slc
Home   |    News
දෙසැම්බර් 23, 2019
විසිහත් වසරක අපරාජිත ගමන කරච්චියෙන් නවතියි

Sri Lanka Cricket

 Chamila Karawita reporting from Karachi

කඩුලු 7 ක් දැවී ගොස් තිබියදී පස්වැනි දිනට අවතීර්ණ වූ  ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 3 ම පන්දු 16 ක් ඇතුළත දවා ගත් නසීම් ෂා ප්‍රමුඛ පාකිස්තානු පන්දු යවන්නෝ ලකුණු 263 ක දැවැන්ත ජයග්‍රහණයක් කරා පාකිස්තානු කණ්ඩායම රැගෙන ගයේ විසි හත් වසරක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය තුළ පවත්වාගෙන ආ අපරාජිත ටෙස්ට් තරගාවලි වාර්තාවද බිඳ දමමිනි. මේ සියල්ලටම ගත වුයේ මිනිත්තු 15 ක පමණ කාලයක් වන අතර එහිදී ඒ අතරතුර එකම ලකුණක් හෝ ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි විය.

ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වුණු තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමත් සමඟ පාකිස්තානය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80 දක්වා ඉහළ දමා ගත්තේ එම ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව සමඟ 80-80 ක් ලෙස සම තත්ත්වයට පැමිණෙමිනි. කෙසේ වෙතත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ශ්‍රී ලංකාවට වඩා පාකිස්තානය ඉදිරියෙන් සිටින බැවින් එම සටහනේ තෙවැනි ස්ථානය පාකිස්තානයටත් සිව්වැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමිව තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක අසීරු ඉලක්යක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී තිබියදී පළමු දින ආරම්භ කළ අතර දිනයේ යැවූ පළමු පන්දුවෙන්ම ලසිත් ඇඹුල්දෙණිය නසීම් ෂාගේ ගොදුරක් වෙමින් දැවී ගියේය. තණතීරුවේ මැද කෙටී ආ පන්දුව ඇඹුල්දෙණියගේ උරහිසින් ඉහළ ප්‍රදේශය වෙත ඇදී ආ අතර ඉන් බේරීම සඳහා ගනු ලැබූ උත්සාහයේදී පිත්තේ කොනක වැදුණු පන්දුව කඩුලු රකින් මොහොමඩ් රිස්වාන් වෙත උඩ පන්දුවක් ලෙසින් ඇදී ගියේය.

පළමු පන්දුවෙන්ම ඇඹුල්දෙණිය දැවී ගියද හැකිතාක් වෙලා කඩුල්ලේ රැදී සිටිමින් පන්දුවට පහර එල්ල කිරීම ඕෂධගේ අභිප්‍රාය විය. පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණින් යසීර් ෂා ක්‍රියාත්මක කරන ලද ඊළඟ පන්දුවාරයේ පස්වැනි පන්දුවට කෙටි ලකුණක් ලබා ගැනීමට ඕෂධ උත්සාහ දැරුවද එය ස්ලිප් ස්ථානයේ පන්දු රැකි අසාද් ශෆික්ගේ දෙඅත් අතර සිර වූයේ අද දිනයේදී එකම ලකුණක් හෝ වාර්තා කර ගැනීමට ඔහු නොහැකි විය. මිනිත්තු 277 ක් පුරා විහිදුණු ඕෂධගේ ලකුණු 102 කින් සමන්විත ඉනිම පෙර දිනයේ එල්ල කරන ලද හතරේ පහර 13 ටම පමණක් සීමා විය.

ඕෂධගේ දැවී යෑමත් සමඟ පාකිස්තානු ජයග්‍රහණය සනාථ වීම සඳහා වැය වූයේ පන්දු 6 ක් පමණි. නසීම් ශා විසින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කොට විශ්ව ප්‍රනාන්දුව දවා ගනිද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව පෙර දිනයේ සටහන්ව තිබූ ලකුණු 212 ම සටහන්ව තිබිණ. විශ්ව ප්‍රනාන්දුගේ දැවී යෑම තෙවැනි විනිසුරුගේ විමසීම දක්වා රැගෙන ගිය නමුත් ප්‍රධාන විනිසුරු විසින් ලබා දුන් තීරණය අභියෝගයට ලක් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි එම පුණරූපණ වල නොතිබුණි.

 අද දිනයෙදී ලබා ගන්නා ලද කඩුලු 2 ත් සමඟ නසීම් ෂා ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු 31 ක් පමණක් ලබා දී කඩුලු 5 ක් දවා ගැනීමට සමත්විය.  තවමත් 16 හැවිරිදි වියේ පසුවන නසීම් ෂාගේ දක්ෂතාවය සටහන් වූයේ කඩුලු 5 ක් දවා ගන්නා ලද ලොව දෙවැනි ළාබාළතම පන්දු යවන්නා ලෙසිනි. ඔහු මෙම දක්ෂතාවය දක්වන විට වයස අවුරුදු 16 කුත් දින 307 කි. මෙහි පළමු වාර්තාවටද හිමිකම් කියන්නේ පාකිස්තානුවකු වන නසීම් උල් ඝාන් වන අතර 1958 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 116 කට කඩුලු 5 ක් දවා ගන්නා විට ඝානිගේ වයස වයස අවුරුදු 16 කුත් දින 303 ක් ලෙස සටහන්ව තිබී ඇත.

පාකිස්තානු කණ්ඩායම ලද මෙම ටෙස්ට් තරග ජයග්‍රහණය කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ වාර්තා පොත් අළුත් කරන ල්දදේ වසර 13 කට පසු ලද ජයග්‍රහණයක් ලෙසිනි. අවසන් වරට පාකිස්තානු කණ්ඩායමක් මෙම ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ මීට වසර 13 කට ඉහත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest