slc
Home   |    News
දෙසැම්බර් 12, 2019
ධනංජයගේ ඉනිමෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi 

පාකිස්තානු කණ්ඩායම සමඟ රාවල්පිණ්ඩිහි ‘පිණ්ඩි’ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 දා) තරගය පැවැති මිනිත්තු 82 ක කාල සීමාවේදී ශ්‍රී ලංකා පිතිකරුවන් තවත් ලකුණු 61 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගනිද්දී එක් කඩුල්ලක් දවා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. 

පන්දු වාර 18 කුත් පන්දු 2 කින් සමන්විත වූ දෙවැනි දිනයේ අඳුරු කාලගුණ තත්ත්වය මත තරගය නවතා දමන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 263 ක් ලෙසින් සටහන්ව තිබිණ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම් කාරය බවට පත්ව සිටින ධනංජය ද සිල්වා පන්දු 131 කදී ලකුණු 72 ක්ද ඩිල්රුවන් පෙරේරා ලකුණු 02 ක්ද ලබා තරගයේ දෙවැනි දිනය වන හෙට (13 දා) ද පන්දුවට පහර දීමේ අපේක්ෂාවෙන් පසු වෙති. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම බවට පත්ව සිටින ධනංජය ද සිල්වා සිය ටෙස්ට් තරග දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වීම අද දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම විය. පෙර දිනයේ ලකුණු 38 ක් ලබා ගනිමින් දිනය ඇරඹූ ධනංජය මුහුණ දුන් 94 වැනි පන්දුවේදී රැස් කරගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අතශවශම මොහොතක සිය පිත්ත ක්‍රියාත්මක කරමින් සිටින ධනංජය තරගය නිමා වන විට හතරේ පහර 11 ක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේය. 

රාවල්පිණ්ඩි ප්‍රදේශය තුළ පවතින අධික ශීත කාලගුණික තත්ත්වය මත ඒ අවට ප්‍රදේශය තරමක අඳුරු පැහැ ගෙන තිබුණද නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට විනිසුරුවන්ට හැකි විය. එහෙත් තරගය අරඹා ගෙවී ගිය 35 වැනි මිනිත්තුවේදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුණු බැවින් තාවකාලිකව නවතා දැමීමට විනිසුරුවෝ කටයුතු කළහ.

කඩුලු 5 කට ලකුණු 202 ක් ලබා සිටියදී දෙවැනි දිනය ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ක්‍රියාත්මක පන්දුවාර 7.5 දී කිසිදු කඩුල්ලක් ලබා නොදුන් ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල තවත් ලකුණු 20 කින් හෙවත් ලකුණු පුවරුව 222 දක්වා ඉහළ දැමීමට සමත්වූහ. 

තරගය පැවැති මිනිත්තු 35 ක කාලය ඇතුළත සිදුවූ එකම කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ පෙර දින ලකුණු 38 ක් ලබා සිටි ධනංජය ද සිල්වා සිය ටෙස්ට් තරග දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වීමය. අනතුරුව මිනිත්තු 164 කින් පසුව ඇරැඹි තරගය නැවත මිනිත්තු 47 ක කාලයක් පුරා පැවැති අතර ඒ අතරතුර කාලයේදී නව පන්දුව ලබා ගත් පාකිස්තානු පන්දු යවන්නෝ කාලගුණයේ වාසිය භාවිතා කරමින් නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල දවා ගත්තේය. 

ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ ගලී ස්ථානයේ පන්දු රැකී බාබර් අසාම් උඩ පන්දුවක් රැග ගැනීම මත ලකුණු 33 කින් සමන්විත දික්වැල්ලගේ ඉනිම අවසන්  විය. පන්දු 63 කට මුහුණ දුන් දික්වැල්ල තම ඉනිම හතරේ පහර 4 කින් සරසා ගනිද්දී හයවැනි කඩුල්ල වෙනුවෙන් ධනංජය ද සිල්වා සමඟ ලකුණු 67 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා නායකයා බලාපොරොත්තුවෙන් පසුවන ලකුණු 300 කට ඉහළ සීමාවේ ආසන්නයට ශ්‍රී ලංකා ලකුණු පුවරුව රැගෙන ඒමට දායකත්වය දැක්වීය. 

දික්වැල්ලගේ නික්ම යෑමත් සමඟ පන්දුවට පහර දීමට පැමිණි ඩිල්රුවන් පෙරේරා මුහුණ දුන් 2 වැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවූ බවට කරන ලද ඉල්ලීම ප්‍රධාන විනිසුරු නිෂ්ප්‍රභා කිරීම මත එම තීරණය තෙවැනි විනිසුරුගෙන් විමසීමට පාකිස්තානු නායකයා තීරණය කළේය. එහෙත් දිල්රුවන්ගේ පාදයේ පන්දුව වැදීමට පෙර බිම පතිත වීමේදී එය පා ඉන්නෙන් පිටත පෙදෙසේ පතිත වී තිබීම මත එම විමසීම නිෂ්ප්‍රභා විය. කෙසේ වෙතත් තෙවැනි විනිසුරු විමසීම වෙනුවෙන් පාකිස්තානු කණ්ඩායම සතු අවස්ථා 2 න් එකක් ඒ සමඟම අහිමි විය.  හෙට තරගයේ තෙවැනි දිනය වන අතර තරගය පෙ.ව. 9.45 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව – පළමු ඉනිම
දිමුත් කරුණාරත්නකඩුල්ල මුවා කළාප.ශහීන් අෆ්රිඩි59
ඕෂධ ප්‍රනාන්දුඇ.හැරිස් සොහෙල්ප.නසීම් ෂා40
කුසල් මෙන්ඩිස්ඇ.මොහොමඩ් රිස්වාන්ප.උස්මාන් ශින්වාරි10
ඇන්ජලෝ මැතිව්ස්ඇ.අසාද් ශෆික්ප.නසීම් ෂා31
දිනේෂ් චන්දිමාල්
ප.මොහොමඩ් අබ්බාස්02
ධනංජය ද සිල්වා නොදැවී
72
නිරෝෂන් දික්වැල්ලඇ.බාබර් අසාම්ප.ශහීන් අෆ්රිඩි33
ඩිල්රුවන් පෙරේරානොදැවී
02
අතිරේක14
එකතුව පන්දුවාර 86.3 කදී කඩුලු 6 කට ලකුණු263
කඩුලු වැටීම – 1- 96 (දිමුත් කරුණාරත්න 30.1), 2-109 (ඕෂද ප්‍රනාන්දු 35.3), 3-120 (කුසල් මෙන්ඩිස් 41.6), 4-127 (දිනේෂ් චන්දිමාල් 44.2), 5-189 (ඇන්ජලෝ මැතිව්ස් 63.4), 6-256 (නිරෝෂන් දික්වැල්ල 84.3)
පන්දු යැවීම 
මොහොමඩ් අබ්බාස් 24-9-56-1සහීන් අෆ්රිඩි 19.3-7-47-2
උස්මාන් ශින්වාරි 15-4-54-1නසීම් ෂා 22-4-75-2
හැරිස් සොහෙල් 3-0-12-0ශාන් මසූඩ් 1-1-00-0
අසාද් ශෆික් 2-0-08-0

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest