slc
logo
Home   |    News
ජූලි 5, 2025
දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්

sinhala editor

ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් අද (05 දා) පැවැත්වෙන මෙම තරගයේදී දෙපිළම වෙනස්කම් දෙකක් සහිතව අවතීර්ණව සිටිති.

තරගාවලියේ පළමු තරගය ජය ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට නම් අද තරගයේ ජය පමණක් ප්‍රමාණවත් වන අතර තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් බංග්ලාදේශ පිලට මෙම තරගයේ ජය තීරණාත්මක වනු ඇත.

එවන් අසීරු අභියෝගයකට බංග්ලාදේශ  පිල මුහුණ දී සිටියද අද තරගයේදී ඔවුන් සතු හොඳම වේග පන්දු යවන්නා වන ටස්කින් අහමඩ්ව විවේක ගන්වා තිබීම විශේෂත්වයකි. ඒ වෙනුවට දකුණත් වේග පන්දු යවන හසන් මහමූද්ව කැඳවා තිබෙන අතර ඊට ලිටන් දාස්ගේ ස්ථානය සඳහා පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ශමීම් හොසේන් කැඳවීමට එම තේරීම් වලදී පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී මිලාන් රත්නායක වෙනුවට දඟ පන්දු යවන්නකු ලෙස දුනිත් වෙල්ලාලගේ සහ පෙර තරගයට ක්‍රීඩා කරන ලද එෂාන් මාලිංග වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවමින් අවතීර්ණව සිටිති. පළමු තරගයේදී දෙපිළම වේග පන්දු යවන්නන් පිළිබඳව විශ්වාසය තබමින් ක්‍රීඩා කළද මෙම තරගයේදී දඟ පන්දු යවන්නන්ට සහායක් දෙනු ඇතැයි අපේකෂාවෙන් තරගයට අවතීර්ණ ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම – 1. පැතුම් නිස්සංක, 2. නිශාන් මදුෂ්ක, 3. කුසල් මෙන්ඩිස්, 4. කමිඳු මෙන්ඩිස්, 5. චරිත් අසලංක (නායක), 6. ජනිත් ලියනගේ, 7. දුනිත් වෙල්ලාලගේ, 8. වනිඳු හසරංග, 9. මහීෂ් තීක්ෂණ, 10. දුෂ්මන්ත චමීර, 11. අසිත ප්‍රනාන්දු.

බංග්ලාදේශ කණ්ඩායම – 1. ප්‍රර්වේස් හොසේන්, 2. ටන්සිඩ් හසන්, 3. නජ්මුල් හොසේන් ෂැන්ටෝ, 4. ටව්හිඩ් රිඩෝයි, 5. ශමීම් හොසේන්, 6. මෙහෙදි හසන් මිරාස් (නායක), ජෙකර් අලී, ටන්සිම් හසන්, 9. හසන් මහමුදු, 10. ටන්වීර් ඉස්ලාම්, 11. මුස්ටෆිසුර් රෙහ්මාන්.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee