slc
Home   |    News
පෙබරවාරි 19, 2020
තියුණු තරගයකින් පසු ලන්කන්ට මුල් ඉනිමේ ජයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ටැමිල් යුනියන් පිලට එරෙහිව පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට ලන්කන් ක්‍රීඩා සමාජය සමත්විය. ලන්කන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 271 කට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටැමිල් යුනියන් කණ්ඩායම තියුණු තරගයක් ලබා දෙමින් ලන්කන් පළමු ඉනිමේ ආසන්නයට පැමිණියද ලකුණු 2 ක් ඉතිරිව තිබියදී ටැමිල් යුනියන් ඉනිම හමාර කිරීමට ලන්කන් පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ වෙනුවෙන් ධෛර්යවන්ත ඉනිමක් දියත් කළ තරංග පරණවිතාන ලකුණු 92 ක් ලබා ගත් නමුත් එය පළමු ඉනිමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. තෙවැනි දිනට තරගය නිමා කරන විට ලන්කන් ක්‍රිකට් සමාජය කඩුලු 4කට ලකුණු 224ක් ලබා සිටියේය.

ටැමිල් යුනියන් – ලන්කන්

ලන්කන්ට පළමු ඉනිමේ ජයක්

ලන්කන් මුල් ඉනිම පන්දුවාර 93.2 දි සියලු දෙනා දැවී 271යි – (ප්‍රිමෝෂ් පෙරේරා 64, ගීත්කුමාර 69, චානක රුවන්සිරි 43, සුරංග ලක්මාල් 50/4, ජීවන් මෙන්ඩිස් 91/4) සහ දෙවැනි ඉනිම පන්දුවාර 64දී කඩුලු 4ක් දැවී 224 යි – (ගීත් කුමාර 70*, ප්‍රිමෝෂ් පෙරේරා 29, කසුන් අබේරත්න 28, ජීවන් මෙන්ඩිස් 63/2)

ටැමිල් යූනියන් පළමු ඉනිම පන්දු වාර 92.5කදී 269යි – (යොහාන් මෙන්ඩිස් 48, තරංග පරණවිතාන 92, මධුක ලියනපතිරණගේ 39*, එම්.ජී.කුමාර 30/4)

ලන්කන් – බ්ලූම්ෆීල්ඩ්

ශ්‍රී ලංකා පොලීසිය සහ බ්ලුම්ෆීල්ඩ් අතර පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති බී කොටසේ තරගයේදී පොලීසිය කඩුලු තුනක ජයග්‍රහණයක් ලැබීය. පොලීසියට දෙවන ඉනිමේදී  ලකුණු 208ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබුණු අතර ඔවුන් එය පන්දුවාර 59.3කදී කඩුලු හතක් දැවී රැස්කරගත්තේය.

බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම පන්දුවාර 45.4කදී සියලු ක්‍රීඩයන් දැවී 170යි – (හර්ෂ විතාන 50, චාමර සිල්වා 33, නිසාර් අහමඩ් ලකුණු 58/5) සහ දෙවන ඉනිම පන්දුවාර 53.2දී සියලු ක්‍රීඩකයන් දැවී 265යි – (දිල්හාන් කුරේ 55, හර්ෂ විතාන 42,චාමර සිල්වා 57, අසේල සිගේරා 64/5)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු  ඉනිම පන්දුවාර 53.3දී  ලකුණු 228 – (දුලාෂ් මිහිරාන් 54, ලක්ෂාන් රුද්‍රිගෝ 41, මධුරංග සොයිසා 27, දිලීප් ජයලත් 97/3, මධුෂාන් රවිචන්ද්‍ර කුමාර 46/4)  සහ දෙවන ඉනිම පන්දුවාර 59.3දී කඩුලු 7ට 208යි – (ලක්ෂාන් රුද්‍රිගෝ 67, දුලාෂ් මිහිරාන් 36*, ගයාන් සිරිසෝම 75/4)

මීගමුව – යුදහමුදාව

මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති මීගමුව ක්‍රිකට් කණ්ඩායම සහ යුදහමුදාව අතර තරගයෙන් මීගමුව ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක ජයක් අත්විය. මීගමුව ක්‍රිකට් සමාජයේ සාඩ් නසීම් මේ තරගයේදි තුන්ඉරියව්වේම දක්ෂතා පෙන්වීය.

යුද හමුදාව පළමු ඉනිම 155යි – (හිමාෂ ලියනගේ 56, උපුල් ඉන්ද්‍රසිරි 73/3, සාඩ් නසිම් 4/2, ඩිල්ෂාන් මුණවීර 29/2) සහ දෙවන ඉනිම පන්දුවාර 97.5දී සියලු දෙනා දැවී 398යි (දිනේෂ් චන්දිමාල් නොදැවී 163, පැතුම් දිල්ෂාන් 91, ලක්ෂාන් එදිරිසිංහ 38, රොෂේන් ප්‍රනාන්දු 60/3, උපුල් ඉන්ද්‍රසිරි 155/3, දිල්ෂාන් මුනවීර 27/2)

මීගමුව ක්‍රීඩා සමාජය මුල් ඉනිම කඩුලු 9ට 484යි -(සාඩ් නසිම් 139, ඇන්ජලෝ ජයසිංහ 87, අෂේන් සිල්වා 67, උපුල් ඉන්ද්‍රසිරි 63, ඩිල්ෂාන් මුණවිර 40, මාලක මධුශංඛ 126/3, දුෂාන් විමුක්ති 83/2) සහ දෙවන ඉනිම කඩුලු 2ට 74යි (සාඩ් නසිම් 40*, පී.ලක්ෂාන් 21*)

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest