slc
logo
Home   |    News
පෙබරවාරි 24, 2020
සෙබස්ටියනයිටස් – නුගේගොඩ – පොලීසිය ‘බී’ කොටසේ ජය ගනී

Sri Lanka Cricket

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රිමියර්ලීග් අන්තර් සමාජ ‘බී’ කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලියේ පසුගිය සතිඅන්තයේ පැවැති තරගාවලියේදී සෙබස්ටියනයිට්ස්, නුගේගොඩ සුබ සාධක ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා පොලීසිය ජයග්‍රහණයක් අත්කර ගත්හ.

    නුගේගොඩ කණ්ඩායම ලකුණු 170කින් ගුවන් හමුදාව පරාජය කළ අතර සෙබස්ටියනයිට්ස් සහ කලුතර නගර කණ්ඩායම අතර තරගයෙන් සෙබස්ටියනයිට්ස්ට ලකුණු 183ක ජයක් අත්විය. පොලීසිය සහ කුරුණෑගල තරුණ කණ්ඩායම අතර තරගයෙන් පොලීසිය ජයලැබුවේ ලකුණු 17කිනි.

පොලීසිය – කුරුණෑගල තරුණ

පොලිස් ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් කණ්ඩායම අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් පොලීසියට ලකුණු 17ක ජයක් අත්විය. පොලීසියේ දුලාෂ් උදයංග පළමු ඉනිමේදී ලකුණු 77ක් සහ දෙවන ඉනිමේදි ලකුණු 55ක් රැස් කිරීමට සමත්විය.

පොලීසිය පළමු ඉනිම (පන්දු වාර 58.2) දී සියල්ල දැවී 204යි

දුලාෂ් උදයංග 77, මංජුල ජයවර්ධන 69, රන්දීර රණසිංහ 26/3 විනෝද් පෙරේරා 37/2, ළහිරු ජයරත්න 31/2, නවීන් කවිකාර 48/2

පොලීසිය දෙවන ඉනිම 246 (පන්දු වාර 60.1)

දුලාෂ් උදයංග 55, ලක්ෂාන් රුද්‍රිගෝ 41, සුපුන් මධුශංඛ 39, මදුරංග සොයිසා 33, අසේල සිගේරා 22,නවීන් කවිකාර 73/6, සංදීප් කුන්චිකෝර් 13/2

කුරුණෑගල තරුණ පළමු ඉනිම පන්දුවාර 65.2දී සියලුදෙනා දැවී 161යි.

රවීන්ද්‍ර කරුණාරත්න 58, මාලින්ද මලිගස්පෙ 35, සේන් අබ්බාස් 26, නිසාර් අහමඩ් 42/4, සුපුන් මධුශංඛ 11/3, අසේල සිගේරා 19/2

කුරුණෑගල තරුණ දෙවන ඉනිම පන්දුවාර 75.2දී සියලුදෙනා දැවී 273

විනෝද් පෙරේරා නොදැවී 80, මාලින්ද මලිගස්පෙ 62, කෙෂාන් වන්නිආරච්චි 31. සංදීප් කුංචිකෝර් 29, අසේල සිගේරා 16/2

සෙබස්ටියනයිටස් – කලුතර නගර

බුලත්සිංහල පැවති මේ තරගයෙන් සෙබස්ටියනයිටස් ලකුණු 183ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

සෙබස්ටියනයිටස් පළමු ඉනිම පන්දුවාර71.3 දී 316

ජිනිව් ජෝෂි 107, තිලංක ද සිල්වා 37, දසුන් සෙ‍නෙවිරත්න 36 , නයින්දේ ඛාන් 29, සචින් ප්‍රනාන්දු 29, නවෝද්‍ය ඉමේෂ් 27, හසින් ඩිල්මන් 46/2, සුවංජි මදනායක 50/2 , හසිත නිර්මාල් 72/2 

දෙවනි ඉනිම 171 පන්දුවාර 41.3 යි.

නයින්දේ ඛාන් 39 යි , තිලංක ද සිල්වා 27 ,නවින් ගුණවර්ධන 24 ,හසිත නිර්මාල් 58/7 

කළුතර නගර කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 52 දී සියලුදෙනා දැවී 200 යි.

නවාඩ් සාවාර් 40 , හෙෂාන් විමලධර්ම 31 , හසින් ඩිල්මන් 34 , එරංග රත්නායක 40 , නවින් ගුණවර්ධන 88 ට 6 යි 

දෙවනි ඉනිම පන්දුවාර 38 දී සියලු දෙනා දැවී 104යි.

හෙෂාන් විමලධර්ම 31,එරංග රත්නායක 17,නවීන් ගුණවර්ධන 45/4 ,රනේෂ් පෙරේරා 15/3,නවෝද්‍ය ඉමේෂ්22/3  

නුගේගොඩ සුභ සාධක සමාජය හා ගුවන් හමුදාව

කටුනායකදී පැවැති නුගේගොඩ සුභ සාධක ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර තරගයෙන් නුගේගොඩ කණ්ඩායම ලකුනු 170ක පහසු ජයක් අත්කර ගත්තේය.

නුගේගොඩ සුබ සාධක කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 56.4 සියලුදෙනා දැවී 178

මතීෂ පෙරේරා නොදැවී 67,පසිඳු නදීෂාන් 49, සුමින්දු ලක්ෂාන් 33/4, ළසිඳු රුක්මාල් 18/2, අරවින්ද ප්‍රේමරත්න 37/2)

නුගේගොඩ දෙවන ඉනිම පන්දුවාර 69යි කඩුලු 8ට 336

(පසිඳු මධුෂාන් 60, දෙනුවන් රාජකරුණා 97,පුමුද් හෙට්ටිවත්ත 47, ගයාන් ද සිල්වා 41/3,රවිනිඳු සෙම්බුකුට්ටිගේ 39/3)

ගුවන් හමුදාව පළමු ඉනිම පන්දුවාර 57.2දී 158

(ලක්වින් වීරසූරිය 34, චාමිකර හේවගේ 26, පසිඳු මධුෂාන් 21/5 ජලට් ඛාන් 35/2)

ගුවන් හමුදාව දෙවන ඉනිම පන්දුවාර 54.5 දී 186යි

(රවිනිඳු සෙම්බුකුට්ටිගේ 51,උදයවංශ පරාක්‍රම 46, සුමින්ද ලක්ෂාන් 38,චානක දිල්ෂාන් 41/4,ජලට් ඛාන් 51/4)

ගාල්ල – වරාය අධිකාරිය

මේ තරගයෙන් වරාය අධිකාරියට පළමු ඉනිමේ ජය අත්විය.

ගාල්ල පළමු ඉනිම පන්දුවාර 41.4දී 123යි. 

(කවිඳු එදිරවීර 30, චතුර ලක්ෂාන් 26, ජේකබ් සචින් 20, චානක කොමසාරු 54/6, චමින්ද බණ්ඩාර 54/2)

දෙවන ඉනිම පන්දුවාර 59දී කඩුලු 9ක් දැවී 147

(කවිඳු එදිරවීර 43,විනුර දුල්සර 32,රවිශ්ක විජේසිරි 22,චානක කොමසාරු 25/2, ඩී.වීරසිංහ 40/3)

වරාය අධිකාරිය පළමු ඉනිම පන්දුවාර 78.3දී කඩුලු 6ක් දැවී 300යි.

(යොහාන් ද සිල්වා 76, රමේෂ් නිමන්ත 67, සයිඩ් නසීර් 56, හස්රන් බොක්හාන් 43, චරිත් ලක්ෂාන් 45/3, අකලංක ගනේගම 26/2යි)

පානදුර – නාවික හමුදාව

මේ තරගයෙන් පානදුර කණ්ඩායම පළමු ඉනිමේදී ජය අත්විය.

පානදුර පළමු ඉනිම පන්දුවාර 113.1දී සියලුදෙනා දැවී 485යි 

(විශ්ව චතුරංග 177, කසිෆ් නවඩ් 81, හර්ෂ කුරේ 60, උමේෂ් කරුණාරත්න 48, රොෂාන් ජයතිස්ස 37,ඩී.අවුවාර්ඩ් 109/3, ඩී.ලේකම්ගේ 47/3, තරුෂ ප්‍රනාන්දු 50/2)

නාවික හමුදාව පළමු ඉනිම පන්දුවාර 57දී 192යි.

(සුපුන් ලීලාරත්න 35, ශලිත් ප්‍රනාන්දු 50,රොෂාන් ජයතිස්ස 98/8යි)

දෙවන ඉනිම පන්දුවාර 100දී කඩුලු 6ක් දැවී 243යි  

(තරුෂාන් ඉද්දමල්ගොඩ නොදැවී 81, සුපුන් ලීලාරත්න 57, ඩබ්ලිව් මයන්ත 40,චූලන ද සිල්වා 58/2)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar