slc
logo
Home   |    News
දෙසැම්බර් 22, 2019
ශ්‍රී ලංකාවට ලකුණු 476 ක ඉලක්කයක්

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi 

ශ්‍රී ලංකාවට එරෙහිව කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දිවා ආහාරය වන තෙක් පන්දුවට පහර දුන් පාකිස්තානු පිතිකරුවෝ ඉනිම අත්හිටුවමින් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලකුණු 476 ක අසීරු ඉලක්කයක් ලබා දුන්හ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉලක්කය හඹා යෑම අද දිනය හැරුණු කොට පස්වැනි සහ අවසන් දිනය වන හෙට දිනය සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබේ. 

සිව්වැනි දිනය තුළ පන්දුවට පහර දුන් පාකිස්තානු ඉනිම තවත් ශතක 2 කින් වර්ණවත් කිරීමට නායක අසාර් අලී සහ බාබර් අසාම් සමත්වූහ. එම ශතක 2 වාර්තා වීමත් සමඟ පිතිකරණ අනුපිළිවෙළේ පළමු පිතිකරුවන් සිව් දෙනා ශතක වාර්තා කිරීමට සමත් වූ අතර එවැනි දක්ෂතාවයක් දැක්වූ ලොව දෙවැනි කණ්ඩායමට බවට පත්වීමටද පාකිස්තානු කණ්ඩායමට අද අවස්ථාව උදාවිය.

මෙම ශතක දෙක වාර්තාවීමට පෙර තෙවැනි දිනය ඇතුළත ආරම්භක පිතිකරුවන් වූ ශාන් මසූඩ් සහ අබීඩ් අලී ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු පිල දිවා ආහාරය වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 555 ක ප්‍රභල තත්ත්වයකට පැමිණීමට සමත්ව සිටියි. ඒ අනුව පාකිස්තානු පිල ශ්‍රී ලංකාවට වඩා ලකුණු 475 ක් ඉදිරියෙන් සිටින නමුත් ඉනිම අත්හිටුවීම පිළිබඳව ඒ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොතිබිණ.  

ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ශතක වාර්තා කර ඇති විරළ වාර්තාවේ පළමු හිමිකරුවා බවට පත්ව සිටින්නේ ඉන්දීයඅ කණ්ඩායම වන අතර ඔවුහු බංග්ලාදේශයට එරෙහිව ඩකාහි පැවැති ටෙස්ට් තරගයේදී ප්‍රථමයෙන්ම මෙම දක්ෂතාවය දැක්වීමට සමත්ව තිබේ. 2007 වසරේ පැවැති එම ටෙස්ට් තරගයේදී ඉන්දියාව වෙනුවෙන් දිනේෂ් කාර්තික්, වසීම් ජෆර්, රාහුල් ඩ්‍රාවිඩ් සහ සචින් ටෙන්ඩුල්කාර් ශතක වාර්තා කරන ලද පිතිකරුවන් බවට පත්වූහ.

කඩුලු 2 කට ලකුණු 395 ක්ව තිබියදී සිව්වැනි දිනය ඇරඹූ පාකිස්තානු කණ්ඩායම දිවා ආහාරය තෙක් යවන ලද පන්දුවාර 26 ඇතුළත ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 160 ක් උදුරා ගැනීමට සමත්වූහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වුණු බාබර් අසාම් මුහුණ දුන් 131 වැනි පන්දුවේදී තම සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගත්තේ දිවා ආහාරයට පන්දු 4 ක් ඉතිරිව තිබියදීය. මෙම ශතකය බාබර් අසාම් පිට පිටම රැස් කරන ලද දෙවැනි ශතකය මෙන්ම අවසන් ටෙස්ට් තරග 4 දී වාර්තා කරන ලද තෙවැනි ශතකය බවට පත්වීමද කැපී පෙනුණි. 

ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී කඩුලු රකින දික්වැල්ල ස්ටම්ප් කර ගැනීමට සමත්වීම නිසා සිව්වැනි දිනයේදී දැවී ගිය එකම පිතිකරුවා වූයේ පාකිස්තානු නායක අසාර් අලීය. ඉකුත් කාලය පුරාම ලකුණු අතරට පැමිණිමට නොහැකිව සිටි පාකිස්තානු නායකයා දැවී යන විටත් පන්දු 157 කට මුහුණ දෙමින් ලකුණු 118 ක් රැස් කරගෙන සිටියේ තම ඉනිම හතරේ පහර 13 කින් සරසා ගනිමිනි. තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 16 වැනි ශතකය ලෙසින් සටහන් වුණු අලීගේ එම ශතකය ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු තම මව්බිමේදීද නායකත්වයට පසු රැස් කරන ලද පළමු ශතකය වශයෙන්ද සටහන් විය.

ලකුණු පුවරුව
පාකිස්තානය – පළමු ඉනිම
ශාන් මසූඩ්
ප.විශ්ව ප්‍රනාන්දු05
අබීඩ් අලීකඩුල්ල මුවා කළාප.ළහිරු කුමාර38
අසාර් අලී
ප.විශ්ව ප්‍රනාන්දු00
බාබර් අසාම්ස්ට. නිරෝෂන් දික්වැල්ලප.ලසිත් ඇඹුල්දෙණිය60
අසාද් ශාෆික්ඇ.විශ්ව ප්‍රනාන්දුප.ළහිරු කුමාර63
හැරිස් සොහෙල්කඩුල්ල මුවා කළාප.ලසිත් ඇඹුල්දෙණිය09
මොහොමඩ් රිස්වාන්
ප.ළහිරු කුමාර04
යසීර් ෂාකඩුල්ල මුවා කළාළහිරු කුමාර00
මොහොමඩ් අබ්බාස්ඇ.ධනංජය ද සිල්වාප.ලසිත් ඇඹුල්දෙණිය00
ශහීන් අෆ්රිඩිඇ.ඇන්ජලෝ මැතිව්ස්ප.ලසිත් ඇඹුල්දෙණිය05
නසීම් ෂානොදැවී
01
අතිරේක06
එකතුව පන්දුවාර 59.3 කදී සියලු දෙනා දැවී ලකුණු191
කඩුලු වැටීම – 1-10(ෂාන් මසූඩ්) , 2-10 (අසාර් අලී), 3-65 (අබීඩ් අලී), 4-127 (බාබර් අසාම්), 5-167 (හැරිස් සොහෙල්), 6-172 (මොහොමඩ් රිස්වාන්), 7-172 (යසීර් ෂා), 8-179 (මොහොමඩ් අබ්බාස්), 9-185 (අසාද් ශෆික්)
පන්දු යැවීම 
විශ්ව ප්‍රනාන්දු 13-3-31-2ළහිරු කුමාර 18-5-49-4
දිමුත් කරුණාරත්න 1-0-11-0ලසිත් ඇඹුල්දෙණිය 20.3-3-71-4
ඩිල්රුවන් පෙරේරා 7-0-23-0
ශ්‍රී ලංකාව – පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න 
ප.මොහොමඩ් අබ්බාස්25
ඕෂද ප්‍රනාන්දු ඇ.මොහොමඩ් රිස්වාන්ප.ශහීන් අෆ්රිඩි04
කුසල් මෙන්ඩිස්ඇ.හැරිස් සොහෙල්ප.මොහොමඩ් අබ්බාස්13
ඇන්ජලෝ මැතිව්ස්ඇ.මොහොමඩ් රිස්වාන්ප.ශහීන් අෆ්රිඩි13
ලසිත් ඇඹුල්දෙණියඇ.අසාද් ශෆික්ප.මොහොමඩ් අබ්බාස්13
දිනේෂ් චන්දිමාල්ඇ.ශාන් මසූඩ්ප.හැරිස් සොහෙල්74
ධනංජය ද සිල්වාඇ.මොහොමඩ් අබ්බාස්ප.ශහීන් අෆ්රිඩි32
නිරෝෂන් දික්වැල්ල
ප.මොහොමඩ් අබ්බාස්21
ඩිල්රුවන් පෙරේරාකඩුල්ල මුවා කළාප.ශහීන් අෆ්රිඩි48
විශ්ව ප්‍රනාන්දුනොදැවී
05
ළහිරු කුමාර
ප.ශහීන් අෆ්රිඩි00
අතිරේක23
එකතුව පන්දුවාර 85.5 කදී සියලු දෙනා දැවී  ලකුණු271
කඩුලු වැටීම 1-28 ඕෂධ ප්‍රනාන්දු), 2-39 (දිමුත් කරුණාරත්න), 3- 61 (කුසල් මෙන්ඩිස්), 4-78 (ලසිත් ඇඹුල්දෙණිය), 5-80 (ඇන්ජලෝ මැතිව්ස්), 6-147 (ධනංජය ද සිල්වා), 7-184 (නිරෝෂන් දික්වැල්ල), 8-235 (දිනේෂ් චන්දිමාල්), 9-271 (ඩිල්රුවන් පෙරේරා)
පන්දු යැවීම 
ශහීන් අෆ්රිඩි 26.5-5-77-5මොහොමඩ් අබ්බාස් 27-9-55-4
නසීම් ෂා 16-1-71-0යසීර් ෂා 13-0-43-0
හැරිස් සොහෙල් 3-0-11-1
පාකිස්තානය – දෙවැනි ඉනිම 
ශාන් මසූඩ්ඇ.ඕෂධ ප්‍රනාන්දුප.ළහිරු කුමාර135
අබීඩ් අලීකඩුල්ල මුවා කළාප.ළහිරු කුමාර174
අසාර් අලීස්ට. නිරෝෂන් දික්වැල්ලප.ලසිත් ඇඹුල්දෙණිය118
බාබර් අසාම්නොදැවී
100
මොහොමඩ් රිස්වාන්නොදැවී
21
අතිරේක07
එකතුව පන්දුවාර 131 කදී කඩුලු 3 ක් දැවී ලකුණු555
කඩුලු වැටීම – 1-278 (ශාන් මසූඩ්), 2-355 (අබීඩ් අලී), 3-503 (අසාර් අලී) 
පන්දු යැවීම 
විශ්ව ප්‍රනාන්දු  24-2-105-0ළහිරු කුමාර 29-5-139-2
ලසිත් ඇඹුල්දෙණිය 5-4-193-1ඩිල්රුවන් පෙරේරා 21-1-19-0
ධනංජය ද සිල්වා 7-0-19-0

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest