slc
logo
Home   |    News
ජූලි 3, 2025
විශ්වවිද්‍යාල 16 කට ක්‍රිකට් උපකරණ

sinhala editor

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රධාන ක්‍රීඩා ඉසව්වක් ලෙසින් සැලෙකන ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 කට ක්‍රිකට් උපකරණ ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව 15 වැනි වතාවටත් මේ වසරේදී පැවැත්වීමට නියමිත අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලිියේ අනිවාර්යය අංගයක් වන ක්‍රිකට් ශූරතාවලියේදී මෙම උපකරණ භාවිතා කිරීමේ අවස්ථාව එම විශ්වවිද්‍යාල කණ්ඩායමට වලට උදාවී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන ආචාර්ය ජයන්ත ධර්මදාස මෙන්ම භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ බෙදාදීම ඉකුත් සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරිණ. මේ අවස්ථාව දඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ ක්‍රිකට් අනුකමිටුවේ සභාපති සංජීව ජයසිංහ මහතා ඇතුළු විශ්වවිද්‍යාල 16 ක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.

ක්‍රිකට් පිති තුනක්, අත් ආවරණ කට්ටල 4 ක්, පා ආවරණ කට්ටල 3 ක්, හිස් ආවරණ 2 ක්, කලවා ආවරණ 4 ක් සහ එක් කඩුලු රැකීමේ උපකරණ කට්ටලයක් මෙම උපකරණ බෑගයට ඇතුළත් වෙයි.

පන්දුවාර 50 ක තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් ශූරතාවලිය, රාජ්‍ය විශ්වවිද්‍යාල 16 දෙනාගේම සහභාගිත්වයෙන් ජූලිමස 12 වැනි දින ආරම්බ වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ වන සෑම මට්ටමකින්ම ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමට සහාය වීමක් ලෙසින් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ක්‍රීඩාවේ සක්‍රීය සහභාගීත්වය දියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන සිදුකරනු ලැබීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee