slc
logo
Home   |    News
ජනවාරි 13, 2020
ලෝක ශූරතාවයට බලපෑමක් නැති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් සටන 19 ඇරඹෙයි

Sri Lanka Cricket

By Chamila Karawita

හරාරේ නුවරදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 16 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්ව යෑමට නියමිතය. දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ මස 19 වැනිදාත් දෙවැන්නද ලබන 27 වැනිදාත් හරාරේ ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනු ඇත.

මේ වන විට ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග ක්‍රියාත්මක වෙමින් පැවැතියද මෙම තරගාවලිය ඒ සඳහා වලංගු නොවනු ඇත. එබැවින් මෙම තරගාවලිය ජය ගනු ලබන කණ්ඩායමට හිමිවන ප්‍රසාද ලකුණු ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට කිසිම බලපෑමක් සිදු නොවනු ඇත.

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට දේශපාලනික අත පෙවීම් සිදුවී ඇතැයි පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් එරට සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගනු ලැබූ බැවින් වසරකට වැඩි කාලයක් ටෙස්ට් තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට අහිමිවිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපදෙස් වලට අනුව එරට රජය කටයුතු කිරීමට පියවර නොගැනීම නිසා මාස 3 ක කායක් සිම්බාබ්වේ පූර්ණ සාමාජිකත්වය අහිමි කිරීමට ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගිවී ඇත්තේ ඉකුත් 2018 වසරේ නොවැම්බර් මසදීය. බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති එම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 151 කින් ජය ගැනීමට සිම්බාබ්වේ පිල සමත් වීම කැපී පෙනුණි. එම ජයග්‍රහණය සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ සටහන් වූයේ වසර 18 ක ටෙස්ට් තරග ඉතිහාසයේදී ලද පළමු විදෙස් ටෙස්ට් ජයග්‍රහණය ලෙසිනි. කෙසේ වෙතත් දෙවැනි තරගයෙන් ලකුණු 218 ක ජයක් වාර්තා කළ සත්කාරක බංග්ලාදේශ පිල තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත්විය.

සිම්බාබ්වේ කණ්ඩායම අවසන් වරට 2017 වසරේදී ශ්‍රී ලංකාව මුණ ගැසුණු අතර කොළඹදී පැවැති තරගයකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 388 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවූ අතර එය හඹා යෑමේදී පළමු කඩුලු 5ම ලකුණු 203 කදී බිඳ වැටුණි. කෙසේ වෙතත් හයවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න ලකුණු 121 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා පිල කඩුලු 4 ක ජයග්‍රහණයක් කරා රැගෙන ගියහ. එහිදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 81 ක් සහ අසේල ගුණරත්න නොදැවී ලකුණු 80 ක් ලබා ගත්හ. එම තරග ජයග්‍රහණය ක්‍රිකට් ලොව වාර්තා පොත් යාවත්කාලීන කරන ලද්දේ ආසියාවේදී කණ්ඩායමක් හඹා ගොස් ජය ගන්නා ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත් වෙමිනි.

තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තවම ප්‍රකාශයට පත් කර නැතත් සිම්බාබ්වේ පිලේ නව නායකයා ලෙසින් ෂෝන් විලියම්ස් නම් කිරීමට එරට තේරීම්වලදී තීරණය වී තිබේ. ටෙස්ට් තරග අංශයේ නායකයා ලෙස විලියම්ස් කටයුතු කරද්දී එක්දින කණ්ඩායමේ නායකයා ලෙස චාමු චිබාබා කටයුතු කරනු ඇත.

දෙරට මෙම තරගාවලියේදී මුණ ගැසෙන්නේ ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ සිට සහ සිම්බාබ්වේ 11 වැනි ස්ථානයේ රැඳී සිටිමෙනි. මෙම තරගාවලියට සහභාගිවීමෙන් පසු ශ්‍රී ලංකාව ලබන පෙබරවාරි 01 වැනිදා යළි දිවයිනට පැමිණිමට නියමිතය.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee