slc
Home   |    News
ජනවාරි 10, 2020
සංගක්කාරගේ සුරතින් ‘ක්‍රීඩක නිවහන’ අද ක්‍රීඩකයින්ගේ අයිතියට

Sri Lanka Cricket

කාලයක ඉඳන් ක්‍රීඩා නේවාසිකාගාරයක අවශ්‍යතාවය පැවැති බවත් එවැනි පහසුකමක් ක්‍රීඩකයින් වෙත ලබා දීමට වත්මන් ක්‍රිකට් පරිපාලනය කටයුතු යෙදීම සම්බන්ධව ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත විය යුතු බව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සඳහන් කර සිටියි. 

ක්‍රිකට් ක්‍රීඩාවට එහා ගිය තාක්ෂණික දැනුම පිළිබඳව පුළුල් මෙන්ම විශ්වාසනීය භාවයකින් යුතුව සැලසුම් සකස් කිරීමේ කේන්ද්‍රස්තානයක් ලෙසින් යොදා ගැනෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පිහිටුවා තිබෙන  ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයට අඩුපාඩුවක්ව පැවැති ක්‍රීඩා නේවාසිකාගාරයක ගැටළුවට විසඳුමක් ලබා දෙමින් ‘ක්‍රීඩක නිවහන’ක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. 

අලුතින් ඉදි කරන ලද ‘ක්‍රීඩක නිවහන’ ක්‍රීඩක අයිතියට පැවැරීම අද (ජනවාරි මස 09 දා) මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැවැත්විණ. විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සංගක්කාර ඉහත අදහස් පළ කර සිටියේය. 

වැඩිදුරටත් අදහස් දක්වා සිටි හිටපු ටෙස්ට් නායකයා, “හුගාක් කල් ඉඳන් මේ ගැන කතා කර කර තිබිලා මෙවැනි දෙයක් ක්‍රීඩකයින් වෙනුවෙන් නිර්මාණය කිරීම ක්‍රීඩකයින්ට ඉතාම වැදගත්. විශේෂයෙන්ම පුහුණුවීම්වල නියැළිලා මහන්සි වන ක්‍රීඩකයින්ට මෙවැනි පහසුකමක් ලබා දෙන එක ගැන මම හිතන්නේ ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට විශාල රුකුළක් වනවා” යි පැවැසීය.

“ හැම වෙලාවෙම මම විශ්වාස කරන්නේ ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕන කියන එක. එතකොට තමයි ක්‍රීඩකයින්ට නිදහසට කරුණු නැති වෙන්නේ. එතකොට ඔවුන්ගේ ඒ හැකියාවන්, ඔවුන්ගේ මහන්සි වීම, කැප කිරීම වැඩි කරලා ඔවුන් ඔවුන්ගේ දස්කම් හරියට දක්වන්න ඕන” යි පවසන සංගක්කාර, “මං හිතන්නේ තවත් ගෘහස්ථ ක්‍රීඩාංගණයක් සහ පිහිනුම් තටාකයක් හදාගෙන යනවා. ඒ සියලු දේ එකතු කරාහම මං හිතන්නේ ශ්‍රී ලංකාවේ සියළුම ක්‍රීඩකයින් ඉතාමත් වාසනාවන්තයි. මොකද ඒ හරහා ඔවුන්ට ඔවුන්ගේ ක්‍රිකට් දිවිය වර්ධනය කරගෙන ඉදිරියට යන්න අවස්ථාව හම්බවෙනවා. එතකොට ඔවුන්ට අවශ්‍ය සියලු දේ ලැබිලා තියෙනවා. එයින් හරිහැටි ප්‍රයෝජන අරගෙන දියුණු වෙන එක දැන් මං හිතන්නේ ක්‍රීඩකයින්ට භාරයි. නමුත් මං හිතන්නේ මෙවැනි පහසුකම් දැන් ඔවුන්ට ලබාදීම පිළිබඳවය ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙන්න ඕනෑ”යි පවසා සිටියේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලය ස්ථාපනය කොට තිබෙන මෙම ‘ක්‍රීඩක නිවහනෙහි එකවර පුද්ගලයින් 44 දෙනෙකුට නවා තැන් පහසුකම් ලබා ගත හැකි වන පරිදි ඉදි කර තිබේ. වායු සමීකරණ පහසුකමද සහිත අති නවීන පහසුකම් රැසකින් සමන්විත වනු ඇත. 

වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ඉදිකර ඇති මෙම ‘ක්‍රීඩක නිවහන’ ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ට, නැගී එන කණ්ඩායම,‘ඒ’ කණ්ඩායම මෙන්ම සියලුම වයස් කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ජාතික මට්ටමේ ක්‍රිකට් කණ්ඩායම් පුහුණු කඳවුරු පැවැත්වීමේදී භාවිතයට ගැනීමට අවස්ථාව උදා වී තිබේ. ක්‍රීඩකයින්ට අමතරව එම කණ්ඩායමේ පුහුණුකරුවන්ට සහ කළමනාකරුවන්ටද මෙම ‘ක්‍රීඩක නිවහන’ භාවිතයට ගැනීමේ හැකියාව පවතිනු ඇත. 

මෙවැනිම ආකාරයේ ‘ක්‍රීඩක නිවහනක්’ ඉදිරියේදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය බලාපොරොත්තුවෙන් පසුවේ.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest