slc
logo
Home   |    News
අගෝස්තු 9, 2026
ඉන්දීය ක්‍රීඩකයෝ පුහුණු තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කරති

sinhala editor

ඇඟිල්ලේ ආබාධය නොතකා ලකුණු 44ක් රැස් කළ ඉන්දීය නායක ශුබ්මන් ගිල්ගේ ඉනිමත් වේගවත් ලකුණු 61කින් දායක වූ යෂස්වි ජයස්වාල්ගේ ඉනිමත්  සහ අවසන් මොහොතේ පිට පිට හයේ පහර තුනක් එල්ල කළ මොහොමඩ් සිරාජ්ගේ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහි කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති තෙදින පුහුණු තරගයෙන් ඉන්දියාව කඩුලු 6ක ජයක් අද (09 වැනිදා) පස්වරුවේදී වාර්තා කළේය.

ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව කඩුලු 4ක් දැවී ලකුණු 214ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කළේය. අවසන් අදියරේදී ඉන්දීය පිතිකරුවන් කිහිපදෙනකුම ඉනිමෙන් විශ්‍රාම ගත් අවස්ථාවක, සිරාජ්ගේ වේගවත් ප්‍රහාරය තරගයේ අවසන් උණුසුමද මකා දැමීය.

තරගයේ පළමු ඉනිමේදී පිතිකරණයට නොපැමිණි ගිල්, දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පැමිණ පන්දු 54කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 44ක් ලබා ගත්තේය. ඔහු තරගයට පෙර අතට පන්දුවක් වැදීමෙන් සුළු ආබාධයකට ලක්ව සිටියද, එය ඔහුගේ පිතිහරඹයට බාධාවක් වූ බවක් නොපෙනුණි.

ගිල් සහ ජයස්වාල් එක්ව ලකුණු 105ක ආරම්භක සබඳතාවක් ගොඩනඟමින් ඉන්දීය ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්හ. ජයස්වාල් පන්දු 46කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 61ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිමෙන් විශ්‍රාම ගත්තේය.

ගිල් දැවී යාමෙන් පසු රිෂාබ් පාන්ට් සහ ධෘව් ජුරෙල් එක්ව ලකුණු 45ක සබඳතාවක් ගොඩනැගූ නමුත් ජුරෙල් දැවී යාමත් සමඟ ඉන්දීය ඉනිමට යම් පීඩනයක් ඇති විය.

ඉන්දීය කණ්ඩායමට ලකුණු 207ක ඉලක්කයක් හිමි වූයේ පළමු ඉනිමේ ලද ලකුණු 06 වාසියත් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් XI දෙවැනි ඉනිම කඩුලු 6කට ලකුණු 200ක් ලබා අත්හිටුවීමෙන් පසුවය.

දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට නව පන්දුවෙන්ම මොහොමඩ් සිරාජ් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා පීඩනයක් එල්ල කළහ. ලකුණු 21කට කඩුලු දෙකක් දැවී තිබියදී නිශාන් ප්‍රනාන්දු සහ පවන් රත්නායක, පසුව නිශාන් සහ අංජල බණ්ඩාර එක්ව ගොඩනැගූ ලකුණු 50කට වැඩි සබඳතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් XI ඉනිම නැවත ස්ථාවර විය.

නිශාන් ප්‍රනාන්දු පන්දු 73කදී ලකුණු 63ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, අංජල බණ්ඩාර ලකුණු 35ක් රැස් කළේය. අංජලගේ ඉනිම අවසන් කළේ රවීන්ද්‍ර ජඩේජා වන අතර, යෂස්වි ජයස්වාල් එම උඩ පන්දුව ස්ලිප්හිදී රැක ගත්තේය.

අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් XI කඩුලු 6කට ලකුණු 200ක් ලබා ඉනිම අත්හිටුවීමත් සමඟ ඉන්දියාවට ලකුණු 207ක ඉලක්කයක් හිමි විය. එම ඉලක්කය හඹා යාමේදී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 22කටත්, ඉන්දීය කණ්ඩායමේ තෙවැනි දඟ පන්දු යවන්නා ලෙස ටෙස්ට් තරගයට ස්ථානයක් අපේක්ෂා කරන මනව් සුතර් ලකුණු 4කටත් ඉනිමෙන් විශ්‍රාම ගත්හ.

ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව ආසන්නව තිබියදී ඇති වූ එම සුළු පීඩනය අවසන් කළේ මොහොමඩ් සිරාජ්ය. ඔහු පන්දු 15කදී නොදැවී ලකුණු 32ක් ලබා ගනිමින්, අවසන් අදියරේදී පිට පිටම හයේ පහර තුනක් එල්ල කළේය.  ඒ අනුව ඉන්දියාව කඩුලු 4ක් දැවී ලකුණු 214ක් ලබා ගනිමින් තරගය කඩුලු 6කින් ජය ගත්තේය.

මෙම පුහුණු තරගයේ තවත් විශේෂත්වයක් වූයේ කණ්ඩායම් දෙකම පළමු ඉනිමේදී පන්දුවාර 90 බැගින්ද, දෙවැනි ඉනිමේදී පන්දුවාර 45 බැගින්ද ක්‍රීඩා කිරීමය. ඒ අනුව තරගයේ ඉනිම් දෙකම එකිනෙකට සමාන පන්දුවාර සංඛ්‍යාවකින් සීමා වූ අතර, දෙපිලටම පිතිකරණය හා පන්දු යැවීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නිශ්චිත අවස්ථාවක් හිමි විය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා ක්‍රිකට් XI පළමු ඉනිම – 363/8 (පන්දුවාර 90.1)

නිශාන් ප්‍රනාන්දු 66 (65), රවින්දු රෂාන්ත 71 (143), පසිඳු සූරියබණ්ඩාර 30 (45), පවන් රත්නායක 27 (46), අහන් වික්‍රමසිංහ 24 (44), අංජල බණ්ඩාර 14 (35), රමේෂ් මෙන්ඩිස් 31 (44), සෝනල් දිනූෂ 52 (72), දිලුම් සුදීර නොදැවී 1, කේසර නුවන්ති නොදැවී 9, මනව් සුතාර් 33/2, රවීන්ද්‍ර ජඩේජා 64/2, කුල්දීප් යාදව් 76/2, ගුර්නූර් බ්‍රාර් 45/1

ඉන්දියාව – පළමු ඉනිම 357/8 (පන්දුවාර 90)

දේව්දුත් පඩික්කල් – 142* (164), රවීන්ද්‍ර ජඩේජා – 63 (117), මනව් සුතර් – 41 (90), කේ.එල්. රාහුල් – 40 (67), ගුර්නූර් බ්‍රාර් – 36* (18), රමේෂ් මෙන්ඩිස් – 77/2, අසංක මනෝජ් – 32/2

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI – දෙවැනි ඉනිම: 200/6 (පන්දුවාර 45)

නිශාන් මදුෂ්ක 63, රවිඳු රසාන්ත 08, පසිඳූ සූරියබණ්ඩාර 04, පවන් රත්නායක 16, අංජල බණ්ඩාර 35, නිපුන් ධනංජය 46, සොනාල් දිනූෂ 09, රමේෂ් මෙන්ඩිස් 16*, කේෂර නුවන්ත 01*, ගුර්නූර් බ්‍රාර් 37/2, රවීන්ද්‍ර ජඩේජා 33/2)

ඉන්දියාව දෙවැනි ඉනිම 214/ 6 (පන්දුවාර 45)

යශස්වි ජයිස්වාල් 61, ශුබ්මන් ගිල් 44, රිෂාබ් පාන්ට් 28, ධෘව් ජුරෙල් 17, රවීන්ද්‍ර ජඩේජා 22, මානව් සුතාර් 04, ගුර්නූර් බ්‍රාර් 02, සාරනාශ් ජේයින් 02, මොහොමඩ් සිරාජ් 32*, කේශර නුවන්ත 57/2, විශ්ව ප්‍රනාන්දු 34/1, රමේෂ් මෙන්ඩිස් 53/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee