slc
logo
Home   |    News
දෙසැම්බර් 19, 2019
පළමු දිනයේදී කඩුලු 13 ක් බිඳ වැටෙති

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මුණ ගැසුණු දෙවැනි ටෙස්ට් තරගය බවට පත්වෙමින් අද (19 දා) ඇරඹුණ පළමු ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂිත කරච්චි තණතීරුවවේදී කඩුලු 13 ක් දවා ගැනීමට දෙපිළේ පන්දු යවන්නෝ සමත්වීම විශේෂත්වයක් විය. පළමු දිනය ඇතුළත ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වද්දී දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 ක් දවා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ.

මන්දාලෝකය හේතුවෙන් තරගය නියමිත වේලාවට පෙර නවතා දැමීමට විනිසුරුවන් තීරණය කරද්දී පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 64 ක් ලබාගෙන සිටියේය. ඒ අනුව පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී ලබා ගත් ලකුණු 191 ක ලකුණු සංඛ්‍යාව අභිබවා යෑම සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 127 ක් අවශ්‍ය වන අතර ඒ සඳහා කඩුලු 7 ක් අත ඉතිරිව තිබේ.

ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනා අතරින් දිමුත් කරුණාරත්න (25) සහ කුසල් මෙන්ඩිස්ගේ (13) කඩුලු මොහොමඩ් අබ්බාස් විසින් දවා ගනිද්දී ශහීන් අෆ්රිඩි විසින් ඕෂධ ප්‍රනාන්දුව දවා ගත්තේය. ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින්නා උඩ පන්දුවක් රැක ගත්තේ යැයි කරන ලද ඉල්ලීමට විනිසුරු ප්‍රතිචාර ලබා නොදුන්නද එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී ඕෂධ දැවී ගිය පිතිකරුවක් ලෙසින් සංඥා කෙරිණ.

අනපේක්ෂිත ලෙස කඩුලු 3 ක් දැවී යෑම නිසා සැඳෑ පිතිකරුවකුගේ සේවය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පන්දුවට පහර දීම සඳහා ලසිත් ඇඹුල්දෙණිය පිතිකරණ අනුපිළි වෙළේ ඉදිරියෙන් එවීමට පියවර ගනු ලැබීය. ඒ අනුව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස්ට (08) එක් වූ ඇඹුල්දෙණිය ලකුණු 03 ක් ලබා දෙවැනි දිනය වන හෙට (20 දා) දිනයේදීත් පන්දුවට පහර දීමට අවස්ථාව උදා කරගෙන සිටිති.

ලකුණු 24 ක් ඇතුළත අවසන් පිතිකරුවන් 6 දෙනාම දවා ගැනීමට ළහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය සමත්වීම නිසා පාකිස්තානු පළමු ඉනිම ලකුණු 191 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. පාකිස්තානු පිල දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව හමුවේ පාකිස්තානු පිලක් කරච්චි ක්‍රීඩාංගණයේදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. 

දිනය ආරම්භයේ සිටම ඉතාමත් සැලසුම් සහගතව අවතීර්ණ වූ ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු දැවී ගිය කඩුලු 10 න් 6 කම හිමිකරුවන් බවට පත් වද්දී ලසිත් ඇඹුල්දෙණිය ඉතිරි කඩුලු 4 දවා ගැනීමට සමත්විය. පන්දුවාර 59.3 කට සීමා වුණු පාකිස්තානු ඉනිම වෙනුවෙන් පළමු තරගයේදී ශතකයක් ලද බාබර් අසාම් සහ අසාද් ශෆික් පමණක් අර්ධ ශතක වාර්තා කළහ.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු ළහිරු කුමාර ලකුණු 49 කට කඩුලු 4 ක් සහ ළසිත් ඇඹුල්දෙණිය ලකුණු 71 කට කඩුලු 4 ක් දවා ගනිද්දී හොඳම ආරම්භය ලබා දුන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 31 කට කඩුලු 2 ක්ද වා ගත්තේය. පාකිස්තානු ඉනිම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 59 න් 31 ක්ම ළහිරු සහ විශ්ව යැවීමද කැපී පෙනුණි. මෙය පාකිස්තානු ඉනිම ක්‍රීඩා කරන ලද සමස්ථ පන්දුවාර සංඛ්‍යාව ගෙන බැලීමේදී  50% කට වඩා වැඩි අගයක් වේග පන්දු යවන්නන් යවා තිබීම විශේෂත්වයක් විය. 

ලකුණු 127 ක් වද්දී පාකිස්තානු කණ්ඩායමේ විශ්වාස දායකම පිතිකරුවා බවට පත්ව සිටින බාබර් අසාම් ඇඹුල්දෙණියගේ පන්දුවකට සීමාවෙන් ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී එය වැරදී යෑමෙන් ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. පළමු තරගයේදී ශතකයක් ලද බාබර් අසාම් දැවී යන විට ලකුණු 60 ක් ලබා සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සරසා ගනිමිනි.

කෙසේ වෙතත් පන්දුවට පහර දීමට පැමිණි මුල් අවස්ථාවේදී  කඩුල්ල මුවා කිරීමේ වදරට හසුව දැවී ගිය පිතිකරුවකු ලෙස බෲස් ඔක්සන්ෆර්ඩ් මහතා තීරණය කළද පාදයේ වැදීමට පෙර පිත්තේ බාබර් අසාම්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී යෑම නිසා ටෙස්ට් තරග දිවියේ 13 වැනි අර්ධ ශතකය වාර්තා කර ගැනීමට හේ වාසනාවන්ත විය. 

එතැන් පටන් කණ්ඩායමේ වගකීම අසාද් ශෆික්ට සහ හැරිස් සොහෙල්ගේ කර මතට පැටවුණත් ඇඹුල්දෙණියගේ පන්දුවකට හැරිස් සොහෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවිය. එම දැවී යෑම විතීවී ක්‍රමවේදය දක්වා රැගෙන ගියද ලැබුණු එකම ප්‍රතිඵලය වූයේ පාකිස්තානයට හිමිව තිබූ  විතීවී ක්‍රමවේද 2 ම අහිමිව යෑම පමණි.

සොහෙල් දැවී යන විට පාකිස්තානු ලකුණු පුවරුව ලකුණු 167 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් ව තිබිණ. තේ පානයෙන් පසු කිසිවකුටත් පිටියේ ස්ථාවර වීමට ළහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය අවස්ථාව ලබා නොදුන්හ. එහිදී ප්‍රථමයෙන්ම ක්‍රියාත්මක වුණු ළහිරු කුමාර මොහොමඩ් රිස්වාන් සහ යසීර් ෂාව පිට පිටම පන්දු දෙකකදී දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් අභියසට පැමිණියේය. කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමට ඉඩ සලසාලමින් ස්ලිප් ක්‍රීඩකයින් තිදෙනකු සහ ගලී ක්‍රීඩකයින් දෙදෙනකු ද ඇතුලුව ආක්‍රමණකාරීව පන්දු රකින්නන් යෙදවීමට නායක දිමුත් කරුණාරත්න කටයුතු යෙදුවද එවන ලද යෝකර් පන්දුවෙන් ආරක්ෂාවීමට මොහොමඩ් අබ්බාස් සමත්වීම නිසා කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීමේ අවස්ථාව ළහිරුට මග හැරිණ. 

අනෙක් අන්තයෙන් එක පිට කඩුලු දැවී යද්දී සිය අන්තය ආරක්ෂා කරගත් අසාද් ශෆික් කෙටි පන්දුවට පහරක් එල්ල කිරීමට යෑම නිසා ළහිරු කුමාරගේ කඩුලු දඩයමට ගොදුරු වූ සිව්වැනියා බවට පත්විය. එල්ල කරන ලද පුල් පහර ඩීප් ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රැකි විශ්ව ප්‍රනාන්දු රැක ගැනීම නිසා ශෆික්ගේ ඉනිම ලකුණු 63 කදී නිමාවට පත්විය.

කරච්චි තණතීරුවේදී පිතිකරුවන්ට ලබා දන සහයෝගය ප්‍රධාන කොට කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පස්දුවට පහර දීමට පාකිස්තානු නායක අසාර් අලී තීරණය කළද ගනු ලැබුවේ වැරදි තීරණයක් බව විශ්ව ප්‍රනාන්දු ඔප්පු කරන ලද්දේ පන්දු 3 ක් ඇතුළත ශාන් මසූඩ් (05) සහ අසාර් අලීගේ (00)කඩුලු දවා ගනිමිනි. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 10 ක්ව සටහන්ව තිබියදී වමත් සහ දකුණත් පිතිකරුවන් යුගලය දැවී ගියේ කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීම යෑමෙන් වීම විශේෂත්වයක් විය. 

විශ්වගේ කඩුලු දඩයමත්, තණතීරුවේදී වේග පන්දුවට ලබා දුන් සහයෝගයත් නිසා උද්දාමයෙන් යුතුව පන්දු යැවූ ළහිරු කුමාර දිවා ආහාරයට මිනිත්තු 20 කට පමණ පෙර මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් තැබීමට සමත්වූහ අබීඩ් අලීව දවා ගනු ලැබුවේ පාකිස්තානු කණ්ඩායම තවත් අපහසුවට ඇද දමමිනි. මොවුන් දෙදෙනාගේ පන්දු යැවීම නිසා දිවා ආහාරය සදහා තරගය නතර කරන විට පාකිස්තානු ලකුණු පුවරුව ලකුණු 72 කට කඩුලු 3 ක් වශයෙන් සටහන් විය. 

වේග පන්දු යැවීමේදී අවශ්‍යම සාධකයන් වන වේගය, ඉපිලීම සහ දෝලනය මුසු කරමින් පන්දු යැවූ ළහිරු සහ විශ්වගේ දැඩි පීඩනය හමුවේ පිති හැසිර බාබර් අසාම් සහ අබීඩ් අලී වැටී තිබුණු පාකිස්තානු පිල ගොඩ ගැනීම වෙනුවෙන් තෙවැනි කඩුල්ලට ලකුණු 55 ක් එක් කර සිටියදී හරස් වුණු ළහිරු කුමාර අබීඩ් අලීගේ කඩුල්ල දවා ගත්තේය. අබීඩ් සිය කඩුල්ල අහිමි කර ගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි. ලකුණු 38 ක් ලබා සිටි අබීඩ්, සිය සහායකයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රධාන විනිසුරු බෲස් ඔක්සන්ෆර්ඩ් මහතා ලබා දුන් තීරණය අභියෝගයට ලක් කරමින් තෙවැනි විනිසුරුගේ සහාය පැතූ නමුත්, ප්‍රතිඵලයේ වෙනසක් නොවීය. එම හේතුව නිසා පාකිස්තානු පිලට පළමු ඉනිම වෙනුවෙන් හිමි තෙවැනි විනිසුරු විමසීමේ අවස්ථා 2 න් එකක් අහිමිව ගියේය.

ආරම්භයේ සිටම ග්‍රහණයකට ලක් කරමින් පන්දු යැවීමට විශ්ව සහ ළහිරු සමත්වූ අතර එය පාකිස්තානු පිලට කෙතරම් අභියෝගයක් ගෙන දුන්නේද කිවහොත් පිත්තෙන් වාර්තා වුණු පළමු ලකුණ ලබා ගැනීම සඳහා 20 වැනි පන්දුව තෙක් බලා සිටීමට ඔවුනට සිදුවිය. ටෙස්ට් අංශය අතින් ගත් විට ළහිරු සහ විශ්වට එතරම් අත්දැකීම් නොමැති වුවත් මෙම තරගයේදී ඔවුන් දෙපළගේ පන්දු යැවීම ඉතාම ඉහළ මට්ටමකට පැවැතිණ. 

ශ්‍රී ලංකාව මෙම තරගයට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟ අවතීර්ණ වී සිටින බැවින් ඔවුන්ට විවේකයක් ලබා දීමේ අදහසින් අද තරගයට එක්ව සිටින වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණියව 12 වැනි පන්දුවාරයේදී පන්දු යැවීමට කැඳවීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේය. එපමණක් නොව දිමුත් කරුණාරත්නද ඒ අතරතුර පන්දුවාරයක් යැවීමට කටයුතු කළ නමුත් ලකුණු 11 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්විය..

ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට එක්ව සිටින ඩිල්රුවන් පෙරේරා අද දිනයේ ක්‍රියාත්මක කරන ලද්දේ පන්දුවාර 7 ක් පමණක් වූ අතර එහිදී ලකුණු 23 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්විය. 

ලකුණු පුවරුව
පාකිස්තානය – පළමු ඉනිම
ශාන් මසූඩ්
ප.විශ්ව ප්‍රනාන්දු05
අබීඩ් අලීකඩුල්ල මුවා කළාප.ළහිරු කුමාර38
අසාර් අලී
ප.විශ්ව ප්‍රනාන්දු00
බාබර් අසාම්ස්ට. නිරෝෂන් දික්වැල්ලප.ලසිත් ඇඹුල්දෙණිය60
අසාද් ශාෆික්ඇ.විශ්ව ප්‍රනාන්දුප.ළහිරු කුමාර63
හැරිස් සොහෙල්කඩුල්ල මුවා කළාප.ලසිත් ඇඹුල්දෙණිය09
මොහොමඩ් රිස්වාන්
ප.ළහිරු කුමාර04
යසීර් ෂාකඩුල්ල මුවා කළාළහිරු කුමාර00
මොහොමඩ් අබ්බාස්ඇ.ධනංජය ද සිල්වාප.ලසිත් ඇඹුල්දෙණිය00
ශහීන් අෆ්රිඩිඇ.ඇන්ජලෝ මැතිව්ස්ප.ලසිත් ඇඹුල්දෙණිය05
නසීම් ෂානොදැවී
01
අතිරේක06
එකතුව පන්දුවාර 59.3 කදී සියලු දෙනා දැවී ලකුණු191
කඩුලු වැටීම – 1-10(ෂාන් මසූඩ්) , 2-10 (අසාර් අලී), 3-65 (අබීඩ් අලී), 4-127 (බාබර් අසාම්), 5-167 (හැරිස් සොහෙල්), 6-172 (මොහොමඩ් රිස්වාන්), 7-172 (යසීර් ෂා), 8-179 (මොහොමඩ් අබ්බාස්), 9-185 (අසාද් ශෆික්)
පන්දු යැවීම 
විශ්ව ප්‍රනාන්දු 13-3-31-2ළහිරු කුමාර 18-5-49-4
දිමුත් කරුණාරත්න 1-0-11-0ලසිත් ඇඹුල්දෙණිය 20.3-3-71-4
ඩිල්රුවන් පෙරේරා 7-0-23-0
ශ්‍රී ලංකාව – පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න 
ප.මොහොමඩ් අබ්බාස්25
ඕෂද ප්‍රනාන්දු ඇ.මොහොමඩ් රිස්වාන්ප.ශහීන් අෆ්රිඩි04
කුසල් මෙන්ඩිස්ඇ.හැරිස් සොහෙල්ප.මොහොමඩ් අබ්බාස්13
ඇන්ජලෝ මැතිව්ස්නොදැවී
08
ලසිත් ඇඹුල්දෙණියනොදැවී
03
අතිරේක11
එකතුව පන්දුවාර 19 කදී කඩුලු 3 කට ලකුණු64
පන්දු යැවීම 
ශහීන් අෆ්රිඩි 6-2-18-1මොහොමඩ් අබ්බාස් 8-3-21-2
නසීම් ෂා 5-0-19-0

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar