slc
logo
Home   |    News
අගෝස්තු 9, 2026
අන්තර් සමාජ කාන්තා එක්දින පළමු ශතකය නිලක්ෂිකාගෙන්

sinhala editor

අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (09 වැනිදා) පැවැති එකම තරගය වූ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී පානදුර ක්‍රීඩා සමාජයේ පිතිකාරිණියක වන නිලක්ෂිකා ද සිල්වා මෙවර තරගාවලියේ පළමු ශතක ලාභිණිය බවට පත්වීමට සමත්වූවාය. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී නිලක්ෂිකාගේ ඉනිම ප්‍රධාන කොට එම තරගයෙන් ලකුණු 140 ක දැවැන්ත ජයක් වාර්තා කර ගැනීමටද පානදුර ක්‍රීඩා සමාජයට හැකියාව ලැබිණ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් පානදුර ක්‍රීඩා සමාජය නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 276 ක් රැස් කරන ලදුව, ප්‍රතිවාදී කෝල්ට්ස් පිතිකාරිණියන්ට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 48 කදී සියලු දෙනා දැවී ලකුණු 136 ක් පමණි.

අංක 4 පිතාකාරිණිය ලෙසින් පිටියට පිවිසී පානදුර නායිකා නිලක්ෂීකා ද සිල්වා පන්දු 90 කට මුහුණ දෙමින් ලකුණු 120 ක් රැස් කරගනු ලැබුවේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් වුණු දකුණත් පිතිකාරිණියගේ ඉනිම හේතුවෙන් පානදර ක්‍රීඩා සමාජයට කඩුලු 6 කට ලකුණු 276 ක් දක්වා යෑමේ අවස්ථාව හිමිවිය.

ඇයට අමතරව විමෝක්ෂා බාලසූරිය (28), පියුමි වත්සලා (25), සහ රශ්මිකා සෙවව්න්දි (30) පානදුර ඉනිම ලකුණුවලින් පෝෂණය කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් පැවැත්වීමට උමයංගනා පීරිස් (34) සහ තරුෂි රාජකරුණා (24), සමත් වුවද අනතුරුව පිටියට පිවිසි විශ්මි සොයිසා (18) සහ හරිනි පෙරේරා (11) සෙසු එකදු පිතිකාරිණියකට ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අපොහොසත්විය. මෙහි විහේෂත්වයක් වූයේ පානදුර කණ්ඩායම විසින් අතිරේක ලකුණු 27 ක් ලබා දීමය. කෙසේ වෙතත් පන්දුවාර 48 අවසානයේදී කෝල්ට්ස් ඉනිම ලකුණු 136 කට සීමා කිරීමට පානදුර පන්දු යවන්නියෝ සමත්වූහ.

පන්දු යැවීමේදී පියුමි වත්සලා ලකුණු 17 කට කඩුල 3 ක් දවා ගනිද්දී දෙවාගි ජෙගනාතන් ලකුණු 10 කට කඩුලු 2 ක් ද බිඳ දැමූහ. සුගන්දිකා කුමාරි, ප්‍රමුදි මෙත්සරා, සඳලි වීරසිංහ සහ නවෝද්‍යා නෙත්මිණී එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

පානදුර ක්‍රීඩා සමාජය පන්දුවාර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 276 යි – (සඳලි වීරසිංහ 34, විමෝක්ෂා බාලසූරිය 28, පියුමි වත්සලා 25, නිලක්ෂිකා ද සිල්වා 120*, රශ්මිකා සෙව්වන්දි 30, ප්‍රමුදි මෙත්සරා 13*, ජනදි අනාලි 48/2)

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 48 කදී ලකුණු 136 යි – (තරුෂි රාජකරුණා 24, උමයංගනා පීරිස් 34, පියුමි වත්සලා 17/3, දෙවාගි ජෙගනාතන් 10/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee