slc
logo
Home   |    News
පෙබරවාරි 10, 2020
සී.සී.සී. සහ හලාවත මේරියන්ස්ට සත්කාරකයෝ පරදිති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ තුන්දින ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි සති අන්තය අවසානයේදී ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ ක්‍රීඩා සමාජය (සී.සී.සී) සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් සමත්වූහ. මෙහිදී සී. සී. කණ්ඩායම විසින් බී. ආර්. සී. පිල ලකුණු 145 කින්ද හලාවත මේරියන්ස් පිල විසින් ටැමිල් යුනියන් පිල කඩුලු 9 කින්ද පරාජයට පත් කළහ. මේ සතියේ වාර්තා වුණු ජයග්‍රහණ දෙකම සත්කාරකත්වය ලබා දුන් කණ්ඩායම් වලට එරෙහිව වාර්තා වීම කැපී පෙනෙයි.

‘ඒ’ කොටසේ තවත් තරග තුනක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. එම තරගයන්හි මුල් ඉනිමේ ජයග්‍රහණ අත්කරගත් කණ්ඩායම් වූයේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රීඩා සමාජය සහ එන්.සී.ක්‍රීඩා සමාජයයි. එස්.එස්.සී.කණ්ඩායමේ දසුන් ශානක ලකුනු 130ක් සහ යුද හමුදාවේ දිනේෂ් චන්දිමාල් ලකුණු 89ක් ලබාගනිමින් තෙවන දිනයේ පිතිකරුවන් අතුරින් කැපීපෙනුණි.

හලාවත මේරියන්ස් – ටැමිල් යුනියන් (පී.සරා ඕවල් පිටියේදී)

හලාවත මේරියන්ස් පිලට කඩුලු 9 ක ජයක්

වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මේරියනස් – ටැමියල් යූනියන් තරගයේදී හලාවත මේරියන්ස් කණ්ඩායමට දෙවන ඉනිමේ ලකුණු 115ක් ලබා ජයගැනීම් ඉලක්කයක් ලැබුණු අතර ඔවුන් පන්දු වාර 17කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 116ක් ලබා එම ජයග්‍රහණය සනිටුහන් කර ගත්තේය. මුල් ඉනිමේ දී ලකුණු 162කට සීමාවූ ටැමිල් යූනියන් කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 298ක් ලබාගත් අතර එහිදී මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 158ක් රැස් කළේය. අසිත ප්‍රනාන්දු ලකුණු 92කට කඩුලු 4ක් දවාලූවේය.

ටැමිල් යූනියන් පළමු ඉනිම 162යි සහ දෙවැනි ඉනිම දෙවැනි ඉනිම පන්දුවාර 76.2කදී සියලුදෙනා දැවී 298යි – (මනෝජ් සරත්චන්ද්‍ර 158, කිත්රුවන් විතානගේ 30, අසිත ප්‍රනාන්දු 92ට 4යි, නිමේෂ් විමුක්ති 42/2, ෂෙහාන් ජයසූරිය 75/2)

හලාවත මේරියන්ස් පළමු ඉනිම 346යි සහ දෙවන ඉනිම පන්දු වාර 17කදී කඩුල්ලක් දැවී 116යි – (සුමිට් ගාඩිඕන්කර් 55*, ඕෂද ප්‍රනාන්දු 30*, ලසිත් කෲස්පුල්ලේ 23, මධුක ලියනපතිරනගේ 38/යි)

සී.සී.සී. – බී.ආර්.සී. (බී.ආර්.සී. පිටිය)

සී.සී.සී පිලට ලකුණු 145 ක ජයක්

බී.ආර්.සී.ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී සත්කාරක බී.ආර්.සී. පිලට ලකුණු 406 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූ නමුත්,  තරගය නිමවීමට ස්වල්ප වේලාකවකට පෙර සියලු දෙනා ලකුණු 261කට සීමා කිරීමට සී.සී.සී. පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණි නායක අෂාන් ප්‍රියංජන් ලකුණු 42ට කඩුලු 5ක් බිඳදැමීය.

සී.සී.සී.පළමු ඉනිම 416යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 52කදී කඩුලු හයක් දැවී ලකුණු 267 යි – (එම්.පී.වීරසිංහ 82, රොන් චන්ද්‍රගුප්ත 77, අෂාන් ප්‍රියංජන් 45, ඩී.තිලකරත්න 93/4)

බී.ආර්.සී. මුල් ඉනිම 277යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 67.5දී සියල්ල දැවී 261යි – (දේශාන් ඩයස් 33, භානුක රාජපක්ෂ 93, ෂානුක විතානවසම් 68, අෂාන් ප්‍රියංජන් 42/5, විශ්ව ප්‍රනාන්දු 34/2)

එන්.සී.සී. – ලන්කන්

එන්.සී.සී.ට පළමු ඉනිමේ ජයක්

තරගයේ පළමු ඉනිමේදී එන්. සී. සී. කණ්ඩායම ලකුණු 117 කින් පෙරමුණ ගැනීමට සමත්වූ අතර තරගය නිමා කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එන්. සී. සී. පිල කිසිවකු නොදැවී ලකුණු 147 ක් ලබා සිටියේය.

එන්.සී.සී. පළමු ඉනිම කඩුලු 9ක් දැවී 511යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 23 කදී කිසිවකු නොදැවී ලකුණු් 147 යි – (ළහිරු උදාන 68*, මහේල උඩවත්ත 74*)

ලන්කන් පළමු ඉනිම පන්දු වාර 133.2කදී සියලු දෙනා දැවී 394යි (ප්‍රිමෝෂ් පෙරේරා 66, ගීත් කුමාර 70, චානක රුවන්සිරි 51, රුසිත් උපමාල් 59, සවන් කංකානමගේ 54, චතුරංග ද සිල්වා 82/2, චාමික කරුණාරත්න 37/2,ලසිත් ඇඹුල්දෙණිය 88/2)

මීගමුව එස්.එස්.සී.

මීගමුවට පළමු ඉනිමේ ජයක්

එස්.එස්.සී.කණ්ඩායමේ දසුන් ශානක පන්දු 177කදී හතරේ 14ක් හයේ දෙකක් සමග ලකුණු 130ක් රැස් කළද මීගමුව කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව ඉක්මවා යෑමට එස්. එස්. සී. පිලට නොහැකි වුවත්, එහි ආසන්නයට පැමිණීමට සමත්විය. ඒ අනුව මීගමුව පිල ලබා ගතු ලකුණු 428 ට පිළිතුරු ලෙස එස්. එස්. සී. පිල ලකුණු 409 ක් රැස් කරගත්තේය. තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මීගමුව පිල කඩුලු 3 කට ලකුණු 126 ක් ලබා සිටියි.

මීගමුව පළමු ඉනිම 428යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 34 කදී 126/3 යි – (දිල්ෂාන් මුනවීර 49යි, ඒ.ජයසිංහ නොදැවී 29යි, තරිදු රත්නායක 46/2)

එස්.එස්.සී පළමු ඉනිම පන්දුවාර 107.2කදී ලකුණු 409යි. (දසුන් ශානක 130යි. ආකේෂ් සෙනෙවිරත්න 35, රොෂේන් ප්‍රනාන්දු 114/4, උපුල් ඉන්ද්‍රසිරි 110/5)

කෝල්ට්ස් – යුද හමුදාව

කෝල්ට්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජය

පළමු ඉනිමේදී ලකුණු 96 ක් පසු පසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ යුද හමුදා කණ්ඩායම තරගය නිමා කරන විට පන්දුවාර 68.4 කදී සියලුදෙනා දැවී ලකුණු 268 ක් ලබා ගත්තේය. යුද හමුදා පිල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 89ක් රැස් කිරීමට සමත්විය.

යුද හමුදාව පළමු ඉනිම 270යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 68.4 කදී සියලුදෙනා දැවී ලකුණු 268 යි – (දිනේෂ්  චන්දිමාල් 89, ඒ.සිල්වා 37, ප්‍රභාත් ජයසුරිය 109/3, දිල්රුවන් පෙරේරා 62/3)

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 100ත1 කදී සියලු දෙනා දැවී ලකුණු 336 යි – (විෂාඩ් රන්දික 132, මල්ක මධුශංඛ 83/3)

බී කොටසේ තරගාවලිය

කුරුණෑගල තරුණවරාය අධිකාරිය

වරාය අධිකාරියට පළමු ඉනිමේ ජයක්

කුරුණෑගල තරුණ කණ්ඩායම පළමු ඉනිම 235යි සහ දෙවැනි ඉනිම පන්දු වාර 80දී කඩුලු 9ට 309යි -(මාලිංග මලිගස්පෙ 89, ආර්.රණසිංහ 37, පී.ජයරත්න 55*, චානක කොමසාරු 100/6)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමු ඉනිම 311යි සහ දෙවැනි ඉනිම කඩුලු 1ට 55යි

බ්ලූම්ෆීල්ඩ් – නුගේගොඩ

බ්ලුම්ෆීල්ඩ්ට පළමු ඉනිමේ ජයක්

නුගේගොඩ පළමු ඉනිම 294යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 22 කදී කඩුලු 2 ට ලකුණු 45 යි.

්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම පන්දුවාර 78.1දැවී සියලුදෙනා දැවී 327යි – (දිල්හාන් කුරේ 96, හර්ෂ විතාන 72, මිෂෙන් සිල්වා 51*, එම්.මධුෂාන් 74/5, මතීෂ පෙරේරා 28/4

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති
    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. […]
  • වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි
    ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින […]
  • කමිඳු – ධනංජය යළි බලාපොරොත්තු නංවයි
    ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක […]
  • එංගලන්ත නායකයාගෙන් වේගවත් ශතකයක්
    ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට […]
  • එංගලන්තයේ ජයග්‍රාහී රිද්මය ශ්‍රී ලංකාවට නවතාලිය හැකි වේද…?
    එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (සිකුරාදා) ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. මෙතෙක් පැවැති තරග […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee