slc
Home   |    News
දෙසැම්බර් 13, 2019
ධනංජය 6 වැනි ශතකය අත පොවන මානයට එයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi

වසර 10 කට පසුව පාකිස්තානයට ටෙස්ට් ක්‍රිකට් රැගෙන යමින් රාවල්පිණ්ඩිහි ‘පිණ්ඩි’ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනටද අයහපත් කාලගුණය හරස් වූ බැවින් සමස්ථ දිනය පුරා ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දු 32 ක් පමණි. ඒ අනුව මෙතෙක් තරගයේ ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 91.5 දී පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 282 ක් ලබා සිටියි.

අළුයම් කාලයේ ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය දිවා ආහාරයෙන් පසුව හෙවත් ප.ව. 1.10 වන තෙක් බලා සිටීමට විනිසුරුවන්ට සිදුවූ නමුත් මීදුමින් ක්‍රීඩාංගණය වෙළා ගත් බැවින් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 5 කුත් පන්දු 2 ක් පමණි. කඩුලු 6 කට ලකුණ් 263 ක් වශයෙන් දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අතරතුරදී ලකුණු 19 ක් එකතු කරගනිමින් පුවරුව 282 දක්වා ඉහළ දමා ගනු ලැබුවේ කිසිදු කඩුල්ලක් පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ ලබා නොදෙමිනි.

ලකුණු 72 ක් ලබා සිටිමින් පිටියට අවතීර්ණ වුණු ධනංජය ද සිල්වා අද දිනයේදී තවත් ලකුණු 17 කින් සිය ඉනිම ඉහළ දමා ගන්නා ලද්දේ අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් සහ පුල් පහරකින් එල්ල කරගන්නා ලද අලංකාර හතරේ පහර 2 ක්ද සමගිනි.

නසීම් ෂාගේ කෙටි පන්දුවක් හමුවේ එල්ල කරන ලද පුල් පහරින් අනතුරුව යවන ලද පන්දු 2 කට පසු තරගය නිමා කිරීමට විනිසුරුවන් පියවර ගනු ලැබුවේ ආලෝකය මැනීම වෙනුවෙන් ඔවුන් සතු ආලෝක මානයේ අගය තරගය පවත්වාගෙන යෑමට හැකි අගයට වඩා පහළ අගයක් ගත් බැවිනි. රාවල්පිණ්ඩි ප්‍රදේශය තුළ පවතින මන්දාලෝක කාලගුණික තත්ත්වය නිසා විදුලි ආලෝකය ලබා ගැනීමට තීරණය වූ නමුත් රතු පන්දුව භාවිතයෙන් සහ සුදු ආලෝක තිර භාවිතයෙන් මෙම තරගය පැවැත්වීම, තරගය නවතා දැමීමට තද රුකුළක් දෙන කාරණාවක් බවට පත්විය.

සිව් දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු වේග පන්දු බල ඇණිය විසින් යොමු කරන ලද පැයට කිලෝ මීටර 145 ට වඩා වැඩි පන්දු හමුවේ නොසැලී පන්දුවට පහර දුන් ධනංජය තරගය නවතා දමන විට සිය 6 වැනි ටෙස්ට් ශතකයට තවත් ලකුණු 13 ක් මෙපිටින් සිටියේය. ක්‍රීඩා කරන 11 දෙනා අතර සිටින එකම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්ව සිටින ධනංජය පන්දු 151 කට මුහුණ දෙමින් තම ඉනිම හතරේ පහර 13 කින් අලංකාර කරගෙන සිටියේය.

මෙතෙක් පැවැති දින 3 දී පන්දුවාර 270 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත වුවත් අයහපත් කාලගුණය හරස්වීම නිසා පන්දුවාර 178.1 ක් අපතේ යනු ලැබීය. පළමු දිනයේදී පන්දුවාර 21.5 ක්ද, දෙවැනි දිනයේ පන්දුවාර 79.4 ක් සහ තෙවැනි දිනයේ පන්දුවාර 84.4 ක් වශයෙන් තරගයට අහිමිවිය.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest