slc
logo
Home   |    News
ජූනි 30, 2025
‘ඒ‘ කණ්ඩායම් වල නායකත්වය පසිඳු සහ ළහිරුට

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද එක්දින සහ සිව්දින කණ්ඩායම් වල නායකත්වය සදහා පිළිවෙලින් ළහිරු උදාර සහ පසිඳූ සූරියබණ්ඩාරව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මෙහිදී එක්දින කණ්ඩායම සදහා ක්‍රීඩකයින් ක්‍රීඩකයින් 16 දෙනෙකුද සිව්දින කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුද නම් කර තිබේ.

මෙම තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ජුනි මස 30 වැනිදා (අද) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත. ශ්‍රී ලංකාවේ දෙවැනි පෙළ ක්‍රිකට් කණ්ඩායම වන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට මෙම තරග සංචාරය යටතේ විවිධ තත්ත්වයන්ට මෙන්ම තරගකාරී පරිසරයක සිට ක්‍රීඩා කිරීමේ අවකාශ උදාවනු ඇත. එය ජාතික කණ්ඩායමට පැමිණීමේදී ක්‍රීඩකයින්ට විශාල පිටිවහලක් වනු ඇත.

මෙම තරග සංචාරය යටතේ පළමුවෙන්ම එක්දින තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය පැවැත්වෙන අතර අනතුරුව තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග ඩාර්වින් නුවරදී පැවැත්වෙනු ඇත.

සිව්දින කණ්ඩායම – පසිඳු සූරියබණ්ඩාර (නායක), ළහිරු උදාර, කමිල් මිශාර, රවිඳු රසාන්ත, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, විශාද් රන්දික, සොහාන් ද ලිවේරා, සොනාල් දිනූෂ, ශිරාන්  ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, අසංක මනෝජ්, මොහොමඩ් ශිරාස්, ප්‍ර මෝද් මදුෂාන්, වනුජ සහන්, නිශාන් පීරිස්.

එක්දින කණ්ඩායම – ළහිරු උදාර (නායක), කමිල් මිශාර, ලසිත් කෘෘස්පුල්ලේ, පසිඳූ සූරියබණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, ප්‍රමෝද් මදුෂාන්, මොහොමඩ් ශිරාස්, දුෂාන් හේමන්ත, වනුජ සහන්.

තරග කාලසටහන

ජූලි 04 – පළමු එක්දින තරග – ඩාර්වින්

ජූලි 06 – දෙවැනි එක්දින තරගය – ඩාර්වින්

ජූලි 09 – තෙවැනි එක්දින තරග – ඩාර්වින්

ජූලි 13-16 – පළමු සිව්දින තරගය – ඩාර්වින්

ජූලි 20-23 – දෙවැනි සිව්දින තරගය – ඩාර්වින්

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee