා අපිට මේ ලකුණු 30 ඇතුළත හෙට උදේ කඩුලු 2 ක් දවාගෙන කොහොම හරි සිව්වැනි ඉනිමේදී ලකුණු 250 කට වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් හඹා යන්න පුලුවන් නම් මේ තරගය ජයග්‍රහණය කරන්න පුලුවන්” යැයි සඳහන් කර සිටියේය.

කරච්චි ක්‍රීඩාංගණයේ බලාපොරොත්තු වූයේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් වුවත් අනපේක්ෂිත ලෙස පළමු දිනයේදීම කඩුලු 13 ක් බිද වැටුණි. දිනය අවසන් වන විට කඩුලු 3 ක් අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ විශාලම අභියෝගය බවට පත්වූයේ පාකිස්තානු කණ්ඩායම ලබාගෙන සිටින ලකුණු 191 ක ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමය. කඩුලු 7 කට ලකුණු 127 ක්ව අවශ්‍යව තිබියදී දෙවැනි දිනය ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි වගකීමක් ඒ වන විටත් කඩුල්ලේ රැදී සිටි ඇන්ජලෝ මැතිව්ස් වෙත පැවැරී තිබුණත් ලකුණු 80 ක් වන විට මැතිව්ස්ද දැවී යෑම නිසා ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවයකට පත්විය. 

එහෙත් අවශ්‍ය මොහොතේම ක්‍රියාත්මක වුණු චන්දිමාල් මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් සමඟ එක්ව සාර්ථක කඩුලු සම්බන්ධතාවන් පවත්වමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 271 ක් දක්වා ඉහළට රැගෙන ඒමට දායකත්වය දැක්වූවේය. ඔස්ට්‍රේලියාවට එරෙහිව පෙබරවාරි මසදී සහභාගිවුණු තරග 2 න් පසු චන්දිමාල් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන ලද්දේ රාවල්පිණ්ඩිහි පැවැති පළමු තරගයටය.

එම තරගයේදී ලකුණු අතරට පැමිණිමට චන්දිමාල් අපොහොසත් වුවත් මෙම තරගයේදී ලකුණු අතරට පැමිණීම කණ්ඩායමට දැඩි ශක්තියක් ගෙන දුන් සිදුවීමක් බවට පත්විය. කෙසේ වෙතත් චන්දිමාල් විසින් අද දිනයේදී තම ටෙස්ට් තරග දිවියේ 18 වැනි අර්ධ ශතකයක් රැස් කිරීමට සමත්වූයේ වසරක පමණ කාලයකින් පසුව වීම විශේෂත්වයකි. ඔහු අවසන් වරට අර්ධ ශතකයක් රැස් කිරීමට සමත්ව ඇත්තේ ඉකුත් වසරේ නවසීලන්තයට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති ටෙස්ට් තරගයේදීය.

ඒ පිළිබඳව චන්දිමාල් දරන්නේ මෙවැන් අදහසකි. “මුලින්ම නැවතත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබීම ගැන සංතෝෂයි. ඒ වගේම කලකට පසු ලකුණු අතරට පැමිණීමට හැකිවීම ගැනත් මම සංතෝෂ වෙනවා” යි පැවැසූ චන්දිමාල් වසර 10 ක පමණ ජාත්‍යන්තර තරග දිවියේ වැඩිම කාලයක් කණ්ඩායමෙන් ඉවත්ව සිටි කාල සීමාව එය වූ බවත්, එම කාලය ගත කිරීම තමාට සෑහෙන අසීරු වුණු බවත් සඳහන් කර සිටියේය.

“මම අවුරුදු 10 ක් වෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා. ඒ කාලය ඇතුළත මම කවදාවත් මාස 10 ක් වගේ කාලයක් කණ්ඩායමෙන් එළියෙ ඉඳලා නෑ. ඒක කාලය මට සෑහෙන්න අමාරු වුණා. විශේෂයෙන්ම පළමු මාස 2 ගෙදරට වෙලා තරග නරඹද්දී” යැයි පැවැසූ චන්දිමාල්, “ඕනෑම කෙනෙක්ට කණ්ඩායමේ ඇතුළට යන්නත් එළියට එන්නත් පුලුවන්. මගෙත් යම් යම් අඩු පාඩු කම් තිබ්බා. විශේෂයෙන්ම පිතිකරණ අංශයෙන්. ඒ කාලය ඇතුළත පිතිකරණ අංශයේ හදාගත යුතු අඩුපාඩු මෙන්ම ශාරීරික යෝග්‍යතාව පිළිබඳව මම ගොඩක් කටයුතු කළා”යි සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee