slc
Home   |    News
පෙබරවාරි 26, 2020
බී.ආර්.සී. – මහනුවර ආගමන විගමන පළමු ඉනිමේදී ජයගනියි

Sri Lanka Cricket

          ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 22-24 දිනයන්හි පැවැති තවත් තරග දෙකකදී බී.ආර්.සී.කණ්ඩායම ‘ඒ’ කොටසේ දීද මහුවර ආගමන විගමන කණ්ඩායම ‘බී’ කොටසේදී ද මුල් ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගත්හ.

          ‘ඒ’ කොටසේ බී.ආර්.සී සහ එස්.එස්.සී.තරගයේදී බී.ආර්.සී කණ්ඩායමත් ‘බී’ කොටසේදී මහනුවර ආගමන විගමන කණ්ඩායම සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගයේදී බී.ආර්.සී කණ්ඩායමක් පළමු ඉනිමේ ජය ලැබීය.

බී.ආර්.සී. – එස්.එස්.සී.

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී බී.ආර්.සී.කණ්ඩායමේ දේශාන් ඩයස් පළමු ඉනිමේදී නොදැවී ලබාගත් ලකුණු 152 මත බී.ආර්.සී.පිලට මුල් ඉනිමේදී ඉදිරියෙන් සිටීමට අවස්ථාව උදාවිණි.බී.ආර්.සී කණ්ඩායමට සම්පූර්ණ තරගයෙන් ජයලැබීමට තිබූ පහසු අවස්ථාව මගහැරුණේ කාලවේලාව අඩුවීමෙනි.

එස්.එස්.සී. – පළමු ඉනිම 305යි

(නුවනිදු ප්‍රනාන්දු 109, ක්‍රිෂාන් සංජුල 92, ෂම්මු අෂාන් 32, දුවිඳු තිලකරත්න 83/3, තරිඳු කෞෂාල් 56/2,මළිදු ෂෙහාන් 62/2යි)

දෙවන ඉනිම කඩුලු 9ට 153

(සදුන් වීරක්කොඩි 56, ක්‍රිෂාන් සංජුල 39, දුමිඳු තිලකරත්න 48/5, තරිඳු කෞෂාල් 49/4)

බී.ආර්.සී පළමු ඉනිම 456 (කඩුලු 8ට)

(දේශාන් ඩයස් නොදැවී 152, ලසිත් ලක්ෂාන් 75, භානුක රාජපක්ෂ 56,රවින්ද්‍ර විජේසූරිය 42, දුවිඳු තිලකරත්න 21,ආකාෂ් සේනාරත්න 100/3,චරිත් අසලංක 50/2)

මහනුවර ආගමන විගමන බ්ලූම්ෆීල්ඩ්

මහනුවර ආගමන විගමන කණ්ඩායම මුල් ඉනිමේදී පහසු ජයක් අත්කර ගත් අතර එම කණ්ඩායමේ චානක විජේසිංහ ලකුණූ 152ක් රැස්කිරීමට සමත්විය.

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම 308

(චාමර සිල්වා 79, මිෂේන් සිල්වා 69,සමිත් කඳනආරච්චි 65, හර්ෂ විතාන 26,මදුෂාන් රවිචන්ද්‍රකුමාර් 26,සචිත්‍ර පෙරේරා 98/4 උමේග චතුරංග 80/3)

දෙවන ඉනිම කඩුලු 7ට 270යි

(හර්ෂ විතාන 88.චාමර සිල්වා 44, මිෂේන් සිල්වා 26, මදුෂාන් රවිචන්ද්‍රකුමාර 40, රවිදු ප්‍රනාන්දු නොදැවී 22, උමේග චතුරංග 75ට2යි, සචිත්‍ර පෙරේරා 88ට 2)

මහනුවර ආගමන විගමන කණ්ඩායම පළමු ඉනිම 428යි

චානක විජේසිංහ 152, රාජිත වික්‍රමආරච්චි 128, සම්පත් පෙරේරා 20, ගයාන් සිරිසෝම 140ට5යි, දෙවන ඉනිම කඩුලු 3ට 62යි

සම්පත් පෙරේරා 32, ගයාන් සිරිසෝම 31ට3

  • මෙමසති අන්තයේ පෙබරවාරි 28, 29 හා මාර්තු 01 පැවැත්වෙන කොටසේ තරග පහත දැක්වේ.

සී.සී.සී. – මුවර්ස් (සී.සී.සී. ක්‍රීඩාංගණය)

බී.ආර්.සී.- කෝල්ට්ස් (බී.ආර්.සී ක්‍රීඩාංගණය)

එස්.එස්.සී. – යුද හමුදාව (කෝල්ට්ස් ක්‍රීඩාංගණය)

බදුරලිය – සරසන්ස් (සරේ ක්‍රීඩාංගණය)

එම්.සී.සී. – ටැමිල් යූනියන් (එම්.සී.සී.ක්‍රීඩාංගණය)

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest